අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.3.6. මහන්තත්ත සුත්තං

6.2.3.6. මහත් බව ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු න චිරස්සේව මහන්තත්තං වේපුල්ලත්තං පාපුණාති ධම්මේසු. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව වැඩිකල් නොයා ම ධර්මය තුළ මහත් බවට, විපුල බවට පැමිණෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු ආලෝකබහුලෝ ච හෝති, යෝගබහුලෝ ච හෝති, වේදබහුලෝ ච හෝති, අසන්තුට්ඨිබහුලෝ ච හෝති, අනික්ඛිත්තධුරෝ ච කුසලේසු ධම්මේසු, උත්තරිඤ්ච පතාරේති.

මහණෙනි, මෙහිලා භික්ෂුව ආලෝකය බහුල කොට ඇත්තේ වෙයි. භාවනාවෙහි යෙදීම බහුල කොට ඇත්තේ වෙයි. ධර්මයේ හැසිරීමෙන් ලබන ප්‍රීතිය බහුල කොට ඇත්තේ වෙයි. කුසල් දහම්හි සෑහීමකට පත් නොවීම බහුල කොට ඇත්තේ වෙයි. කුසල් දහම්හි අත්නොහරින වීරිය ඇත්තේ වෙයි. මත්තෙහි ත් යළි යළි ත් වීරිය කරයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු න චිරස්සේව මහන්තත්තං වේපුල්ලත්තං පාපුණාති ධම්මේසූ’ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව වැඩිකල් නොයා ම ධර්මය තුළ මහත් බවට, විපුල බවට පැමිණෙයි.

සාදු! සාදු!! සාදු!!!

මහන්තත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M