(තිස්ස මෙත්තෙය්‍ය)
කවුද මෙ ලොවේ ගත කරන්නේ – සැනසුමේ මුදුනට ගොසින් ?
නැත්තේ කාටද සිතක ඇතිවන – කම්පනේ කිසි අයුරකින් ?
දියුණු කළ නුවණින් ද යුතු වී – අන්ත දෙක හඳුනා හොඳින්
කවුද ඒ මැද නොම ඇලෙන්නේ – නුවණ යොදවා සොඳ ලෙසින් ?
“මහා පුරුෂයාණෝ” කියා – ලොවේ කිව යුතු කාටදෝ?
භව ගමන එක් කරන ආශා – ඉක්ම යන්නේ කවුරුදෝ?
(භාග්‍යවතුන් වහන්සේ)
කාමයේ ඇති දෝස දකිමින් – උතුම් පිළිවෙත් පුරමිනේ
හිතේ තණ්හා බැහැර කොට හේ – සදා සිහියෙන් වසමිනේ
අවබෝධ කොට දුක ද නුවණින් – නිවී සැනසුන භික්ෂුවක් වෙද
නොවේ ඔහු හට කිසිම විලසින් – හටගන්න කම්පන කිසිත්
සමණ තෙම මේ අන්ත දෙක දැන- දියුණු කළ නුවණින් සදා
ඒ මැද ද නොම ඇලී සිටිමින් – කල් ගෙවයි නුවණින් මෙදා
කියා සිටිනෙමි ඔහුට මේ ලොව – “මහ පුරුෂයාණෝ” කියා
ඉක්ම යයි හේ සදාතනික ව – භව ගමන එක් කරන ආශා !
තිස්ස මෙත්තෙය්‍ය නිසා වදාළ දෙසුම මෙහි දෙවැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M