සැවැත් නුවර දී ය ………..
එකල්හී භාග්‍යවතුන් වහන්සේ කලන්දක භික්ෂුව අරභයා ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
1. “මහණෙනි, මෙහිලා භික්ෂුව අර්බුද ඇති කරන්නේ වෙයි. අර්බුදයන් සමථයකට පත් කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් අර්බුද ඇති කරන්නෙක් වෙයි නම්, එම අර්බුද සමථය පිළිබඳ ව වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස නොපවතියි. ගෞරවය පිණිස නොපවතියි. දියුණුව පිණිස නොපවතියි. මහණකම පිණිස නොපවතියි. එකමුතු බව පිණිස නොපවතියි.
2. තව ද මහණෙනි, භික්ෂුව ශික්ෂාකාමී නොවෙයි. ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ශික්ෂාකාමී නොවෙයි නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස නොපවතියි. ගෞරවය පිණිස නොපවතියි. දියුණුව පිණිස නොපවතියි. මහණකම පිණිස නොපවතියි. එකමුතු බව පිණිස නොපවතියි.
3. තව ද මහණෙනි, භික්ෂුව පවිටු ආශා ඇත්තේ වෙයි. පවිටු ආශාව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් පවිටු ආශා ඇත්තේ නම්, පවිටු ආශාව දුරු කිරීම ගැන වර්ණනා නොකරයි නම්, මේ දහම ද ප්‍රිය භාවය පිණිස නොපවතියි. ගෞරවය පිණිස නොපවතියි. දියුණුව පිණිස නොපවතියි. මහණකම පිණිස නොපවතියි. එකමුතු බව පිණිස නොපවතියි.
4. තව ද මහණෙනි, භික්ෂුව ක්‍රෝධ සිත් ඇත්තේ වෙයි. ක්‍රෝධය දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ක්‍රෝධ සිත් ඇත්තේ නම්, ක්‍රෝධය දුරු කිරීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
5. තව ද මහණෙනි, භික්ෂුව ගුණමකු වෙයි. ගුණමකු බව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ගුණමකු වෙයි නම්, ගුණමකු බව දුරු කිරීම ගැන වර්ණනා නොකරයි නම්, මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
6. තව ද මහණෙනි, භික්ෂුව ශඨ කපට වෙයි. ශඨ කපට බව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ශඨ කපට වෙයි නම්, ශඨ කපට බව දුරු කිරීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
7. තව ද මහණෙනි, භික්ෂුව මායා ඇත්තේ වෙයි. මායාව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් මායා ඇත්තේ නම්, මායාව දුරු කිරීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
8. තව ද මහණෙනි, භික්ෂුව තථාගතට ධර්මයට ඇහුන්කම් නොදෙන ස්වභාවය ඇත්තේ වෙයි. ධර්මය අවබෝධ කරගැනීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ධර්මයට ඇහුන්කම් නොදෙයි නම්, ධර්මය අවබෝධ කරගැනීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
9. තව ද මහණෙනි, භික්ෂුව භාවනා නොකරන්නෙක් වෙයි. භාවනා කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් භාවනා නොකරන්නේ නම්, භාවනා කිරීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස ….(පෙ)…. එකමුතු බව පිණිස නොපවතියි.
10. තව ද මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම නැත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ගැන වර්ණනා කරන්නෙක් නොවෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම නැත්තේ නම්, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ගැන වර්ණනා නොකරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස නොපවතියි. ගෞරවය පිණිස නොපවතියි. දියුණුව පිණිස නොපවතියි. මහණකම පිණිස නොපවතියි. එකමුතු බව පිණිස නොපවතියි.
