ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

වත්ථු ගාථා

මූලික ගාථාවන්

980. කෝසලානං පුරා රම්මා – ආගමා දක්ඛිණාපථං
ආකිඤ්චඤ්ඤං පත්ථයානෝ – බ්‍රාහ්මණෝ මන්තපාරගූ

රම්‍ය වූ කොසොල් පුරයෙන් – දකුණු පැත්තෙ ගමට පැමිණි
පිවිතුරු ජීවිතය පතන – බමුණෙකි වේදයෙ අගපත්

981. සෝ අස්සකස්ස විසයේ – මූලකස්ස සමාසනේ
වසී ගෝධාවරීකූලේ – උඤ්ඡේන ච ඵලේන ච

අස්සක රජු හටද අයිති – මූලක රජුගෙ සීමාවේ
ගෝධාවරි ගං තීරේ – වාසය කරමින් සිටියේ
දැහැමින් ලද සිව්පසයෙන්

982. තස්සේ ව උපනිස්සාය – ගාමෝ ච විපුලෝ අහූ
තතෝ ජාතේන ආයේන – මහායඤ්ඤමකප්පයි

ඒ අසපුව මුල් කරගෙන – ඇති විය පැතිරුනු ගමක්ද
එ ගමින් ලද සහයෝගෙන් – කෙළේය මහ යාගයක්ද

983. මහායඤ්ඤං යජිත්වාන – පුන පාවිසි අස්සමං
තස්මිං පති පවිට්ඨම්හි – අඤ්ඤෝ ආගඤ්ඡි බ්‍රාහ්මණෝ

අවසන් කොට මහ යාගය – ආයේ අසපුව වෙත යළි
අසපුව වෙත පැමිණි සැණින් – තව බමුණෙක් පැමිණියේය

984. උග්ඝට්ටපාදෝ තසිතෝ – පංකදන්තෝ රජස්සිරෝ
සෝ ච නං උපසංකම්ම – සතානි පඤ්ච යාචති

ගමන් වෙහෙස යුතු පා ඇති – පවසින් පෙළෙනා ගති ඇති
මැලියම් තැවරුන දත් ඇති – දූවිලි තැවරුන හිස ඇති
හේ අවුදින් බමුණා වෙත – ඉල්ලා සිටියේ ඔහුගෙන්
පන්සියයක් රන් කාසිම

985. තමේනං බාවරී දිස්වා – ආසනේන නිමන්තයී
සුඛං ච කුසලං පුච්ඡි – ඉදං වචනමබ්‍රවි

බාවරි තවුසා ඔහු දැක – හිඳින්ට ආසන පුදමින්
සැප පහසුව ගැන අසමින් – යළි මේ කරුණද පැවසී

986. යං ඛෝ මමං දෙය්‍යධම්මං – සබ්බං විස්සජ්ජිතං මයා
අනුජානාහි මේ බ්‍රහ්මේ – නත්ථි පඤ්ච සතානි මේ

දිය යුතු යම් දෙයක් වීද – මා සතු ඒ සියළු දේම
දානෙට පූජා කෙරුවෙමි – අනේ ! බමුණ අදහගන්න
මා ළග නම් නැත්තේමය – පන්සියයක ඔය රන්මිළ

987. සචේ මේ යාචමානස්ස – භවං නානුපදස්සති
සත්තමේ දිවසේ තුයිහං – මුද්ධා ඵලතු සත්තධා

ඉල්ලන්නාවූ මා හට – ඉදින් භවත, නොම දෙයි නම්
අදින් පසුව සත්වන දින – තොපගේ “මුදුනත” කැබලිව
සතකට පිපිරී යේවා!

