අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.2.7. සක්ඛිභබ්බ සුත්තං

6.2.2.7. ප්‍රත්‍යක්ෂ කරන්නට හැක්කේ ය යනුවෙන් වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනේ. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව එයට උපකාරවන කරුණු තිබිය දී ත් ඒ ඒ විශේෂ ගුණයෙන් ප්‍රත්‍යක්ෂ බවක් ඇති කරගන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර සයකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු “ඉමේ හානභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමේ ඨිතිභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමේ විසේසභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමේ නිබ්බේධභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති”, අසක්කච්චකාරී ච හෝති අසප්පායකාරී ච.

මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මේවා පිරිහීම පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම නොදන්නේ ය. ‘මේවා කුසල් පිහිටා සිටීම පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම නොදන්නේ ය. ‘මේවා විශේෂත්වය පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම නොදන්නේ ය. ‘මේවා විනිවිද වැටහෙන නුවණ පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම නොදන්නේ ය. සකස් කොට නොකරන්නේ ද වෙයි. සප්පාය නොවන දේ කරන්නේ ද වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනේ.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව එයට උපකාරවන කරුණු තිබිය දී ත් ඒ ඒ විශේෂ ගුණයෙන් ප්‍රත්‍යක්ෂ බවක් ඇති කරගන්නට හැකියාව නැත්තේ ය.

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනේ. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව එයට උපකාරවන කරුණු තිබෙන විට ඒ ඒ විශේෂ ගුණයෙන් ප්‍රත්‍යක්ෂ බවක් ඇති කරගන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර සයකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු “ඉමේ හානභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමේ ඨිතිභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමේ විසේසභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමේ නිබ්බේධභාගියා ධම්මාති යථාභූතං පජානාති”, සක්කච්චකාරී ච හෝති සප්පායකාරී ච.

මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මේවා පිරිහීම පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම දන්නේ ය. ‘මේවා කුසල් පිහිටා සිටීම පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම දන්නේ ය. ‘මේවා විශේෂත්වය පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම දන්නේ ය. ‘මේවා විනිවිද වැටහෙන නුවණ පිණිස ඇති ධර්මයෝ ය’ යැයි ඒ වූ සැටියෙන් ම දන්නේ ය. සකස් කොට කරන්නේ ද වෙයි. සප්පාය දේ කරන්නේ ද වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනේති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව එයට උපකාරවන කරුණු තිබෙන විට ඒ ඒ විශේෂ ගුණයෙන් ප්‍රත්‍යක්ෂ බවක් ඇති කරගන්නට හැකියාව ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සක්ඛිභබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M