අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.3.1. දුක්ඛ සුත්තං

6.2.3.1. දුක ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භේදා පරම්මරණා දුග්ගති පාටිකංඛා. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම පීඩා සහිත ව, තැවිලි සහිත ව, දැවිලි සහිත ව දුක සේ වාසය කරයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුත්තේ ය. ඒ කවර කරුණු සයකින් ද යත්;

කාමවිතක්කේන, ව්‍යාපාදවිතක්කේන, විහිංසාවිතක්කේන, කාමසඤ්ඤාය, ව්‍යාපාදසඤ්ඤාය, විහිංසාසඤ්ඤාය.

කාම විතර්කයෙනි, ව්‍යාපාද විතර්කයෙනි, විහිංසා විතර්කයෙනි, කාම සංඥාවෙනි, ව්‍යාපාද සංඥාවෙනි, විහිංසා සංඥාවෙනි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භේදා පරම්මරණා දුග්ගති පාටිකංඛා.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම පීඩා සහිත ව, තැවිලි සහිත ව, දැවිලි සහිත ව දුක සේ වාසය කරයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුත්තේ ය.

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භේදා පරම්මරණා සුගති පාටිකංඛා. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම පීඩා රහිත ව, තැවිලි රහිත ව, දැවිලි රහිත ව සැප සේ වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුත්තේ ය. ඒ කවර කරුණු සයකින් ද යත්;

නෙක්ඛම්මවිතක්කේන, අව්‍යාපාදවිතක්කේන, අවිහිංසාවිතක්කේන, නෙක්ඛම්මසඤ්ඤාය, අව්‍යාපාදසඤ්ඤාය, අවිහිංසාසඤ්ඤාය.

නෙක්ඛම්ම විතර්කයෙනි, අව්‍යාපාද විතර්කයෙනි, අවිහිංසා විතර්කයෙනි, නෙක්ඛම්ම සංඥාවෙනි, අව්‍යාපාද සංඥාවෙනි, අවිහිංසා සංඥාවෙනි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භේදා පරම්මරණා සුගති පාටිකංඛාති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම පීඩා රහිත ව, තැවිලි රහිත ව, දැවිලි රහිත ව සැප සේ වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M