988. අභිසංඛරිත්වා කුහකෝ – භේරවං සෝ අකිත්තයි
තස්ස තං වචනං සුත්වා – බාවරී දුක්ඛිතෝ අහූ

කුහක බමුණු තෙම මෙලෙසින් – බියගන්වා කළේ සාප
මොහු ගේ බස අදහගත්ත – බාවරි පත් වීය දුකට

989. උස්සුස්සති අනාහාරෝ – සෝකසල්ලසමප්පිතෝ
අථෝපි ඒවං චිත්තස්ස – ඣානේ න රමතී මනෝ

සෝක හුලින් පහර කමින් – කෑම නැතිව හේ වියළෙයි
බාවරි තවුසා ගේ සිත – සෝකෙන් බර වීම නිසා
දැහැන් වඩන්නට නො සිතේ

990. උත්‍රස්තං දුක්ඛිතං දිස්වා – දේවතා අත්ථකාමිනී
බාවරිං උපසංකම්ම – ඉදං වචනමබ්‍රවී

බිය වී මහ දුකට වැටුන – බාවරි තවුසා දැකගත්
සෙත සලසන්නට කැමතිව – ආයේ දෙවියෙක් ඔහු වෙත
මෙ කරුණ පැවසීය ඔහුට

991. න සෝ මුද්ධං පජානාති – කුහකෝ සෝ ධනත්ථිකෝ
මුද්ධනි මුද්ධපාතේ වා – ඤාණං තස්ස න විජ්ජති

නොදනී ඔය බමුණා නම් – ඔබට කිව්ව “මුදුනත” ගැන
කුහකයි හේ ධනය සොයයි – කිසි නුවණක් නැත ඔහු හට

992. භෝතී චරහි ජානාති – තං මේ අක්ඛාහි පුච්ඡිතා
මුද්ධං මුද්ධාධිපාතඤ්ච – තං සුණෝම වචෝ තව

භවතී, දන්නෙද එකරුණ – විමසන මට පවසාලව
මුදුනත් මුදුනේ පැලුමත් – අසා සිටිමු ඔබ ගේ බස

993. අහං පේතං න ජානාමි – ඤාණං එත්ථ න විජ්ජති
මුද්ධං මුද්ධාධිපාතේ වා – ජිනානං හෙත්ථ දස්සනං

අනේ ! මමත් නොදනිමි මෙය – නුවණක් නැත මට මේ ගැන
මුදුනත් මුදුනේ පැලුමත් – ලොව ජයගත් උතුමන්ගේ
දහමක් වේ මය සැබැවින්

994. අථ ඛෝ චරහි ජානාති – අස්මිං පුථුවි මණ්ඩලේ
මුද්ධං මුද්ධාධිපාතං ච – තං මේ අක්ඛාහි දේවතේ

යමෙක් දනී නම් මෙකරුණ – මේ මහපොළොවේ වසනා
මුදුනත් මුදුනේ පැලුමත් – ගැන මට කිව මැන දෙවියනි

995. පුරා කපිලවත්ථුම්හා – නික්ඛන්තෝ ලෝකනායකෝ
අපච්චෝ ඔක්කාකරාජස්ස – සක්‍යපුත්තෝ පභංකරෝ

කිඹුල්වතින් නික්මුණ පෙර – තුන් ලොවටම නායක වූ
‘ඔක්කාක’ නම් රජ පවුළේ – පරම්පරාවෙන් පැමිණුන
මුළු ලොව ආලෝක කරන – ශාක්‍ය පුත්‍රයෙක්මය හේ

996. සෝ හි බ්‍රාහ්මණ සම්බුද්ධෝ – සබ්බධම්මාන පාරගූ
සබ්බාභිඤ්ඤා බලප්පත්තෝ – සබ්බධම්මේසු චක්ඛුමා
සබ්බකම්මක්ඛයංපත්තෝ – විමුත්තෝ උපධික්ඛයා

සියළු අභිඤ්ඤා බලයෙන් – බලවත් වී සිටී ලොවේ
නුවණ තිබේ ඒ මුනිඳුට – ලොවේ සියළු දේ දකින්ට
සියළු කර්ම නිමා කෙරුව – හැම කෙලෙසුන් ගෙවා දැමුව
ඒ මුනිඳුන්මය මේ ලොව – විමුක්තියට පත් උතුමා

997. බුද්ධෝ සෝ භගවා ලෝකේ – ධම්මං දේසේති චක්ඛුමා
තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු – සෝ තේ තං ව්‍යාකරිස්සති

සදහම් ඇස ලබා ගත්ත – ඒ භගවත් බුදු සමිඳුන්
තුන් ලොවටම දෙසන සේක – අමා නිවන් දෙන සදහම්
ඔබ එතුමන් ළගට ගොසින් – ඔබේ කරුණ ගැන අසන්න
ඒ මුනිඳාණන් ඔබ හට – නිසැකව පිළිතුරු දෙනු ඇත

