අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.1.5.5.

තීණිමානි භික්ඛවේ, පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානි. කතමානි තීණි? දානං භික්ඛවේ, පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. පබ්බජ්ජා භික්ඛවේ , පණ්ඩිතපඤ්ඤත්තා සප්පුරිසපඤ්ඤත්තා. මාතාපිතූනං භික්ඛවේ, උපට්ඨානං පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානීති.

පින්වත් මහණෙනි, නුවණැත්තන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, දානය යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්. පින්වත් මහණෙනි, පැවිදි බව යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්. පින්වත් මහණෙනි, මව්පියන්ට උපස්ථාන කිරීම යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්. පින්වත් මහණෙනි, මේ තමයි නුවණැත්තන් විසින් පණවන ලද, සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුන.

සබ්භි දානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ,
මාතාපිතුඋපට්ඨානං සන්තානං බ්‍රහ්මචාරිනං.

ශාන්ත වූ බ්‍රහ්මචාරී උතුමන්ට දන් දීම, මව්පිය උපස්ථානයද, අවිහිංසාවද, සීල සංයමයද, ඉන්ද්‍රිය සංවරයද, පණවන ලද්දේ සත්පුරුෂයන් විසිනුයි.

සතං ඒතානි ඨානානි යානි සේවේථ පණ්ඩිතෝ,
අරියෝ දස්සනසම්පන්නෝ ස ලෝකං භජතේ සිවන්ති.

නුවණැත්තා මේ කරුණුවලින් යුතු සත්පුරුෂයාව සේවනය කළ යුතුයි. එවිට ඒ ජීවිතාවබෝධයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා සුන්දර ලෝකයක් භජනය කරයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M