සැවැත් නුවර දී ය ………..
මහණෙනි, මේ වෛරය දුරු කරගන්නා ආකාරය දසයකි. ඒ කවර දසයක් ද යත්; ‘මට අයහපත කළේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මට අයහපත කරයි’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මට අයහපත කරන්නේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කළේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කරයි’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ ප්‍රිය මනාපයා හට අයහපත කරන්නේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කළේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කරයි’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. ‘මාගේ අප්‍රිය අමනාපයා හට යහපත කරන්නේ ය’ යන කරුණ මෙහි කෙසේ නම් ලැබේ ද? කියා වෛරය දුරු කරයි. කිසි හේතුවක් නැති ව නොකිපෙන්නේ වෙයි. මහණෙනි, මේවා වනාහී වෛරය දුරු කරගන්නා ආකාර දහය යි.
සාදු! සාදු!! සාදු!!!
ආඝාත පටිවිනය සූත්‍රය නිමා විය.
තුන්වෙනි ආකංඛ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ආකංඛ සූත්‍රය, කණ්ඨක සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, වඞ්ඪී සූත්‍රය, මිගසාලා සූත්‍රය, අභබ්බ සූත්‍රය, කාක සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, වත්ථු සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M