මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….
මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. ….(පෙ)…. වැරදි ඥානය ඇත්තේ වෙයි. වැරදි විමුක්තිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් වැරදි ඥානය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි ඥානයෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි විමුක්තිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි විමුක්තියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. ….(පෙ)…. නිවැරදි ඥානය ඇත්තේ වෙයි. නිවැරදි විමුක්තිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් නිවැරදි ඥානය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි ඥානයෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි විමුක්තිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි විමුක්තියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
ඡට්ඨ සප්පුරිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M