මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ ගෙන, කය ඍජු කරගෙන තමන්ගේ කෙලෙස් සංසිඳීම ගැන නුවණින් විමසමින් වැඩසිටියා.
පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන්ගේ කෙලෙස් සංසිඳීම ගැන නුවණින් සළකා බලමින් වැඩසිටින ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“උපශාන්ත වූ, සංසිඳුනු සිත් ඇති, භව රැහැන් සිඳ දැමූ, ඒ භික්ෂුවගේ ඉපදෙන මැරෙන සංසාරය ගෙවිලා ඉවරයි. ඒ භික්ෂුව මාර බන්ධනයෙන් නිදහස් වෙලයි ඉන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
හතරවෙනි මේඝිය වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M