☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ බල අටකි. ඒ කවර අට බලයක් ද යත්;
මහණෙනි, සිඟිත්තෝ හැඬීම බලය කොට ඇත්තෝ ය. ස්ත්‍රිය ක්‍රෝධය බලය කොට ඇත්තී ය. සොරු ආයුධ බලය කොට ඇත්තෝ ය. රජවරු ඉසුරු බලය කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස් වීම බලය කොට ඇත්තෝ ය. නුවණැත්තෝ යහපත – අයහපත තේරුම් ගැනීම බලය කොට ඇත්තෝ ය. බහුශ්‍රැතයෝ නුවණින් විමසා බැලීම බලය කොට ඇත්තෝ ය. ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉවසීම බලය කොට ඇත්තෝ ය.
මහණෙනි. මේ වනාහී අටක් වූ බලයන් ය.
සාදු! සාදු!! සාදු!!!
බල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M