අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.3.10. දුතිය කණ්හසප්ප සුත්තං

5.5.3.10. කළු නයා ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, කළු නයාගේ මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

ක්‍රෝධ ඇත්තේ වෙයි. බද්ධ වෛර ඇත්තේ වෙයි. ඝෝර විෂ ඇත්තේ වෙයි. දිව දෙකක් ඇත්තේ වෙයි. මිත්‍රද්‍රෝහී වූයේ වෙයි.

මහණෙනි, මේ වනාහී කළු නයාගේ ආදීනව පස යි.

එසෙයින් ම මහණෙනි, ස්ත්‍රියගේ මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;

ක්‍රෝධ ඇත්තී වෙයි. බද්ධ වෛර ඇත්තී වෙයි. ඝෝර විෂ ඇත්තී වෙයි. දිව දෙකක් ඇත්තී වෙයි. මිත්‍රද්‍රෝහී වූවා වෙයි.

මහණෙනි, එහිලා ස්ත්‍රියගේ ඝෝර විෂ යනු මෙය යි. මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය දරුණු රාග ඇත්තී ය. මහණෙනි, එහිලා ස්ත්‍රියගේ දිව දෙකක් තිබීම යනු මෙය යි. මහණෙනි, ස්ත්‍රිය බොහෝ සෙයින් කේලාම් කියන්නී ය. මහණෙනි, එහිලා ස්ත්‍රියගේ මිත්‍රද්‍රෝහී බව යනු මෙය යි. මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය සැමියා ඉක්මවා යන්නී වෙයි.

මහණෙනි, මේ වනාහී ස්ත්‍රියගේ ආදීනව පස යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය කණ්හසප්ප සූත්‍රය නිමා විය.

තුන් වෙනි දීඝචාරික වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

දීඝචාරික සූත්‍ර දෙක, අතිනිවාස සූත්‍රය, මච්ඡරී සූත්‍රය, කුලූපග සූත්‍ර දෙක, භෝග සූත්‍රය, උස්සූරභත්ත සූත්‍රය සහ කණ්හසප්ප සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M