භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, ගුණමකු බව කියන දෙය විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ නැත්නම්, මුලුමනින්ම අවබෝධ කරගත්තේ නැත්නම්, ඒ කෙරෙහි සිතේ නොඇලීම ඇති කර ගත්තේ නැත්නම්, ඇල්ම දුරු කළේ නැත්නම් ඔහුට දුක් ක්ෂය කර දැමීම පුළුවන් දෙයක් නම් නොවෙයි. පින්වත් මහණෙනි, ගුණමකු බව කියන දෙය විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා නම්, මුලුමනින්ම අවබෝධ කරගන්නවා නම්, ඒ කෙරෙහි සිතේ නොඇලීම ඇති කර ගන්නවා නම්, ඇල්ම දුරු කරනවා නම් ඔහුට දුක් ක්ෂය කර දැමීම පුළුවන් දෙයක්.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම්කිසි ගුණමකු බවකින් ගුණමකු වුනොත්, ඒ අයට යන්න වෙන්නේ දුගතියට තමයි. මේ කාරණය විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනා ඒ ගුණමකු බව අත්හැරලා දාන්නේ ඉතා හොඳින් දැනගෙනමයි. ඒ විදිහට අත්හැරලා දාපු, ආර්ය උතුමන් කවදාවත් මේ ලෝකයට යළි එන්නේ නෑ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M