අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.1.5. පඨමාජානීයසුත්තං

6.1.1.5. ආජානේය අශ්වයා ගැන වදාළ පළමු දෙසුම

සාවත්ථිනිදානං ……………….

සැවැත් නුවර දී ය ……………….

ඡහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ, රඤ්ඤෝ අංගන්ත්වේව සංඛං ගච්ඡති. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි. ඒ කවර කරුණු සයකින් ද යත්;

ඉධ භික්ඛවේ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ ඛමෝ හෝති රූපානං, ඛමෝ සද්දානං, ඛමෝ ගන්ධානං, ඛමෝ රසානං, ඛමෝ ඵොට්ඨබ්බානං, වණ්ණසම්පන්නෝ ච හෝති.

මහණෙනි, මෙහිලා රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රූපයන් ඉවසයි, ශබ්දයන් ඉවසයි, ගන්ධයන් ඉවසයි, රසයන් ඉවසයි, පහසවල් ඉවසයි, මනා පැහැයෙන් යුක්ත වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ, රඤ්ඤෝ අංගන්ත්වේව සංඛං ගච්ඡති.

මහණෙනි, මේ සය කරුණෙන් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි.

ඒවමේව ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති ….(පෙ)…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේහි ඡහි:

මේ අයුරින් ම මහණෙනි, සය ධර්මයකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර සය දහමකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු ඛමෝ හෝති රූපානං, ඛමෝ සද්දානං, ඛමෝ ගන්ධානං, ඛමෝ රසානං, ඛමෝ ඵොට්ඨබ්බානං, ඛමෝ ධම්මානං.

මහණෙනි, මෙහිලා භික්ෂුව රූපයන් ඉවසයි, ශබ්දයන් ඉවසයි, ගන්ධයන් ඉවසයි, රසයන් ඉවසයි, පහසවල් ඉවසයි, අරමුණු ඉවසයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති ….(පෙ)…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම ආජානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M