අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.3.7. සන්තුට්ඨි සුත්තං

4.1.3.7. ලද දෙයින් සතුටු වීම ගැන වදාළ දෙසුම

“චත්තාරිමානි භික්ඛවේ, අප්පානි ච සුලභානි ච, අනවජ්ජානි තානි ච. කතමානි චත්තාරි?

මහණෙනි, අල්ප වූ ත්, සුලභ වූ ත් කරුණු සතරකි. එමෙන් ම ඒවා වරදින් තොර ය. ඒ කවර සතරක් ද යත්;

පංසුකූලං භික්ඛවේ, චීවරානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පිණ්ඩියාලෝපෝ, භික්ඛවේ, භෝජනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. රුක්ඛමූලං, භික්ඛවේ, සේනාසනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පූතිමුත්තං, භික්ඛවේ, භේසජ්ජානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං.

1. මහණෙනි, සිවුරු අතුරින් පාංශුකූල චීවරය අල්ප වූයේ ත්, සුලභ වූයේ ත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.

2. මහණෙනි, දානය අතුරින් පිඬු සිඟා යාමෙන් ලත් ආහරය අල්ප වූයේ ත්, සුලභ වූයේ ත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.

3. මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේ ත්, සුලභ වූයේ ත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.

4. මහණෙනි, ඖෂධ අතුරින් පූතිමුත්තය අල්ප වූයේ ත්, සුලභ වූයේ ත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.

ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි අප්පානි ච සුලභානි ච, තානි ච අනවජ්ජානි.

මහණෙනි, අල්ප වූ ත්, සුලභ වූ ත් කරුණු සතර මේවා ය. එමෙන් ම ඒවා වරදින් තොර ය.

යතෝ ඛෝ, භික්ඛවේ, භික්ඛු අප්පේන ච සන්තුට්ඨෝ හෝති සුලභේන ච, ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤංගන්ති වදාමී”ති.

මහණෙනි, යම් කලක භික්ෂුව අල්ප වූ ද, සුලභ වූ ද දැයෙන් සතුටු වන්නේ වෙයි ද, මෙය ඒ භික්ෂුවගේ එක්තරා ශ්‍රමණ ගුණයකැයි පවසමි.

(ගාථා)

“අනවජ්ජේන තුට්ඨස්ස, අප්පේන සුලභේන ච;
න සේනාසනමාරබ්භ, චීවරම්පානභෝජනං;
විඝාතෝ හෝති චිත්තස්ස, දිසා න පටිහඤ්ඤති.

දොස් රහිත වූ දෙයින් සතුටු වන භික්ෂුව හට අල්ප වූ ත්, සුලභ වූ ත් සෙනසුන් අරභයා වේවා චීවර අරභයා වේවා ආහාරපාන අරභයා වේවා පීඩාවක් ඇති නොවෙයි. ඔහුගේ සිත කවර දිශාවකින් වත් නොපෙළෙයි.

“යේ චස්ස ධම්මා අක්ඛාතා, සාමඤ්ඤස්සානුලෝමිකා;
අධිග්ගහීතා තුට්ඨස්ස, අප්පමත්තස්ස භික්ඛුනෝති.

ශ්‍රමණ ධර්මයට යෝග්‍ය වූ යම් ධර්මයක් පවසන ලද්දේ ද, ලද දෙයින් සතුටු වන අප්‍රමාදී වූ ඒ භික්ෂුව විසින් ඒ ධර්මයට අධිපතිභාවය පත්වයි.

සාදු! සාදු!! සාදු!!!

සන්තුට්ඨි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M