පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු කෙනා (ඒ කරුණු තුනත්) මේ මලකඩ තුනත් අත්නොහැර සිටියොත්, ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහු නිරයෙහි උපදිනවා. කවර කරුණු තුනකින්ද? ඔහු දුස්සීලව ඉන්නවා. ඔහුගේ දුස්සීලකම නැමැති මලකඩ ප්‍රහීන වෙලත් නෑ. ඔහු ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. ඔහුගේ ඊර්ෂ්‍යාව නැමැති මලකඩ ප්‍රහීණ වෙලත් නෑ. ඔහු මසුරුකමෙන් ඉන්නවා. ඔහුගේ මසුරුකම නැමැති මලකඩ ප්‍රහීණ වෙලත් නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු තුනකින් යුතු කෙනා (ඒ කරුණු තුනත්) මේ මලකඩ තුනත් අත්නොහැර සිටියොත්, ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහු නිරයෙහි උපදිනවා.
පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුතු කෙනා (ඒ කරුණු තුනත්) මේ මලකඩ තුනත් අත්හැර සිටියොත්, ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහු සුගතියෙහි උපදිනවා. කවර කරුණු තුනකින්ද? ඔහු සිල්වත්ව ඉන්නවා. ඔහුගේ දුස්සීලකම නැමැති මලකඩ ප්‍රහීණ වෙලා තියෙනවා. ඔහු ඊර්ෂ්‍යාවෙන් තොරව ඉන්නවා. ඔහුගේ ඊර්ෂ්‍යාව නැමැති මලකඩ ප්‍රහීණ වෙලා තියෙනවා. ඔහු මසුරුකමෙන් තොරව ඉන්නවා. ඔහුගේ මසුරුකම නැමැති මලකඩ ප්‍රහීණ වෙලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ කරුණු තුනකින් යුතු කෙනා (ඒ කරුණු තුනත්) මේ මලකඩ තුනත් අත්හැර සිටියොත්, ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහු සුගතියෙහි උපදිනවා.
පළමුවෙනි බාල වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M