මහණෙනි, මෙබඳු වූ ගතිගුණ ඇති භික්ෂුවකට මෙවැනි ආශාවක් ඉපදුණ ත්, එනම්, ‘අහෝ ! ඒකාන්තයෙන් ම සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට ද සත්කාර කරත් නම්, ගරුකාර කරත් නම්, බුහුමන් කරත් නම්, පුදත් නම් කොතරම් අගනේ දැ’යි කියා. එනමුදු සබ්‍රහ්මචාරීන් වහන්සේලා මෙබඳු භික්ෂුවකට සත්කාර නොකරති. ගරුකාර නොකරති. බුහුමන් නොකරති. නොපුදති. මක් නිසාද යත්, මහණෙනි, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ පවිටු අකුසල් දහම් එම භික්ෂුව තුළ අප්‍රහීණ ව ඇති බව දකිනා හෙයිනි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. බාල වර්ගයේ අශ්වයෙකුට මෙබඳු වූ ආශාවක් උපදින්නේ ය. ‘අහෝ! ඒකාන්තයෙන් ම මිනිස්සු මාව ත් ආජානේය අශ්වයෙකුගේ තැන තබන්නාහු නම්, ආජානේය අශ්වයෙකුගේ බොජුන් වලින් මාව ද වළඳවත් නම්, ආජානේ ය අශ්වයෙකුව පිරිමදින අයුරින් මාව ද පිරිමදිත් නම් ඉතා අගනේ ය’ කියා. ඒ බාල වර්ගයේ අශ්වයා එසේ සිතුව ද මිනිස්සු ඔහුව ආජානේය අශ්වයාගේ තැන නොතබත් ම ය. ආජානේය අශ්වයාගේ භෝජන නොවළඳවත් ම ය. ආජානේය අශ්වයාට සෙයින් නොපිරිමත් ම ය. එයට හේතුව කිම? මහණෙනි, බුද්ධිමත් මිනිස්සු ඒ අශ්වයාගේ ශඨ බව ත්, කපට බව ත්, ඍජු නැති බව ත්, වංක බව ත්, ප්‍රහීණ නොවී ඇති බව ත් දකිත් ම ය. එහෙයිනි.
එසෙයින් ම මහණෙනි, මෙබඳු වූ ගතිගුණ ඇති භික්ෂුවකට මෙවැනි ආශාවක් ඉපදුණ ත්, එනම්, ‘අහෝ! ඒකාන්තයෙන් ම සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට ද සත්කාර කරත් නම්, ගරුකාර කරත් නම්, බුහුමන් කරත් නම්, පුදත් නම් කොතරම් අගනේ දැයි කියා. එනමුදු සබ්‍රහ්මචාරීන් වහන්සේලා මෙබඳු භික්ෂුවකට සත්කාර නොකරති. ගරුකාර නොකරති. බුහුමන් නොකරති. නොපුදති. මක් නිසාද යත්, මහණෙනි, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ පවිටු අකුසල් දහම් එම භික්ෂුව තුළ අප්‍රහීණව ඇති බව දකිනා හෙයිනි.
1. මහණෙනි, මෙහිලා භික්ෂුව අර්බුද ඇති නොකරන්නේ වෙයි. අර්බුදයන් සමථයකට පත් කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් අර්බුද ඇති නොකරන්නෙක් වෙයි නම්, එම අර්බුද සමථය පිළිබඳ ව වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
2. තව ද මහණෙනි, භික්ෂුව ශික්ෂාකාමී වෙයි. ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ශික්ෂාකාමී වෙයි නම්, ශික්ෂාපද සමාදන් වීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
3. තව ද මහණෙනි, භික්ෂුව අල්පේච්ඡ වූයේ වෙයි. පවිටු ආශාව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් අල්පේච්ඡ වූයේ නම්, පවිටු ආශාව දුරු කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
4. තව ද මහණෙනි, භික්ෂුව ක්‍රෝධ සිත් නැත්තේ වෙයි. ක්‍රෝධය දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ක්‍රෝධ සිත් නැත්තේ නම්, ක්‍රෝධය දුරු කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
5. තව ද මහණෙනි, භික්ෂුව ගුණමකු නැත්තේ වෙයි. ගුණමකු බව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ගුණමකු නැත්තේ නම්, ගුණමකු බව දුරු කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
6. තව ද මහණෙනි, භික්ෂුව ශඨ කපට නොවෙයි. ශඨ කපට බව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් ශඨ කපට නොවෙයි නම්, ශඨ කපට බව දුරු කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
7. තව ද මහණෙනි, භික්ෂුව මායා නැත්තේ වෙයි. මායාව දුරු කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් මායා නැත්තේ නම්, මායාව දුරු කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
8. තව ද මහණෙනි, භික්ෂුව තථාගත ධර්මයට ඇහුන්කම් දෙන ස්වභාවය ඇත්තේ වෙයි. ධර්මය අවබෝධ කරගැනීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් තථාගත ධර්මයට ඇහුම්කම් දෙන ස්වභාවය ඇත්තේ නම්, ධර්මය අවබෝධ කරගැනීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
9. තව ද මහණෙනි, භික්ෂුව භාවනා කරන්නෙක් වෙයි. භාවනා කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් භාවනා කරන්නේ නම්, භාවනා කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
10. තව ද මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ඇත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ගැන වර්ණනා කරන්නෙක් වෙයි. යම් හෙයකින් මහණෙනි, භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ඇත්තේ නම්, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම ගැන වර්ණනා කරයි නම් මේ දහම ද ප්‍රිය භාවය පිණිස පවතියි. ගෞරවය පිණිස පවතියි. දියුණුව පිණිස පවතියි. මහණකම පිණිස පවතියි. එකමුතු බව පිණිස පවතියි.
