ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.2. ධාතු සුත්තං

3.1.2. ධාතු ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ධාතු තුනක් තියෙනවා. මොනවාද ඒ තුන? රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව. පින්වත් මහණෙනි, මේ තමයි ධාතු තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යම් කෙනෙක් රූප ධාතුව මුලුමණින්ම අවබෝධ කරගෙන අරූප ධාතුවෙහිත් නොපිහිටා ඉන්නවා නම්, ඒ වගේම නිරෝධ ධාතුව නම් වූ අමා නිවන තුළ පිහිටල කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා නම්, ඒ රහතන් වහන්සේලා තමයි මාරයා පැරැද්දුවේ.

ඒ අමා නිවන කයෙනුත් ස්පර්ශ කරලා කෙලෙස් රහිත වෙලා, කෙලෙස් දුරු කිරීම සාක්ෂාත් කරලා, ආශ්‍රව රහිතව වැඩසිටින සම්මා සම්බුදු රජාණන් වහන්සේ, ශෝක රහිත වූ කෙලෙස් රහිත වූ ඒ අමා නිවන ගැන අපට වදාරණ සේක.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M