998. සම්බුද්ධෝති වචෝ සුත්වා – උදග්ගෝ බාවරී අහූ
සෝකස්ස තනුකෝ ආසි – පීතිං ච විපුලං ලභි

‘සම්බුදු’ යන වදන අසා – බාවරි ඔද වැඩී ගියේ
සෝකය අඩු වෙලා ගිහින් – මහත් ප්‍රීතියක් ඇති විය

999. සෝ බාවරී අත්තමනෝ උදග්ගෝ
තං දේවතං පුච්ඡති වේදජාතෝ
කතමම්හි වා ගාමේ නිගමම්හි වා පන
කතමම්හි ජනපදේ ලෝකනාථෝ
යත්ථ ගන්ත්වා නමස්සේමු – සම්බුද්ධං දිපදුත්තමං

ඒ බාවරි බමුණු තෙමේ – සතුටු සිතින් ඔද වැඩෙමින්
හටගත් සොම්නසින් යුතුව – විමසී මෙය දෙවියන්ගෙන්
“කොයි ගමේද වැඩ ඉන්නේ? – කුමන කුඩා නගරයකද?
කොයි පැත්තේ ජනපදයෙද – ඒ උතුමාණන් ඉන්නේ?
තුන්ලොවටම සරණක් වූ – දෙපා සතුන් අතර උතුම්
ඒ සම්බුදු සමිඳුන් වෙත – නමඳිමු ගොස් එහි අපි හැම”

1000. සාවත්ථියං කෝසලමන්දිරේ ජිනෝ
පහූතපඤ්ඤෝ වරභූරිමේධසෝ
සෝ සක්‍යපුත්තෝ විධුරෝ අනාසවෝ
මුද්ධාධිපාතස්ස විදූ නරාසභෝ

මුළු තුන්ලොව දිනා ගත්ත – මහ ප්‍රඥා ලබාගත්ත
උත්තම නුවණක් පැතිරුන – සියළු කෙලෙස් බිම වැතිරුන
මුදුනත් මුදුනේ පැලුමත් – අවබෝධය තුළින්ම දත්
නරයන් හට උත්තම වූ – ශාක්‍ය පුත්‍රයාණෝ
මේ දිනවල වැඩ සිටින්නේ – කොසොල් රටේ සැවැත් නුවර

1001. තතෝ ආමන්තයී සිස්සේ – බ්‍රාහ්මණේ මන්තපාරගේ
ඒථ මානවා අක්ඛිස්සං – සුණාථ වචනං මම

වේදයෙ පරතෙරටම ගිය – බාවරි තවුසා ඉන්පසු
ඇමතී තම සිසු පිරිසට – පැමිණෙව් තරුණයෙනි, ඔබත්
පවසන්නෙම් මම කරුණක් – මා කියනා මේ දෙය ගැන
හොඳින් සවන් යොමා ගනිව්

1002. යස්සේසෝ දුල්ලභෝ ලෝකේ – පාතුභාවෝ අභිණ්හසෝ
ස්වාජ්ජ ලෝකම්හි උප්පන්නෝ – සම්බුද්ධෝ ඉති විස්සුතෝ
ඛිප්පං ගන්ත්වාන සාවත්ථිං – පස්සව්හෝ දිපදුත්තමං

යම් කෙනෙකුගෙ උපත ලොවේ – ඉතාම දුලබව වෙයි නම්
ඒ උතුමා දැන් මෙලොවේ – උතුම් උපත ලබා තිබේ
පැතිරී ඇති සියළු තැනම – ‘සම්මා සම්බුදු’ යන නම
වහා ගොසින් සැවැත් නුවර – දකිව් මෙ නරෝත්තමයා!

