මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි නම් ඔහුට මෙලොව දී ම හේතු සහිත ව ගැරහීමට ලක්වෙන කරුණු පහක් තමා කරා පැමිණෙන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;
“ඔබට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ද නොතිබුණේ ය. කුසල් දහම් පිරිහීම පිළිබඳ ව ලැජ්ජාව ද නොතිබුණේ ය. කුසල් දහම් පිරිහීම පිළිබඳ ව භය ද නොතිබුණේ ය. කුසල් දහම් වැඩීමට වීරිය ද නොතිබුණේ ය. කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ද නොතිබුණේ ය.”
මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි නම් ඔහුට මෙලොව දී ම හේතු සහිත ව ගැරහීමට ලක්වෙන මේ කරුණු පහ තමා කරා පැමිණෙන්නේ වෙයි.
මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, දුකෙනුත් යුක්ත ව, දොම්නසිනුත් යුක්ත ව, කඳුළු වැකුණු මුහුණින් යුතුව, හඬමින් පිරිපුන් කොට පිරිසිදු ලෙස බඹසරෙහි හැසිරෙයි ද, ඔහුට මෙලොව දී ම හේතු සහිත ව ප්‍රශංසාවට ලක්වෙන කරුණු පහක් තමා කරා පැමිණෙන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;
“ඔබට කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාව ද තිබුණේ ය. කුසල් දහම් පිරිහීම පිළිබඳ ව ලැජ්ජාව ද තිබුණේ ය. කුසල් දහම් පිරිහීම පිළිබඳ ව භය ද තිබුණේ ය. කුසල් දහම් වැඩීමට වීරිය ද තිබුණේ ය. කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාව ද තිබුණේ ය.”
මහණෙනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, දුකෙනුත් යුක්ත ව, දොම්නසිනුත් යුක්ත ව, කඳුළු වැකුණු මුහුණින් යුතුව, හඬමින් පිරිපුන් කොට පිරිසිදු ලෙස බඹසරෙහි හැසිරෙයි ද, ඔහුට මෙලොව දී ම හේතු සහිත ව ප්‍රශංසාවට ලක්වෙන මේ කරුණු පහ තමා කරා පැමිණෙන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සික්ඛාපච්චක්ඛාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M