අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.1.10. ගිරිමානන්ද සුත්තං

10.2.1.10. ගිරිමානන්ද තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ.අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තාහු, කායික දුකට පැමිණියාහු, බොහෝ සේ ගිලන් ව සිටියාහු වෙති. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සාධු භන්තේ, භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති.

“ස්වාමීනී, ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේ හටගත් ආබාධ ඇතිව, කායික දුකින් යුතුව බොහෝ සේ ගිලන් ව සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්දයන් යම් තැනක ද, අනුකම්පාව උපදවා එතැනට වඩිනා සේක් නම් මැනැවි.”

සචේ ඛෝ ත්වං ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සඤ්ඤා භාසෙය්‍යාසි, ඨානං ඛෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍ය.

“ඉදින් ආනන්දයෙනි, ඔබ ගිරිමානන්ද භික්ෂුව වෙත එළැඹ දස සංඥා පවසන්නෙහි නම් ගිරිමානන්ද භික්ෂුව හට යම් හෙයකින් දස සංඥාව අසා ඒ ආබාධය සැණෙකින් සංසිඳී යන්නේ ය යන කරුණ විද්‍යමාන වූ දෙයකි.

කතමා දස?

ඒ කවර දසයක් ද යත්;

අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා, සබ්බලෝකේ අනභිරතසඤ්ඤා, සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා, ආනාපානසති.

අනිත්‍ය සංඥාව ය, අනාත්ම සංඥාව ය, අසුභ සංඥාව ය, ආදීනව සංඥාව ය, ප්‍රහාණ සංඥාව ය, විරාග සංඥාව ය, නිරෝධ සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, සියළු සංස්කාරයන්හි අනිත්‍යය සංඥාව සහ ආනාපානසතියයි.

1. කතමාචානන්ද අනිච්චසඤ්ඤා?

1. ආනන්දයෙනි, අනිත්‍ය සංඥාව යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති. “රූපං අනිච්චං වේදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්චන්ති.” ඉති ඉමේසු පඤ්චසුපාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අනිච්චසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි. රුක් සෙවණකට ගියේ හෝ වෙයි. ජන ශූන්‍ය තැනකට ගියේ හෝ වෙයි. මෙසේ නුවණින් විමසයි. ‘රූපය අනිත්‍ය ය. විඳීම් අනිත්‍ය ය. හඳුනාගැනීම් අනිත්‍ය ය. සංස්කාර අනිත්‍ය ය. විඤ්ඤාණය අනිත්‍ය ය’ වශයෙනි. මේ අයුරින් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව නුවණින් අනිත්‍යය දකිමින් වාසය කරයි. ආනන්දයෙනි, මෙය අනිත්‍ය සංඥාව යැයි කියනු ලැබේ.

2. කතමාචානන්ද අනත්තසඤ්ඤා?

2. ආනන්දයෙනි, අනාත්ම සංඥාව යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති. “චක්ඛුං අනත්තා රූපා අනත්තා, සෝතං අනත්තා සද්දා අනත්තා, ඝානං අනත්තා ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා රසා අනත්තා, කායෝ අනත්තා ඵොට්ඨබ්බා අනත්තා, මනෝ අනත්තා ධම්මා අනත්තා”ති. ඉති ඉමේසු ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අනත්තසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි.(පෙ). මෙසේ නුවණින් විමසයි. ‘ඇස ආත්ම රහිත ය. රූප ආත්ම රහිත ය. කන ආත්ම රහිත ය. ශබ්ද ආත්ම රහිත ය. නාසය ආත්ම රහිත ය. ගඳසුවඳ ආත්ම රහිත ය. දිව ආත්ම රහිත ය. රස ආත්ම රහිත ය. කය ආත්ම රහිත ය. පහස ආත්ම රහිත ය. මනස ආත්ම රහිත ය. මනසට සිතෙන අරමුණු ආත්ම රහිත ය’ යනුවෙනි. මෙසේ මේ සය වැදෑරුම් ආධ්‍යාත්මික වූ ත්, බාහිර වූ ත් ආයතනයන් පිළිබඳ ව ආත්ම රහිත බව නුවණින් දකිමින් වාසය කරයි. ආනන්දය, මෙය අනාත්ම සංඥාව යැයි කියනු ලැබේ.

3. කතමාචානන්ද අසුභ සඤ්ඤා?

3. ආනන්දයෙනි, අසුභ සංඥාව යනු කුමක් ද?

