☰
මහණෙනි, සතර කරුණක් පිළිබඳ ව අප්‍රමාදී ව කටයුතු කළ යුතුය. ඒ කවර සතර කරුණක් පිළිබඳ ව ද යත්;
1. මහණෙනි, කාය දුෂ්චරිතය අත්හැර දමනු. කාය සුචරිතය දියුණු කරනු. එහිලා ප්‍රමාද නොවෙනු.
2. මහණෙනි, වචී දුෂ්චරිතය අත්හැර දමනු. වචී සුචරිතය දියුණු කරනු. එහිලා ප්‍රමාද නොවෙනු.
3. මහණෙනි, මනෝ දුෂ්චරිතය අත්හැර දමනු. මනෝ සුචරිතය දියුණු කරනු. එහිලා ප්‍රමාද නොවෙනු.
4. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය අත්හැර දමනු. සම්‍යක් දෘෂ්ටිය දියුණු කරනු. එහිලා ප්‍රමාද නොවෙනු.
මහණෙනි, යම් විටෙක භික්ෂුවගේ කාය දුෂ්චරිතය ප්‍රහීණ වූයේ වෙයි ද, කාය සුචරිතය දියුණු වූයේ වෙයි ද, වාක් දුෂ්චරිතය ප්‍රහීණ වූයේ වෙයි ද, වාක් සුචරිතය දියුණු වූයේ වෙයි ද, මනෝ දුෂ්චරිතය ප්‍රහීණ වූයේ වෙයි ද, මනෝ සුචරිතය දියුණු වූයේ වෙයි ද, වැරදි දෘෂ්ටිය ප්‍රහාණය වූයේ වෙයි ද, සම්මා දිට්ඨිය දියුණු වූයේ වෙයි ද, ඔහු පරලොව යන මරණයට බියපත් නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
අප්පමාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M