අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.3.9. චංකමානිසංස සුත්තං

5.1.3.9. සක්මන් භාවනාවෙහි අනුසස් ගැන වදාළ දෙසුම

මහණෙනි, සක්මන් භාවනාවෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

බොහෝ දුර ගමන් යෑම ඉවසිය හැක්කේ ය. ප්‍රධන් වීර්යය ඉවසිය හැක්කේ ය. අල්පාබාධ බව ඇත්තේ ය. වළඳන ලද, පානය කරන ලද, අනුභව කරන ලද, රස විඳින ලද දෙය මනාකොට දිරවා යන්නේ ය. සක්මනෙහි ඇති කරගත් සමාධිය බොහෝ කල් තිබෙන්නේ ද වෙයි.

මහණෙනි, සක්මන් භාවනාවෙහි මේ අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

චංකමානිසංස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M