ඉධානන්ද භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති. “අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ, මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං, හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං, පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං, සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ, සිංඝානිකා ලසිකා මුත්තන්ති.” ඉති ඉමස්මිං කායේ අසුභානුපස්සී විහරති. අයං වුච්චතානන්ද අසුභසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව පා තලයෙන් උඩ, කෙස් මතුයෙන් යට, සම සීමා කොට ඇති නා නා ප්‍රකාර වූ අසුචියෙන් පිරී ඇති මෙම කය පිළිබඳ ව ම නුවණින් විමසා බලයි. එනම් ‘මේ කයෙහි කෙස් ඇත්තේ ය. ලොම් ය. නියපොතු ය. දත් ය. සම ය. මස් ය. නහර ය. ඇට ය. ඇට මිදුළු ය. වකුගඩු ය. හදවත ය. අක්මාව ය. දලබුව ය. බඩදිව ය. පෙණහළු ය. අතුණු ය. අතුණු බහන් ය. ආමාශය ය. මල ය. පිත ය. සෙම ය. සැරව ය. ලේ ය. ඩහදිය ය. මේද ය. කඳුළු ය. වුරුණු තෙල් ය. කෙළ ය. සොටු ය. සඳමිදුළු ය. මුත්‍ර ය වශයෙනි. මෙසේ මේ කය පිළිබඳ ව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. ආනන්දයෙනි, මෙය අසුභ සංඥාව යැයි කියනු ලැබේ.

4. කතමාචානන්ද ආදීනව සඤ්ඤා?

4. ආනන්දයෙනි, ආදීනව සංඥාව යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති. “බහු දුක්ඛෝ ඛෝ අයං කායෝ බහු ආදීනවෝ. ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති. සෙය්‍යථීදං, චක්ඛුරෝගෝ සෝතරෝගෝ ඝාණ රෝගෝ ජිව්හාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කණ්ණරෝගෝ මුඛරෝගෝ දන්තරෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්ඡිරෝගෝ මුච්ඡා පක්කන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලෝහිතපිත්තං මධුමේහෝ අංසා පිළකා භගන්දළා. පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝ”ති. ඉති ඉමස්මිං කායේ ආදීනවානුපස්සී විහරති. අයං වුච්චතානන්ද ආදීනවසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි. රුක් සෙවණකට ගියේ හෝ වෙයි. ජන ශූන්‍ය තැනකට ගියේ හෝ වෙයි. මෙසේ නුවණින් විමසයි. ‘මේ කය බොහෝ දුකින් යුක්ත ය. බොහෝ ආදීනවයෙන් යුක්ත ය. මෙසේ මේ කයෙහි අනේක වූ ආබාධයෝ හටගනිති. එනම් ඇස් රෝග ය. කන් රෝග ය. නාස් රෝග ය. දිවෙහි රෝග ය. කයෙහි රෝග ය. හිසෙහි රෝග ය. පිටිකනෙහි රෝග ය. මුඛයෙහි රෝග ය. දන්ත රෝග ය. කාස ය. හතිය ය. පීනස ය. ඇඟ දැවිල්ල ය. උණ රෝගය ය. කුසෙහි රෝග ය. සිහිමූර්ජා වීම ය. අතීසාරය ය. අර්ශස් රෝගය ය. කොළරා රෝගය ය. කුෂ්ට රෝගය ය. ගඬු රෝගය ය. හමේ රෝගය ය. ස්වාස රෝගය ය. අපස්මාරය ය. දද ය. වණ රෝගය ය. කැසීමෙන් ගෙඩි හට ගත් රෝගය ය. කැසීම් රෝගය ය. පණුහොරි රෝගය ය. රත් පිත් රෝගය ය. දියවැඩියාව ය. අංශභාග රෝගය ය. පිළිකා රෝගය ය. භගන්දරා රෝගය ය. පිතෙන් හටගන්නා රෝගයෝ ය. සෙමෙන් හටගන්නා රෝගයෝ ය. වාතයෙන් හටගන්නා රෝගයෝ ය. තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගයෝ ය. ඍතු විපර්යාසයෙන් හටගන්නා රෝගයෝ ය. විෂම හැසිරීමෙන් හටගන්නා රෝගයෝ ය. උපක්‍රමයෙන් හටගන්නා රෝගයෝ ය. කර්ම විපාකයෙන් හටගන්නා රෝගයෝ ය. සීතල ය. උණුසුම ය. කුසගින්න ය. පිපාසය ය. අසුචි ය. මුත්‍ර ය වශයෙනි. මෙසේ මේ කයෙහි ආදීනව නුවණින් දකිමින් වාසය කරයි. ආනන්දයෙනි, මෙය ආදීනව සංඥාව යැයි කියනු ලැබේ.

