☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව අනාපානසති භාවනාව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අල්ප දෙයින් යුක්ත වූයේ වෙයි. අල්ප කටයුතු ඇත්තේ වෙයි. පහසුවෙන් පෝෂණය කළ හැක්කේ වෙයි. ජීවත් වීමට ලැබෙන දේ කෙරෙහි හොඳින් සංතෝෂ වන්නේ වෙයි.
අල්පාහාර ඇත්තේ වෙයි. කුස පිරී යන තෙක් ම ආහාර නොගන්නේ වෙයි.
අල්ප නින්ද ඇත්තේ වෙයි. නිදි වැරීමෙහි යුක්ත වූයේ වෙයි.
කෙලෙස් ගැලවී යන, දහම් මගට රුකුල් දෙන යම් ඒ කථාවන් ඇද්ද, එනම්, තම ගුණ ප්‍රකට නොකිරීම ගැන කථාව, ….(පෙ)…. මෙබඳු වූ කථාවන් කැමති සේ ලබන්නේ වෙයි. සුව සේ, බොහෝ සෙයින් ලබන්නේ වෙයි.
සිත විමුක්තියට පත් වූයේ යම් අයුරින් ද එය ප්‍රත්‍යවේක්ෂා කරයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනාපානසති භාවනාව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය අකුප්ප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M