1003. කථං චරහි ජානේමු – දිස්වා බුද්ධෝති බ්‍රාහ්මණ
අජානතං නෝ ප්‍රබ්‍රෑහි – යථා ජානේමු තං මයං

බමුණාණෙනි, කොහොමද අපි – එතුමාණන් හඳුනගන්නේ
‘සම්මා සම්බුදුන්ම’ යයි – ඒ ගැන නොම දන්න අපට
එය දැන ගත හැකි විලසට – මැනවින් පහදා දෙනු මැන

1004. ආගතානි හි මන්තේසු – මහාපුරිසලක්ඛණා
ද්වත්තිංසානි ච ව්‍යාඛයාතා – සමන්තා අනුපුබ්බසෝ

ආයේ මය වේද පොතේ – මහාපුරිස්සලකුණු ගැන
එහි පෙන්වන ලදි මැනවින් – දෙතිසක් මහ පුරිස් ලකුණු

1005. යස්සේතේ හොන්ති ගත්තේසු – මහාපුරිසලක්ඛණා
දුවේව තස්ස ගතියෝ – තතියා හි න විජ්ජති

යම්කිසි කෙනෙකුගෙ සිරුරෙහි – ඇති නම් මහ පුරිස් ලකුණු
ඔවුන්ට ගති දෙකක් ම වේ – නැති ම ය තුන්වන ගතියක්

1006. සචේ අගාරං අජ්ඣාවසති – විජෙය්‍ය පඨවිං ඉමං
අදණ්ඬේන අසත්ථේන – ධම්මේන මනුසාසති

ඉදින් ගෙදර සිටියෝතින් – මේ මහ පොළොවත් ජයගෙන
අවි ආයුධ හැම නැති කොට – දැහැමිව රජ කරන්නේය

1007. සචේ ච සෝ පබ්බජති – අගාරා අනගාරියං
විවත්තච්ඡද්දෝ සම්බුද්ධෝ – අරහා භවති අනුත්තරෝ

ඉදින් පැවිදි වේ නම් හේ – නික්මී අනගාරික වී
සියළුම කෙළෙසුන් දුරුකොට – ලොවේ පරම උත්තම වූ
අරහත් සම්මා සම්බුදු – කෙනෙක් බවට පත්වේ ම ය

1008. ජාතිං ගොත්තඤ්ච ලක්ඛණං – මන්තේ සිස්සේ පුනාපරේ
මුද්ධං මුද්ධාධිපාතඤ්ච – මනසායේව පුච්ඡථ

එතුමන් වෙත ගොස් පළමුව – මගෙ ජාතිය, ගෝත්‍රයද
මට ඇති මහ පුරිස් ලකුණු – මා දන්නා වේදය ගැන
මාගේ සිසු පිරිස ගැනත් – මුදුනත් මුදුනේ පැලුමත්
සිතින් ම විමසා සිටින්න

1009. අනාවරණදස්සාවි – යදි බුද්ධෝ භවිස්සති
මනසා පුච්ඡිතේ පඤ්හේ – වාචාය විස්සජෙස්සති

වැටහීමට බාධා නැති – සම්මා සම්බුදු නම් හේ
මනසින් අසනා පැනයට – පිළිතුරු දෙයි වචනයෙන්ම

1010. බාවරිස්ස වචෝ සුත්වා – සිස්සා සෝළස බ්‍රාහ්මණා
අජිතෝ තිස්සමෙත්තෙය්‍යෝ – පුණ්ණකෝ අථ මෙත්තගු

බාවරි ගේ බස පිළිගෙන – සොළොසක් වූ බමුණු පිරිස
අජිත තිස්ස මෙත්තෙය්‍යද – පුණ්ණක සමඟින් මෙත්තගු

1011. ධෝතකෝ උපසීවෝ ච – නන්දෝ ච අථ හේමකෝ
තෝදෙය්‍යකප්පා දුභයෝ – ජතුකණ්ණී ච පණ්ඩිතෝ

ධෝතක හා උපසීවද – නන්ද සමඟ හේමකයන්
දෙදෙනෙකි තෝදෙය්‍ය කප්ප – පණ්ඩිත වේ ජතුකණ්ණී

1012. භද්‍රාවුධෝ උදයෝ ච – පෝසාලෝ චාපි බ්‍රාහ්මණෝ
මෝඝරාජා ච මේධාවී – පිංගියෝ ච මහාඉසී