5. කතමාචානන්ද පහානසඤ්ඤා?

5. ආනන්දයෙනි, ප්‍රහාණ සංඥාව යනු කුමක් ද?

ඉධානන්ද භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. අයං වුච්චතානන්ද පහානසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව පංච කාමයන් පිළිබඳව උපන් විතර්කයන් නොඉවසයි. බැහැර කරයි. දුරු කරයි. නැති කර දමයි. අභාවයට පත් කරයි. උපන් ද්වේෂය පිළිබඳ විතර්කයන් නොඉවසයි. බැහැර කරයි. දුරු කරයි. නැති කර දමයි. අභාවයට පත් කරයි. උපන් හිංසාව පිළිබඳ විතර්කයන් නොඉවසයි. බැහැර කරයි. දුරු කරයි. නැති කර දමයි. අභාවයට පත් කරයි. උපනූපන් පාපී අකුසල් දහම් නොඉවසයි. බැහැර කරයි. දුරු කරයි. නැති කර දමයි. අභාවයට පත් කරයි. ආනන්දයෙනි, මෙය ප්‍රහාණ සංඥාව යැයි කියනු ලැබේ.

6. කතමාචානන්ද විරාගසඤ්ඤා?

6. ආනන්දයෙනි, විරාග සංඥාව යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති. “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති.” අයං වුච්චතානන්ද විරාගසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි. රුක් සෙවණකට ගියේ හෝ වෙයි. ජන ශූන්‍ය තැනකට ගියේ හෝ වෙයි. මෙසේ නුවණින් විමසයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවක් ඇද්ද, නොඇල්මට පත් වූ බවක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එය යි’ යනුවෙනි. ආනන්දයෙනි, මෙය විරාග සංඥාව යැයි කියනු ලැබේ.

7. කතමාචානන්ද නිරෝධසඤ්ඤා?

7. ආනන්දයෙනි, නිරෝධ සංඥාව යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටිසංචික්ඛති. “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති.” අයං වුච්චතානන්ද නිරෝධසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි. රුක් සෙවණකට ගියේ හෝ වෙයි. ජන ශූන්‍ය තැනකට ගියේ හෝ වෙයි. මෙසේ නුවණින් විමසයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එය යි’ යනුවෙනි. ආනන්දයෙනි, මෙය නිරෝධ සංඥාව යැයි කියනු ලැබේ.

8. කතමාචානන්ද සබ්බලෝකේ අනභිරතසඤ්ඤා?

8. ආනන්දයෙනි, සියළු ලෝකයෙහි නොඇල්ම පිළිබඳ සංඥාව යනු කුමක් ද?

ඉධානන්ද භික්ඛු යේ ලෝකේ උපයුපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා, තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ. අයං වුච්චතානන්ද සබ්බලෝකේ අනභිරතසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව ලෝකයෙහි කෙලෙසුන්ගේ බැසගෙන, එයට ම ග්‍රහණය වී සිතින් අදිටන් කරගත් නොයෙක් දෘෂ්ටිවල පැටලී සිටිත් ද, එහි බැසගෙන සිටිත් ද, ඒවා පවත්වත් ද, ඒ කෙලෙස් දුරු කරන්නේ ය. එහි නොඇලෙන්නේ ය. එයට ග්‍රහණය නොවන්නේ ය. ආනන්දයෙනි, මෙය සියළු ලෝකයෙහි නොඇල්ම පිළිබඳ සංඥාව යැයි කියනු ලැබේ.

9. කතමාචානන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා?

9. ආනන්දයෙනි, සියළු සංස්කාරයන් හි අනිත්‍ය සංඥාව යනු කුමක් ද?

ඉධානන්ද භික්ඛු සබ්බසංඛාරේහි අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතානන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව සියළු සංස්කාරයන් පිළිබඳව අවබෝධයෙන් ම පීඩාවට පත්වෙයි. එහි ඇලෙන්නට ලැජ්ජා වෙයි. ඒ කෙරෙහි පිළිකුල ඇතිවෙයි. ආනන්දයෙනි, මෙය සියළු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය සංඥාව යැයි කියනු ලැබේ.

