අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.4. මහාචුන්ද සුත්තං

10.1.3.4. මහා චුන්ද තෙරුන් වදාළ දෙසුම

එක් සමයෙක් හි ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ චේතිය ජනපදයෙහි සහජාතියෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ආයුෂ්මතුනි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ මෙය පැවසූහ.

“ආයුෂ්මත්නි, භික්ෂුවක් ‘මේ ධර්මය මම් දන්නෙක්මි, මේ ධර්මය මම් දක්නෙක්මි’ යි අවබෝධය ඇති වූ බව කියන්නේ වෙයි. එනමුදු ආයුෂ්මත්නි, ඉදින් ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවේ ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි.

ආයුෂ්මත්නි, භික්ෂුවක් ‘මම භාවිත කය ඇති කෙනෙක්මි, මම භාවිත සිල් ඇති කෙනෙක්මි. මම භාවිත සිත් ඇති කෙනෙක්මි. මම භාවිත ප්‍රඥා ඇති කෙනෙක්මි’ යි භාවනාව දියුණු වූ බව කියන්නේ වෙයි. එනමුදු ආයුෂ්මත්නි, ඉදින් ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවේ ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි’ යි.

ආයුෂ්මත්නි, භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි’ යි වශයෙන් ද, ‘මම භාවිත කය ඇති කෙනෙක්මි, මම භාවිත සිල් ඇති කෙනෙක්මි. මම භාවිත සිත් ඇති කෙනෙක්මි. මම භාවිත ප්‍රඥා ඇති කෙනෙක් මි’ යි වශයෙන් ද අවබෝධය ඇති වූ බව ත්, භාවනාව දියුණු වූ බව ත් කියන්නේ වෙයි. එනමුදු ආයුෂ්මත්නි, ඉදින් ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරෙකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි’ යි.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් ඉතා දිළිඳු ව සිටිමින් ‘තමා සැප සම්පතින් ආඪ්‍ය වූ කෙනෙකි’ යි කීමක් බඳු ය. නිර්ධනව සිටිමින් ‘තමා මහා ධනවතෙකි’යි කීමක් බඳු ය. භෝග රහිත ව සිටිමින් ‘තමා මහා භෝග සම්පත් ඇත්තෙකි’යි කීමක් බඳු ය. නමුත් ධනයෙන් කළ යුතු යම්කිසි කාර්යයක් එළඹ සිටි කල්හී ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදියක් හෝ රනක් හෝ ලබා දෙන්නට ඔහුට හැකියාවක් නැත්තේ ය. එවිට ඔහු ව මෙසේ හඳුනා ගනී. මේ ආයුෂ්මත් තෙමේ දිළිඳු ව සිටිමින් ම නොවැ සම්පතින් ආඪ්‍ය ව සිටින කෙනෙකි යි කිව්වේ. නිර්ධන ව සිටිමින් ම නොවැ මහා ධනයක් ඇති කෙනෙකි යි කිව්වේ. භෝග රහිත ව සිටිමින් ම නොවැ මහා භෝග සම්පත් ඇති කෙනෙකි යි කිව්වේ. මක් නිසාද යත්; යම් මේ ධනයෙන් කළ යුතු කරුණක් ඇති වූ කල්හී මේ ආයුෂ්මතුන් ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ ලබා දෙන්නට කිසිවක් නැති කෙනෙක් නිසා ය.

ආයුෂ්මත්නි, ඒ අයුරින් ම භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි. වැඩූ කය ඇත්තෙක්මි, වැඩූ සිල් ඇත්තෙක්මි, වැූ සිත ඇත්තෙක්මි, වැඩූ ප්‍රඥාව ඇත්තෙක්මි’ යි ඥානවාදයත්, භාවනාවාදයත් කියන්නේ වෙයි. එනමුදු ආයුෂ්මත්නි, ඉදින් ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන සිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් නැත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන සිටියි’ යි.

ආයුෂ්මත්නි, භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි’ යි අවබෝධය ඇති වූ බව කියන්නේ වෙයි. එලෙසින් ම ආයුෂ්මත්නි, ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි’ යි.

