☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, කරුණු පසකින් සමන්විත වූ රජුගේ සොඳුරු වූ ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට යයි. ඒ කවර පසකින් ද යත්;
අවංක භාවයෙනි, වේගවත් පා ගමනෙනි, මෘදු භාවයෙනි, ඉවසීමෙනි, කීකරුකමෙනි.
මහණෙනි, මේ කරුණු පසෙන් සමන්විත වූ රජුගේ සොඳුරු වූ ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, කරුණු පසකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
ඍජු වූ අවංකකමෙනි, වේගවත් ප්‍රඥාවෙනි, මෘදු සීල ගුණයෙනි, ඉවසීමෙනි, කීකරුකමෙනි.
මහණෙනි, මේ කරුණු පසෙන් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ආජානීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M