අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.3.5. අනුස්සතිට්ඨාන සුත්තං

6.1.3.5. සිහි කළ යුතු අරමුණු ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …….

සැවැත් නුවර දී ය …….

ඡයිමානි භික්ඛවේ අනුස්සති ඨානානි. කතමානි ඡ:

මහණෙනි, සිහි කළ යුතු අරමුණු සයකි. ඒ කවර සයක් ද යත්;

(1) ඉධ භික්ඛවේ අරියසාවකෝ තථාගතං අනුස්සරති: “ඉතිපි සෝ භගවා අරහං ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා”ති.

යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ තථාගතං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති.

1. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් සිහි කරයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තථාගතයන් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, තථාගතයන් වහන්සේගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

(2) පුන ච පරං භික්ඛවේ අරියසාවකෝ ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ….(පෙ)…. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.”

යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ ධම්මං අනුස්සරති. නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ‘ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති.

2. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත වන සේක. ….(පෙ)…. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන සේක’ යනුවෙනි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ධර්මය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, ධර්මයේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

(3) පුන ච පරං භික්ඛවේ අරියසාවකෝ සංඝං අනුස්සරති: “සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ….(පෙ)…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති”. යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ සංඝං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති.

3. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා සිහි කරයි. එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්න වන සේක. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වන සේක’ යනුවෙනි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සංඝයා සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, සංඝයාගේ ගුණ අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

(4) පුන ච පරං භික්ඛවේ අරියසාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති: අඛණ්ඩානි ….(පෙ)…. සමාධිසංවත්තනිකානි. යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ සීලං අනුස්සරති. නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති.

4. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ සිල් සිහි කරයි. එනම් ‘කඩ නොවූ ත්, ….(පෙ)…. සමාධිය පිණිස පවතින්නා වූ ත් තමාගේ සිල් සිහි කරයි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක සීලය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, සීලය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

(5) පුන ච පරං භික්ඛවේ අරියසාවකෝ අත්තනෝ චාගං අනුස්සරති: “ලාභා වත මේ සුලද්ධං වත මේ ….(පෙ)…. යාචයෝගෝ දානසංවිභාගරතෝති ….(පෙ)…. යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ චාගං අනුස්සරති. නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති.

5. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. එනම් ‘ඒකාන්තයෙන් ම මට ලාභයකි. ඒකාන්තයෙන් ම මට මනා වූ ලැබීමකි. ….(පෙ)…. අනුන්ගේ ඉල්ලීමට සුදුස්සෙක්මි. දන් බෙදීමෙහි ඇලී සිටිමි’ යි තම ත්‍යාග ගුණය සිහි කරයි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ත්‍යාගය සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, ත්‍යාගය අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

(6) පුන ච පරං භික්ඛවේ අරියසාවකෝ දේවතා අනුස්සරති: සන්ති දේවා චාතුමහාරාජිකා, සන්ති දේවා තාවතිංසා, සන්ති දේවා යාමා, සන්ති දේවා තුසිතා, සන්ති දේවා නිම්මාණරතිනෝ, සන්ති දේවා පරනිම්මිතවසවත්තිනෝ, සන්ති දේවා බ්‍රහ්මකායිකා, සන්ති දේවා තතුත්තරිං, යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපේන සීලේන ….(පෙ)…. සුතේන ….(පෙ)…. චාගේන ….(පෙ)…. පඤ්ඤාය සමන්නාගතා තා දේවතා ඉතෝ චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති ….(පෙ)…. යස්මිං භික්ඛවේ සමයේ අරියසාවකෝ අත්තනෝ ච තාසං ච දේවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාගපරියුට්ඨිතං චිත්තං හෝති, න දෝසපරියුට්ඨිතං චිත්තං හෝති, න මෝහපරියුට්ඨිතං චිත්තං හෝති, උජුගතමේවස්ස තස්මිං සමයේ චිත්තං හෝති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගේධම්හා. ගේධෝති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛෝ භික්ඛවේ ආරම්මණං කරිත්වා ඒවමිධේකච්චේ සත්තා විසුජ්ඣන්ති. ඉමානි ඛෝ භික්ඛවේ ඡ අනුස්සති ඨානානීති.

6. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ දේවතානුස්සතිය වඩයි. එනම් ‘චාතුර්මහාරාජික දෙවිවරු ඇත්තාහ. තව්තිසාවැසි දෙවිවරු ඇත්තාහ. යාම දෙවිවරු ඇත්තාහ. තුසිත දෙවිවරු ඇත්තාහ. නිම්මාණරතී දෙවිවරු ඇත්තාහ. පරනිම්මිත වසවත්තී දෙවිවරු ඇත්තාහ. බ්‍රහ්මකායික දෙවිවරු ඇත්තාහ. එයටත් ඉහළ තලවල දෙවිවරු ඇත්තාහ. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ශ්‍රද්ධාවක් දකින්නට ලැබෙයි. යම්බඳු වූ සීලයකින් ….(පෙ)…. යම්බඳු වූ ශ්‍රැතයකින් ….(පෙ)…. යම්බඳු වූ ත්‍යාගයකින් ….(පෙ)…. යම්බඳු වූ ප්‍රඥාවකින් යුතු ඒ දෙවිවරු මේ මනුලොවින් චුත ව එහි උපන්නාහු නම් මා තුළ ද එබඳු වූ ප්‍රඥාවක් දකින්නට ලැබෙයි’ යනුවෙනි. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් කලෙක තමාගේ ත්, ඒ දෙවියන්ගේ ත් ශ්‍රද්ධාව ත්, සීලය ත්, ශ්‍රැතය ත්, ත්‍යාගය ත්, ප්‍රඥාව ත් සිහි කරයි නම්, එසමයෙහි ඔහු තුළ රාගයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. ද්වේෂයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. මෝහයෙන් යට කොට ගත් සිතක් නැත්තේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මුණේ, මිදුණේ, නැගී සිටියේ, දෙවියන් අරභයා ඍජු බවට පත්වූයේ වෙයි. මහණෙනි, ගේධ යනු මෙය පංචකාම ගුණයන්ට කියන්නා වූ නමකි. මහණෙනි, මෙය ත් අරමුණු කොට මෙහිලා ඇතැම් සත්වයෝ මෙසේ පිරිසිදු වෙති.

මහණෙනි, මේ වනාහී සිහි කළ යුතු අරමුණු සය යි.

සාදු! සාදු!! සාදු!!!

අනුස්සතිට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M