සැවැත් නුවර දී ය …..
මහණෙනි, රජුගේ හස්තිරාජයා පස් කරුණකින් සමන්විත වූයේ බොහෝ බත් අනුභව කරන්නේ ද වෙයි. අන්‍යයන්ට බාධා වන සේ ඉඩ අවුරා සිටින්නේ ද වෙයි. තැන තැන බෙටි දමන්නේ වෙයි. ඇතුන් ගණින තැන ඉදිරියෙන් සිටින්නේ වෙයි. මොහු රජුගේ හස්තියා ම යන සංඛ්‍යාවට යයි. ඒ කවර කරුණු පසකින් ද?
මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා රූපයන් නොඉවසන්නේ වෙයි. ශබ්දයන් නොඉවසන්නේ වෙයි. ගන්ධයන් නොඉවසන්නේ වෙයි. රසයන් නොඉවසන්නේ වෙයි. ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.
මහණෙනි, රජුගේ හස්තිරාජයා මේ පස් කරුණෙන් සමන්විත වූයේ බොහෝ බත් අනුභව කරන්නේ ද වෙයි. අන්‍යයන්ට බාධා වන සේ ඉඩ අවුරා සිටින්නේ ද වෙයි. තැන තැන බෙටි දමන්නේ වෙයි. ඇතුන් ගණින තැන ඉදිරියෙන් සිටින්නේ වෙයි. මොහු රජුගේ හස්තියා ම යන සංඛ්‍යාවට යයි.
එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත භික්ෂුව බොහෝ බත් අනුභව කරන්නේ ද වෙයි. අන්‍යයන්ට බාධා වන සේ ඉඩ අවුරා සිටින්නේ ද වෙයි. ඇඳ පුටු මඬින්නේ වෙයි. දානයට සංඝයා ගණින තැන ඉදිරියෙන් සිටින්නේ වෙයි. මොහු ද භික්ෂුවක් ය යන සංඛ්‍යාවට යයි. ඒ කවර කරුණු පසකින් ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව රූපයන් නොඉවසන්නේ වෙයි. ශබ්දයන් නොඉවසන්නේ වෙයි. ගන්ධයන් නොඉවසන්නේ වෙයි. රසයන් නොඉවසන්නේ වෙයි. ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත භික්ෂුව බොහෝ බත් අනුභව කරන්නේ ද වෙයි. අන්‍යයන්ට බාධා වන සේ ඉඩ අවුරා සිටින්නේ ද වෙයි. ඇඳ පුටු මඬින්නේ වෙයි. දානයට සංඝයා ගණින තැන ඉදිරියෙන් සිටින්නේ වෙයි. මොහු ද භික්ෂුවක් ය යන සංඛ්‍යාවට යයි.
සාදු! සාදු!! සාදු!!!
භත්තාදක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M