ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.4.1. විතක්ක සුත්තං

3.4.1. අකුසල විතර්ක ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ අකුසල විතර්ක තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අනුන්ගෙන් අවඥා ලැබීමට අකමැති බවත් එක්ක යෙදුන විතර්කය. ලාභ සත්කාර, කීර්ති ආදිය කැමති වීමත් එක්ක එකතු වුන විතර්කය. අනුන් කෙරෙහි අනුකම්පා ඉපදවීම නාමයෙන් ඇතිවන කෙලෙස් සහිත හිතවත්කම. පින්වත් මහණෙනි, මේ තමයි අකුසල විතර්ක තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“අවඥා ලැබීමට අකමැති වෙනවා. ලාභ සත්කාර ගෞරව ලබන්න කැමැති වෙනවා. මැති ඇමතිවරුන් එක්ක එකට සතුටු වී ඉන්නවා. මෙන්න මේවා තියෙන කෙනා අරහත්වයෙන් ගොඩාක් ඈතයි.

කෙනෙක් ඉන්නවා දූ දරුවන්, සතා සිව්පාවා අත්හරිනවා. ආවාහ විවාහ කරමින් කරන ඔය සංග්‍රහයනුත් අත්හරිනවා. ඔන්න ඔය වගේ භික්ෂුව තමයි මේ උතුම් අරහත්වය ස්පර්ශ කරන්න සුදුස්සෙක් වෙන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M