☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ දාන අටකි. ඒ කවර අටක් ද යත්;
ළඟට පැමිණ දන් දෙයි. භය නිසා දන් දෙයි. මට දුන්නේ ය කියා දන් දෙයි. මට දෙන්නේ ය කියා දන් දෙයි. දන් දීම මැනැවැයි කියා දන් දෙයි. ‘මම ආහාර පිසිමි. මොවුහු නොපිසිති. ආහාර පිසන්නෙම් නොපිසන්නවුන්ට නොදී සිටීම නුසුදුසු වෙමි’ යි දන් දෙයි. ‘මේ දානය දෙන මාගේ කල්යාණ කීර්ති ඝෝෂාව උස් ව පැතිරෙන්නේ යැ’යි දන් දෙයි. සමථ විදර්ශනා සිතෙහි අලංකාරය පිණිස දන් දෙයි.
මහණෙනි, මේ වනාහී දාන අට යි.
සාදු! සාදු!! සාදු!!!
දාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M