☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිශංස වෙති. නිවනට බැසගත්තාහු, නිවනින් අවසන් වන්නාහු වෙති. ඒ කවර සතක් ද යත්;
අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, අනිත්‍ය සංඥාව ය, අනිත්‍යයෙහි දුක් සංඥාව ය, දුකෙහි අනාත්ම සංඥාව ය.
මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිශංස වෙති. නිවනට බැසගත්තාහු, නිවනින් අවසන් වන්නාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M