අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.10. ආඝාතපටිවිනය සුත්තං

9.1.3.10. වෛර බැඳීම දුරුකිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ වෛර බැඳීම දුරුකිරීම පිණිස ඇති කරුණු නවයකි. ඒ කවර නවයක් ද යත්;

පෙර මට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

මහණෙනි, මේ වනාහී වෛර බැඳීම දුරුකිරීම පිණිස ඇති කරුණු නවය යි.

සාදු! සාදු!! සාදු!!!

ආඝාතවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M