සැවැත් නුවර දී ය ………………
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වැඩවෙසෙන සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත් සේක. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැකි ද? එනම් යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”
“එසේ ය ආනන්දයෙනි, යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකි ය.”
“ස්වාමීනී, කෙසේ නම් භික්ෂුවකට එබඳු සමාධියක් ලැබිය හැකි ද? එනම් යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, කෙසේ නම් එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකි ද?”
“ආනන්දය, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවක් ඇද්ද, නොඇල්මට පත් වූ බවක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එය යි.’
ආනන්දය, මෙබඳු වූ සමාධි ප්‍රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.”
සාදු! සාදු!! සාදු!!!
සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M