භද්‍රාවුධ හා උදය ද – බමුණෙකි පෝසාලයන්ද
නැණවත් වූ මෝඝරාජ – පිංගිය මහ ඉසිද සමඟ

1013. පච්චේකගණිනෝ සබ්බේ -සබ්බලෝකස්ස විස්සුතා
ඣායී ඣානරතා ධීරා – පුබ්බවාසනවාසිතා

හැම දෙනාට වෙන වෙනමද – සිටිත් සිසුන් පිරිවර ගණ
ලොව හැම තැන මේ අය ගැන – පැතිරී පවතී යහගුණ
සමාධිගත සිතින් යුතුව – සමාධියේ ඇලී වසන
දියුණු කරන නුවණින් යුතු – පෙර පින් මහිමෙන් යුතුමය

1014. බාවරිං අභිවාදෙත්වා – කත්වා ච නං පදක්ඛිණං
ජටාජිනධරා සබ්බේ – පක්කාමුං උත්තරාමුඛා

බාවරි තවුසා වෙත ගොස් – නමැද ඔහුව පැදකුණු කොට
දරමින් ඒ සියළු දෙනම – ජටා හා අඳුන් දිවිසම්
උතුරු දිශාවට යොමුවී – නික්ම ගියෝ අසපුවෙන් ද

1015. මූලකස්ස පතිට්ඨානං – පුරිමං මාහිස්සතිං තදා
උජ්ජේනිඤ්චාපි ගෝනද්ධං – වේදිසං වනසව්හයං

මූලකයන් ගෙ පතිට්ඨාන – එතැනින් පෙරදිග මාහිස්සති
උදේනි, ගෝනද්ධ පුරය – වනයෙන් සැදි වේදිසාව

1016. කෝසම්බිං චාපි සාකේතං – සාවත්ථිං ච පුරුත්තමං
සේතව්‍යං කපිලං වත්ථුං – කුසිනාරඤ්ච මන්දිරං

කොසඹෑ, සාකේත නුවර – එතැනින් සාවස්ථි නුවර
සේතව්‍ය ද, කපිලවස්තු – හා එතැනින් කුසිනාරා

1017. පාවං ච භෝග නගරං – වේසාලිං මාගධං පුරං
පාසාණකං චේතියං ච – රමණීයං මනෝරමං

පාවා පුර, භෝග නුවර – වෛශාලී මහනුවරද
මගධ රටේ අගනගරය – වූ රජගහ නගරයටද
සිත්කළු වූ සුරම්‍ය වූ – පාසාණ චේතිය වෙතටද

1018. තසිතෝ වුදකං සීතං – මහාලාභං ව වාණිජෝ
ඡායං ඝම්මාභිතත්තෝව – තුරිත පබ්බතමාරුහුං

පිපාසිතව සිටි කෙනෙකුට – සිහිල් දියක් ලද විලසට
ගණුදෙනු කළ වෙළෙන්දෙකුට – මහත් ලාභයක් විලසට
ගිමනින් තැවෙනා කෙනෙකුට – සෙවනක් සැලසුන විලසට
සතුටු සිතින් ඉක්මන් වී – නැග ගත්තෝම ය පව්වට

1019. භගවා තම්හි සමයේ – භික්ඛුසංඝපුරක්ඛතෝ
භික්ඛූනං ධම්මං දේසේති – සීහෝව නදතී වනේ

ඒ වෙලාවෙ බුදු සමිඳුන් – සඟ පිරිස ද පෙරටු කරන්
දෙසන සේක සිරි සදහම්
වනයේ නාදය පතුරන – සිංහ රාජයෙක් විලසින

1020. අජිතෝ අද්දස සම්බුද්ධං – සතරංසිව භානුමං
චන්දං යථා පණ්ණරසේ – පරිපූරිං උපාගතං

අජිත තෙමේ දුටුවේ ම ය – ඒ භගවත් සමිඳාණන්
රැස් ධාරා පැතිරී යන – සූරිය මඬලක් විලසින්
පොහොය දාට අහස් කුසේ – නැගී පොළොව එළිය කරන
සොළොස් කලාවෙන් සපිරුන – පුන් සඳ මඬලක් විලසින

1021. අථස්ස ගත්තේ දිස්වාන – පරිපූරං ච ව්‍යඤ්ජනං
ඒකමන්තං ඨිතෝ හට්ඨෝ – මනෝපඤ්හේ අපුච්ඡථ

