සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ නොපිරිහෙන කරුණු සයක් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේය ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, නොපිරිහීම ඇති කරවන සය කරුණ මොනවා ද? බාහිර වැඩ කටයුතුවල නොඇලීම ය. කතාවෙහි නොඇලීම ය. නින්දෙහි නොඇලීම ය. පිරිස් සමඟ නොඇලී වාසය කිරීම ය. කීකරුකම ය. කලණ මිතුරන් ඇසුර ය. මහණෙනි, මේ වනාහී නොපිරිහීම ඇති කරවන සය කරුණ යි.
මහණෙනි, යම් කිසිවෙක් අතීත කාලයෙහි කුසල් දහම්වලින් නොපිරිහී ගියාහු ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් නොපිරිහී ගියාහු ය. මහණෙනි, යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහම්වලින් නොපිරිහී යන්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් නොපිරිහී යන්නාහු ය. මහණෙනි, යම් කිසිවෙක් මේ කාලයෙහි කුසල් දහම්වලින් නොපිරිහී යත් ද, ඒ සියල්ලෝ ම මේ සය කරුණ හේතුවෙන් කුසල් දහම්වලින් නොපිරිහී යති.
සාදු! සාදු!! සාදු!!!
අපරිහානීයධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M