ආයුෂ්මත්නි, ඒ අයුරින් ම භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි. වැඩූ කය ඇත්තෙක්මි, වැඩූ සිල් ඇත්තෙක්මි, වැඩූ සිත ඇත්තෙක්මි, වැඩූ ප්‍රඥාව ඇත්තෙක්මි’ යි ඥානවාදයත්, භාවනාවාදයත් කියන්නේ වෙයි. එලෙසින් ම ආයුෂ්මත්නි, ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. යම් අයුරකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. ‘යම් අයුරෙකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා පවිටු ආශාව විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි’ යි.

ආයුෂ්මත්නි, ඒ අයුරින් ම භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි. වැඩූ කය ඇත්තෙක්මි, වැඩූ සිල් ඇත්තෙක්මි, වැූ සිත ඇත්තෙක්මි, වැඩූ ප්‍රඥාව ඇත්තෙක්මි’ යි ඥානවාදයත්, භාවනාවාදයත් කියන්නේ වෙයි. එලෙසින් ම ආයුෂ්මත්නි, ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. යම් අයුරෙකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවේ ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ අයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා පවිටු ආශාව විසින් මේ අයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි’ යි.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් ඉතා ආඪ්‍ය ව සිටිමින් ‘තමා සැප සම්පතින් ආඪ්‍ය වූ කෙනෙකි’ යි කීමක් බඳු ය. ධනවත් ව සිටිමින් ‘තමා මහා ධනවතෙකි’යි කීමක් බඳු ය. භෝග සහිත ව සිටිමින් ‘තමා මහා භෝග සම්පත් ඇත්තෙකි’යි කීමක් බඳු ය. ධනයෙන් කළ යුතු යම්කිසි කාර්යයක් එළඹ සිටි කල්හී ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදියක් හෝ රනක් හෝ ලබා දෙන්නට ඔහුට හැකියාවක් ඇත්තේ ය. එවිට ඔහු ව මෙසේ හඳුනා ගනී. මේ ආයුෂ්මත් තෙමේ ආඪ්‍ය ව සිටිමින් ය සම්පතින් ආඪ්‍ය ව සිටින කෙනෙකි යි කිව්වේ. ධනවත් ව සිටිමින් ය මහා ධනයක් ඇති කෙනෙකි යි කිව්වේ. භෝග සහිත ව සිටිමින් ය මහා භෝග සම්පත් ඇති කෙනෙකි යි කිව්වේ. මක් නිසාද යත්; යම් මේ ධනයෙන් කළ යුතු කරුණක් ඇති වූ කල්හී මේ ආයුෂ්මතුන් ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ ලබා දෙන්නට කිසිවක් ඇති කෙනෙක් නිසා ය.

ආයුෂ්මත්නි, ඒ අයුරින් ම භික්ෂුවක් ‘මේ ධර්මය මම දන්නෙක්මි, මේ ධර්මය මම දක්නෙක්මි. වැඩූ කය ඇත්තෙක්මි, වැඩූ සිල් ඇත්තෙක්මි, වැඩූ සිත ඇත්තෙක්මි, වැඩූ ප්‍රඥාව ඇත්තෙක්මි’ යි ඥානවාදයත්, භාවනාවාදයත් කියන්නේ වෙයි. එලෙසින් ම ආයුෂ්මත්නි, ලෝභය විසින් ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. පවිටු ආශාව ඒ භික්ෂුව පාගාගෙන නොසිටියි නම්,

ඔහු ඒ අයුරින් මෙය දැනගත යුත්තේ ය. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට ලෝභය ඇති නොවෙයි ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ලෝභය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. යම් අයුරෙකින් දන්නා කෙනෙකුට ද්වේෂය ඇති නොවේ ද, මේ ආයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා ද්වේෂය විසින් මේ ආයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි. ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. පවිටු ඊර්ෂ්‍යාව ….(පෙ)…. ‘යම් අයුරකින් දන්නා කෙනෙකුට පවිටු ආශාව ඇති නොවෙයි ද, මේ අයුෂ්මතුන්ට එබඳු දැනුමක් ඇත. එනිසා පවිටු ආශාව විසින් මේ අයුෂ්මතුන් ව පාගා ගෙන නොසිටියි’ යි.

සාදු! සාදු!! සාදු!!!

මහා චුන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M