අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.4.2. ආනන්ද සුත්තං

10.2.4.2. ආනන්ද තෙරුන් හට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

1. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව ශ්‍රද්ධාව නැති ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

2. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව දුස්සීල ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

3. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව අල්ප වූ දහම් දැනුමෙන් යුතු ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

4. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව අකීකරු ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

5. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව පවිටු පුද්ගලයන් හා මිත්‍ර ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

6. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව කුසීත ව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවේ.

7. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිහි මුළාව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

8. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව ලද දෙයින් සතුටු නොවී සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

9. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව පවිටු ආශා ඇතිව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

10. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව මිසදිටුව සිටිමින් ම, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම මේ දස කරුණෙන් සමන්විත වූ ඒ භික්ෂුව මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයක් නොවෙයි.

1. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව ශ්‍රද්ධාව ඇති ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

2. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිල්වත් ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

3. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව බහුශ්‍රැත ව, ඇසූ ධර්මයන් මැනැවින් දරා සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

4. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව කීකරු ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

5. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සත්පුරුෂ පුද්ගලයන් හා මිත්‍ර ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

6. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව පටන් ගත් වීරියෙන් යුතු ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

7. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සිහිය පිහිටුවාගෙන සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

8. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව ලද දෙයින් සතුටු ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

9. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව ආශා අඩු ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

10. ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව සම්දිටු ව සිටියි නම්, මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

ආනන්දයෙනි, ඒකාන්තයෙන් ම මේ දස කරුණෙන් සමන්විත වූ ඒ භික්ෂුව මේ ධර්ම විනයෙහි දියුණුවකට, වැඩීමකට, විපුල බවට පත්වීමකට පැමිණෙන්නේ ය යන මෙකරුණ විද්‍යමාන දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M