එකල්හි ඒ අජිත තවුස් – සමිඳුන් ගේ පින් සිරුරෙහි
මහාපුරිස් සලකුණු දැක – සතුටට පත් සිතින් යුතුව
එකත්පස්ව සිටිමින් හේ – සිතින් ම මේ ප්‍රශ්න ඇසී

1022. ආදිස්ස ජම්මනං බ්‍රෑහි – ගොත්තං බ්‍රෑහි සලක්ඛණං
මන්තේසු පාරමිං බ්‍රෑහි – කති වාචේති බ්‍රාහ්මණෝ

පවසනු මැන සමිඳාණනි – අප ආචාරින් ගෙ උපත
ගෝත්‍රයද පුරිස් ලකුණු – ඔහු ගේ සිරුරේ පවතින
වේදයේ පිරිපුන් දැනුමත් – කොපමණ සිසු පිරිසක් හට
උගන්වයිද එතුමාණන් – කියාදෙන්න මුනිඳුනි මට

1023. වීසංවස්සසතං ආයු – සෝ ච ගොත්තේන බාවරී
තීණස්ස ලක්ඛණා ගත්තේ – තිණ්ණං වේදාන පාරගූ

(භාග්‍යවතුන් වහන්සේ)

එක් සිය විසි වයසක් වේ – එතුමා දැන් ගෙවන වසර
ගෝත්‍රයෙන් නම් හෙතෙමේ – බාවරි යයි පවසන්නේ
එතුමා ගේ ශරීරයේ – තුනක් වේය පුරිස් ලකුණු
තුන් වේදේ පරතෙරට ම – ගිය දැනුමක් ඇත ඔහු හට

1024. ලක්ඛණේ ඉතිහාසේ ච – සනිඝණ්ඩුසකේටුභේ
පඤ්ච සතානි වාචේති – සධම්මේ පාරමිං ගතෝ

මහා පුරිස් සලකුණු හා – ඉතිහාසය ගැනත් සමඟ
යන්ත්‍ර මන්ත්‍ර විවරණ හා – පුද පූජා විධිත් සමඟ
ඒ බමුණා තම දහමේ – පරතෙරට ම පත් වීමෙන්
සිසු දරුවන් පන්සියකට – පුරුදු කරයි ඒ දහම ම

1025. ලක්ඛණානං පවිචයං – බාවරිස්ස නරුත්තම
තණ්හච්ඡිද පකාසේහි – මා නෝ කංඛායිතං අහූ

(අජිත)

සියළුම තණ්හා සිඳ හළ – නරෝත්තම මුනිඳාණනි
බාවරි බමුණාගේ සිරුරෙ – පවතින මහ පුරිස් ලකුණු
විස්තර ලෙස ඇති විලසට – දෙන්න අපට පහදා එය
මේ පවසන කරුණ ගැන ද – අපට නොවේවා සැකයක්

1026. මුඛං ජිව්හාය ඡාදේති – උණ්ණස්ස භමුකන්තරේ
කෝසෝහිතං වත්ථගුයිහං – ඒවං ජානාහි මාණව

(භාග්‍යවතුන් වහන්සේ)

දිවෙන් වසන්නට පුළුවනි – මුහුණද ඒ බමුණාගේ
දෙ බැම අතර ය තිබෙන්නෙ – ඌර්ණ රෝමය නළලේ
කොපුවක් තුළ බහලූ සේ – පවතී රහසඟ ඔහු ගේ
මෙලෙසින් දැන ගන්න අජිත – ඔබ දැන් විමසූ එකරුණ

1027. පුච්ඡං හි කිඤ්චි අසුණන්තෝ – සුත්වා පඤ්හේ වියාකතේ
විචින්තේති ජනෝ සබ්බෝ – වේදජාතෝ කතඤ්ජලී

පැන අසනා කෙනෙකු නොමැත – කාටවත් ම දැක ගන්නට
නමුත් ප්‍රශ්න විසඳනු නම් – අසන්නට ලැබේ සැමටම
වැඳගෙන සොම්නස් සිතකින්-සිතුවෝ මෙලෙසින් සැමදෙන

1028. කෝ නු දේවේ ව බ්‍රහ්මා වා – ඉන්දෝ වාපි සුජම්පති
මනසා පුච්ඡිතේ පඤ්හේ – තමේනං පටිභාසති

දෙවි කෙනෙක් ද? මහ බඹෙක් ද? සුජම්පතී වූ ඉන්ද්‍ර ද?
කවරෙක් දෝ මේ විලසින් – සිතින් ප්‍රශ්න විමසන්නේ?
කාටද මෙ ලෙසින් අසන්ට – මෙවැනි ප්‍රශ්න වැටහෙන්නේ?