මහණෙනි, මෙබඳු වූ ගතිගුණ ඇති භික්ෂුවකට මෙවැනි ආශාවක් නොඉපදුණ ත්, එනම්, ‘අහෝ! ඒකාන්තයෙන් ම සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට ද සත්කාර කරත් නම්, ගරුකාර කරත් නම්, බුහුමන් කරත් නම්, පුදත් නම් කොතරම් අගනේ දැයි කියා. එනමුදු සබ්‍රහ්මචාරීන් වහන්සේලා මෙබඳු භික්ෂුවට සත්කාර කරති. ගරුකාර කරති. බුහුමන් කරති. පුදති. මක් නිසාද යත්, මහණෙනි, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ පවිටු අකුසල් දහම් එම භික්ෂුව තුළ ප්‍රහීණව ඇති බව දකිනා හෙයිනි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. සොඳුරු ආජානේය අශ්වයෙකුට මෙබඳු වූ ආශාවක් නොඋපදින්නේ ය. ‘අහෝ! ඒකාන්තයෙන් ම මිනිස්සු මාව ත් ආජානේය අශ්වයෙකුගේ තැන තබන්නාහු නම්, ආජානේය අශ්වයෙකුගේ බොජුන් වලින් මාව ද වළඳවත් නම්, ආජානේ ය අශ්වයෙකුව පිරිමදින අයුරින් මාව ද පිරිමදිත් නම් ඉතා අගනේ ය’ කියා. ඒ ආජානේය අශ්වයා එසේ නොසිතුව ද මිනිස්සු ඔහුව ආජානේය අශ්වයාගේ තැන තබත් ම ය. ආජානේය අශ්වයාගේ භෝජන වළඳවත් ම ය. ආජානේය අශ්වයාට සෙයින් පිරිමදිත් ම ය. එයට හේතුව කිම? මහණෙනි, බුද්ධිමත් මිනිස්සු ඒ අශ්වයාගේ ශඨ බව ත්, කපට බව ත්, ඍජු නැති බව ත්, වංක බව ත්, ප්‍රහීණ වී ඇති බව දකිත් ම ය. එහෙයිනි.
එසෙයින් ම මහණෙනි, මෙබඳු වූ ගතිගුණ ඇති භික්ෂුවකට මෙවැනි ආශාවක් නොඉපදුණ ත්, එනම්, ‘අහෝ! ඒකාන්තයෙන් ම සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට ද සත්කාර කරත් නම්, ගරුකාර කරත් නම්, බුහුමන් කරත් නම්, පුදත් නම් කොතරම් අගනේ දැ’යි කියා. එනමුදු සබ්‍රහ්මචාරීන් වහන්සේලා මෙබඳු භික්ෂුවට සත්කාර කරති. ගරුකාර කරති. බුහුමන් කරති. පුදති. මක් නිසාද යත්, මහණෙනි, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ පවිටු අකුසල් දහම් එම භික්ෂුව තුළ ප්‍රහීණ ව ඇති බව දකිනා හෙයිනි.
සාදු! සාදු!! සාදු!!!
අධිකරණික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M