අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.2.4. නිරය සුත්තං

4.2.2.4. නිරය ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණෙකින් යුක්ත වූ තැනැත්තා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාම සේවනයෙන් යුක්ත වූයේ වෙයි. බොරු කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය.

(ගාථා)

1. සතුන් මැරීම ද, සොරකම් කිරීම ද, බොරු කීම ද, අන්‍ය ස්ත්‍රීන් කරා යාම ද යන මේ කරුණු සතරක් කියනු ලැබේ. මේවා නැණවත්හු කිසිදින ප්‍රශංසා නොකරති.

සාදු! සාදු!! සාදු!!!

නිරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M