අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.1.3. සංඛිත්ත සත්ත බල සුත්තං

7.1.1.3. සංක්ෂේපයෙන් සත් බලයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ බල සතකි. ඒ කවර සතක් ද යත්;

ශ්‍රද්ධා බලය, විරිය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, සති බලය, සමාධි බලය සහ ප්‍රඥා බලය යි.

මහණෙනි, මේ වනාහී බල සත යි.

(ගාථා)

1. ශ්‍රද්ධා බලය, විරිය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, සති බලය, සමාධි බලය සහ සත්වෙනි ප්‍රඥා බලය යි. මෙයින් බලවත් වූ නුවණැති භික්ෂුව සැප සේ වසයි.

2. හේ නුවණ යොදා ධර්මය විමසන්නේ ය. එහි අරුත් ප්‍රඥාවෙන් විදර්ශනා කරන්නේ ය. පහනක් නිවී යන සෙයින් සිතින් විමෝක්ෂය සාක්ෂාත් කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සංඛිත්ත සත්ත බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M