එක් සමයෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මගධයෙහි නාලක ගමෙහි වැඩ වාසය කරන සේක. එකල්හී සාමණ්ඩකානි පරිබ්‍රාජකයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩසිටිත් ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පරිබ්‍රාජකයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ධර්ම විනයෙහි සැප යනු කුමක් ද? දුක යනු කුමක් ද?”
“ආයුෂ්මත, මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත නොහැකි බව දුක ය. මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත හැකි බව සැප ය. ආයුෂ්මත, මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත නොහැකි වූ කල්හී මේ දුක කැමති විය යුතු ය. ගමන් කරන්නේ වුව ද සැපයක් සතුටක් නොලබන්නේ ය. සිටින්නේ වුව ද, ….(පෙ)…. හිඳින්නේ වුව ද, ….(පෙ)…. සැතපෙන්නේ වුව ද, ….(පෙ)…. ගමට ගියේ වුව ද, ….(පෙ)…. වනයට ගියේ වුව ද, ….(පෙ)…. රුක් සෙවණට ගියේ වුව ද, ….(පෙ)…. හිස් කුටියකට ගියේ වුව ද, ….(පෙ)…. හිස් අවකාශයට ගියේ වුව ද, ….(පෙ)…. භික්ෂූන් අතරට ගියේ වුව ද සැපයක් සතුටක් නොලබන්නේ ය. ආයුෂ්මත, මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත නොහැකි වූ කල්හී ඔය දුකට කැමති විය යුතු ය.
ආයුෂ්මත, මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත හැකි වූ කල්හී මේ සැපය කැමති විය යුතු ය. ගමන් කරන්නේ වුව ද සැපයක් සතුටක් ලබන්නේ ය. සිටින්නේ වුව ද, ….(පෙ)…. හිඳින්නේ වුව ද, ….(පෙ)…. සැතපෙන්නේ වුව ද, ….(පෙ)…. ගමට ගියේ වුව ද, ….(පෙ)…. වනයට ගියේ වුව ද, ….(පෙ)…. රුක් සෙවණට ගියේ වුව ද, ….(පෙ)…. හිස් කුටියකට ගියේ වුව ද, ….(පෙ)…. හිස් අවකාශයට ගියේ වුව ද, ….(පෙ)…. භික්ෂූන් අතරට ගියේ වුව ද සැපයක් සතුටක් ලබන්නේ ය. ආයුෂ්මත, මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරගත හැකි වූ කල්හී ඔය සැපට කැමති විය යුතු ය.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සුඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M