10. කතමාචානන්ද ආනාපානසති?

10. ආනන්දයෙනි, ආනාපානසතිය යනු කුමක්ද?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝ ව අස්සසති. සතෝ ව පස්සසති.

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව වනයට ගියේ හෝ වෙයි. රුක් සෙවණකට ගියේ හෝ වෙයි. ජන ශූන්‍ය තැනකට ගියේ හෝ වෙයි. කය ඍජු කොට පළඟක් බැඳ වාඩිවෙයි. භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගනියි. හේ සිහියෙන් ආශ්වාස කරයි. සිහියෙන් ප්‍රශ්වාස කරයි.

දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

දීර්ඝ ව ආශ්වාස කරන විට දීර්ඝ ව ආශ්වාස කරමි යි දන්නේ ය. දීර්ඝ ව ප්‍රශ්වාස කරන විට දීර්ඝ ව ප්‍රශ්වාස කරමි යි දන්නේ ය. කෙටියෙන් ආශ්වාස කරන විට කෙටියෙන් ආශ්වාස කරමි යි දන්නේ ය. කෙටියෙන් ප්‍රශ්වාස කරන විට කෙටියෙන් ප්‍රශ්වාස කරමි යි දන්නේ ය. සියළු කය කෙරෙහි සංවේදී ව ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සියළු කය කෙරෙහි සංවේදී ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

පීතිපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසංඛාරපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසංඛාරපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

ප්‍රීතිය මැනැවින් දැනගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ප්‍රීතිය මැනැවින් දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සැපය මැනැවින් දැනගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සැපය මැනැවින් දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. චිත්ත සංස්කාර මැනැවින් දැනගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. චිත්ත සංස්කාර මැනැවින් දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. චිත්ත සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

චිත්තපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති.

සිත මැනැවින් දැනගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත මැනැවින් දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත ප්‍රබෝධයට පත් කරවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත ප්‍රබෝධයට පත් කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නීවරණයන් ගෙන් සිත නිදහස් කරවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නීවරණයන් ගෙන් සිත නිදහස් කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. අයං වුච්චතානන්ද ආනාපානසති.

අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නොඇල්ම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නොඇල්ම නුවණින් දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. තෘෂ්ණා නිරෝධය නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. තෘෂ්ණා නිරෝධය නුවණින් දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කෙලෙස් දුරැලීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කෙලෙස් දුරැලීම නුවණින් දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආනන්දයෙනි, මෙය ආනාපානසතිය යැයි කියනු ලැබේ.

සචේ ඛෝ ත්වං ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා ඉමා දස සඤ්ඤා භාසෙය්‍යාසි. ඨානං ඛෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍යාති.

ඉදින් ආනන්දයෙනි, ඔබ ගිරිමානන්ද භික්ෂුව වෙත එළැඹ මෙම දස සංඥා පවසන්නෙහි නම් ගිරිමානන්ද භික්ෂුව හට යම් හෙයකින් මේ දස සංඥාව අසා ඒ ආබාධය සැණෙකින් සංසිඳී යන්නේ ය යන කරුණ විද්‍යමාන වූ දෙයකි.”

අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා අභාසි. අථ ඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි. වුට්ඨාහිචායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා. තථා පහීනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසී’ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම දස සංඥා ඉගෙන ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් හට මෙම දස සංඥා පැවසූහ. එකල්හී මේ දස සංඥාව ශ්‍රවණය කළ ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේගේ ඒ ආබාධය වහා සංසිඳී ගියේ ය. ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටියහ. ආයුෂ්මත් ගිරිමානන්දයන් වහන්සේගේ ඒ ආබාධය ඒ අයුරින් ප්‍රහීණ වූයේ ය.

සාදු! සාදු!! සාදු!!!

ගිරිමානන්ද සූත්‍රය නිමා විය.

සචිත්තවග්ගෝ පඨමෝ.

පළමුවෙනි සචිත්ත වර්ගය අවසන් විය.

තස්සුද්දානං :

එහි පිළිවෙල උද්දානයයි :

සචිත්ත සාරිපුත්තා ච ඨිතිඤ්ච සමථේන ච
පරිහානා ච ද්වේ සඤ්ඤා මූලා පබ්බජිතා ගිරීති.

සචිත්ත සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, ඨිති සූත්‍රය, සමථ සූත්‍රය, පරිහාන සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙක, මූල සූත්‍රය, පබ්බජිත සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M