1029. මුද්ධං මුද්ධාධිපාතඤ්ච – බාවරී පරිපුච්ඡති
තං ව්‍යාකරෝහි භගවා – කංඛං විනය නෝ ඉසේ

(අජිත)

මුදුනත් මුදුනේ පැලුමත් – බාවරි බමුණා විමසයි
භගවත් මුනිඳාණනි එය – පවසාලනු මැනවි අපට
මහා ඉසිවර මුනිඳාණනි – දුරලනු මැන අපේ සැකය

1030. අවිජ්ජා මුද්ධාති ජානාහි – විජ්ජා මුද්ධාධිපාතිනී
සද්ධා සති සමාධීහි – ඡන්දවිරියේන සංයුතා

(භාග්‍යවතුන් වහන්සේ)

“මුදුන” අවිදු අඳුර වේය – “මුදුනේ පැලුමය” කියන්නෙ
විද්‍යාව ඇති කරගෙන – අවිදු අඳුර වැනසීමය
සැදැහැ සිතින් හොඳ සිහියෙන් – සමාධියෙන්, වීරියෙන්ද
කුසල් දහම් ගැන කැමැත්ත – මෙයින් යුතුය එ “විද්‍යාව”

1031. තතෝ වේදේන මහතා – සන්ථමහිත්වාන මාණවෝ
ඒකංසං අජිනං කත්වා – පාදේසු සිරසා පති

මහත් සතුටකට පත් වුන – අජිත තරුණයා එතැනම
අඳුන් දිවි සමද මැනවින් – ඒකාංශ කොට පොරවා
සමිඳු ගෙ සිරිපතුල් අසල – වැඳගෙන වැටුනේය මෙලෙස

1032. බාවරි බ්‍රාහ්මණෝ භෝතෝ – සහසිස්සේහි මාරිස
උදග්ගචිත්තෝ සුමනෝ – පාදේ වන්දති චක්ඛුම

භාග්‍යවත් නිදුකාණනි – සදහම් ඇස් ඇතියාණනි
බාවරි බමුණා ඇතුළුව – ඔහු ගේ සිසු පිරිස සමඟ
වඳිති ඔබේ පාද පද්ම – සතුටින් ඔද වැඩුණු සිතින්

1033. සුඛිතෝ බාවරී හෝතු – සහසිස්සේහි බ්‍රාහ්මණෝ
ත්වඤ්චාපි සුඛිතෝ හෝහි – චිරං ජීවාහි මාණව

(භාග්‍යවතුන් වහන්සේ)

සිසු පිරිවර හා සමඟින් – බාවරි නම් ඒ බමුණා
සැපයට පත් වේවා!
මානවකය ඔබත් මෙසේ – සැපවත් වේවා!
ලබාගන්න දිගාසිරි ද…

1034. බාවරිස්ස ව තුයිහං වා – සබ්බේසං සබ්බසංසයං
කතාවකාසා පුච්ඡව්හෝ – යං කිඤ්චි මනසිච්ඡථ

බාවරි බමුණා ගේ හෝ – ඔබගේ ඔය පිරිසේ හෝ
සියළුම සැකතැන් ඇත්නම් – යමක් අසන්නට රුචි නම්
ඒ හැම ගැන අසා ගන්ට – අවසර ඇත හැම දෙනාට

1035. සම්බුද්ධේන කතෝකාසෝ – නිසීදීත්වාන පඤ්ජලී
අජිතෝ පඨමං පඤ්හං – තත්ථ පුච්ඡි තථාගතං

බුදු සමිඳුන් විසින් දුන්න – අවසරය ද පිළිඅරගෙන
අජිත මානවක පළමුව – නමස්කාර කොට හිඳිමින්
මුනිඳු තථාගතයන්ගෙන් – විමසන්නට වීය ප්‍රශ්න

වත්ථු ගාථා නිට්ඨිතා.

මූලික ගාථාවන් නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-0/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M