පින්වත් මහණෙනි, පිරිසිදුකම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙහි පිරිසිදුබව, වචනයෙහි පිරිසිදුබව හා සිතෙහි පිරිසිදුබවයි.
පින්වත් මහණෙනි, කයෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. සොරකමෙන් වැළකී සිටිනවා. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කයෙහි පිරිසිදු බව කියන්නේ.
පින්වත් මහණෙනි, වචනයෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කීමෙන් වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි වචනයෙහි පිරිසිදු බව කියන්නේ.
පින්වත් මහණෙනි, සිතෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළ කාමච්ඡන්දය තිබෙන විට, මා තුළ කාමච්ඡන්දය තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ කාමච්ඡන්දය නැතිවිට, මා තුළ කාමච්ඡන්දය නෑ කියලා දැනගන්නවා. යම් ආකාරයකින් නූපන් කාමච්ඡන්දයේ යම් ඉපදීමක් වෙනවාද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් උපන් කාමච්ඡන්දයේ ප්‍රහීණ වීමක් ඇද්ද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ප්‍රහීණ වූ කාමච්ඡන්දයේ නැවත හටගැනීමක් නැත්නම්, එයත් දැනගන්නවා.
තමා තුළ ද්වේෂය තිබෙන විට, මා තුළ ද්වේෂය තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ ද්වේෂය නැතිවිට, මා තුළ ද්වේෂය නෑ කියලා දැනගන්නවා. යම් ආකාරයකින් නූපන් ද්වේෂයේ යම් ඉපදීමක් වෙනවාද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් උපන් ද්වේෂයේ ප්‍රහීණ වීමක් ඇද්ද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ප්‍රහීණ වූ ද්වේෂයේ නැවත හටගැනීමක් නැත්නම්, එයත් දැනගන්නවා.
තමා තුළ නිදිමත හා අලසබව තිබෙන විට, මා තුළ නිදිමත හා අලසබව තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ නිදිමත හා අලසබව නැතිවිට, මා තුළ නිදිමත හා අලසබව නෑ කියලා දැනගන්නවා. යම් ආකාරයකින් නූපන් නිදිමත හා අලසබවෙහි යම් ඉපදීමක් වෙනවාද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් උපන් නිදිමත හා අලසබවෙහි ප්‍රහීණ වීමක් ඇද්ද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ප්‍රහීණ වූ නිදිමත හා අලසබවේ නැවත හටගැනීමක් නැත්නම්, එයත් දැනගන්නවා.
තමා තුළ සිතෙහි විසිරීමත් පසුතැවීමත් තිබෙන විට, මා තුළ සිතෙහි විසිරීමත් පසුතැවීමත් තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ සිතෙහි විසිරීමත් පසුතැවීමත් නැතිවිට, මා තුළ සිතෙහි විසිරීමත් පසුතැවීමත් නෑ කියලා දැනගන්නවා. යම් ආකාරයකින් නූපන්නා වූ සිතෙහි විසිරීම හා පසුතැවීමෙහි ඉපදීමක් වෙනවාද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ඉපදී තිබෙන සිතෙහි විසිරීම හා පසුතැවීමෙහි ප්‍රහීණ වීමක් ඇද්ද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ප්‍රහීණ වූ සිතෙහි විසිරීම හා පසුතැවීමෙහි නැවත හටගැනීමක් නැත්නම්, එයත් දැනගන්නවා.
තමා තුළ සැකය තිබෙන විට, මා තුළ සැකය තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ සැකය නැතිවිට, මා තුළ සැකය නෑ කියලා දැනගන්නවා. යම් ආකාරයකින් නූපන් සැකයේ යම් ඉපදීමක් වෙනවාද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් උපන් සැකයේ ප්‍රහීණ වීමක් ඇද්ද, එයත් දැනගන්නවා. යම් ආකාරයකින් ප්‍රහීණ වූ සැකයේ නැවත හටගැනීමක් නැත්නම්, එයත් දැනගන්නවා. පින්වත් මහණෙනි, මේකට තමයි සිතෙහි පිරිසිදු බව කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි පිරිසිදුකම් තුන.
කයෙන් පිරිසිදු වූ, වචනයෙන් පිරිසිදු වූ, සිතින් පිරිසිදු වූ, ආශ්‍රව රහිත වූ යන මේ අයුරින් පිරිසිදුභාවයෙන් යුක්ත වූ පිරිසිදු භික්ෂුව පව් සෝදාහැරියා කියලයි කියන්නේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M