සැවැත් නුවර දී ය …..
“මහණෙනි, යම් චක්‍රවර්තී රජෙක් ධාර්මික වූයේ ධර්මරාජ වූයේ, හේ පවා රජෙකුගෙන් තොර ව ආඥා චක්‍රය නොපවත්වන්නේ ය.”
මෙසේ වදාළ කල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.
“ස්වාමීනී, ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්තී රජු හට රාජයා වූයේ කවරෙක් ද?”
“ධර්මය යි භික්ෂුව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භික්ෂුව, මෙහිලා ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්තී රජු ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නමැති කොඩිය ඇති ව, ධර්මය නැමති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට ඇතුළු නුවර ජනයා කෙරෙහි ධාර්මික වූ රැකවරණ ආරක්ෂා සංවිධාන කරයි.
තව ද භික්ෂුව, මෙහිලා ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්තී රජු ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නමැති කොඩිය ඇති ව, ධර්මය නැමති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට රජුගෙන් යැපෙන ක්ෂත්‍රියයන් කෙරෙහි ද, බලසේනා කෙරෙහි ද, බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ද, නිගම ජනපදවාසීන් කෙරෙහි ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ද, මෘග පක්ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රැකවරණ ආරක්ෂා සංවිධාන කරයි.
භික්ෂුව, ඒ ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්තී රජු ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නමැති කොඩිය ඇති ව, ධර්මය නැමති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට ඇතුළු නුවර ජනයා කෙරෙහි ධාර්මික වූ රැකවරණ ආරක්ෂා සංවිධාන කොට, රජුගෙන් යැපෙන ක්ෂත්‍රියයන් කෙරෙහි ද, බලසේනා කෙරෙහි ද, බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ද, නිගම ජනපදවාසීන් කෙරෙහි ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ද, මෘග පක්ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රැකවරණ ආරක්ෂා සංවිධාන කොට, ධර්මයෙන් ම ආඥා චක්‍රය පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ සතුරු ප්‍රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.
එසෙයින් ම භික්ෂුව, ධාර්මික වූ ධර්මරාජ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නැමති කොඩිය ඇති ව, ධර්මය නමැති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට භික්ෂූන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කරයි. එනම් ‘මෙබඳු වූ කාය කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ කාය කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ වචී කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ වචී කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ මනෝ කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ මනෝ කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ ජීවිකාව සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ ජීවිකාව සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ ගම් නියම්ගම් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ ගම් නියම්ගම් සේවනය නොකළ යුත්තේ ය.’
තව ද භික්ෂුව, ධාර්මික වූ ධර්මරාජ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නමැති කොඩිය ඇති ව, ධර්මය නමැති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට භික්ෂුණීන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කරයි. ….(පෙ)…. උපාසකයන් කෙරෙහි ….(පෙ)…. උපාසිකාවන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කරයි. එනම් ‘මෙබඳු වූ කාය කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ කාය කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ වචී කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ වචී කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ මනෝ කර්මයන් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ මනෝ කර්මයන් සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ ජීවිකාව සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ ජීවිකාව සේවනය නොකළ යුත්තේ ය. මෙබඳු වූ ගම් නියම්ගම් සේවනය කළ යුත්තේ ය. මෙබඳු වූ ගම් නියම්ගම් සේවනය නොකළ යුත්තේ ය.’
භික්ෂුව, ඒ ධාර්මික වූ ධර්මරාජ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය ම ඇසුරු කොට, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගෞරව කොට, ධර්මයට ම බුහුමන් කොට, ධර්මය නමැති කොඩිය ඇති ව, ධර්මය නමැති කේතුව ඇති ව, ධර්මය අධිපති කොට භික්ෂූන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කොට, භික්ෂුණීන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කොට, උපාසකයන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා රැකවරණ සංවිධාන කොට, උපාසිකාවන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂා
රැකවරණ සංවිධාන කොට, ධර්මයෙන් ම අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරති. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.
සාදු! සාදු!! සාදු!!!
ධම්මරාජ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M