ඛුද්දක නිකාය

පේතවත්ථු

2.13. උබ්බරී පේත වත්ථු

2.13. උබ්බරී ප්‍රේත වස්තුව

372. අහු රාජා බ්‍රහ්මදත්තෝ පඤ්චාලානං රථේසභෝ
අහෝරත්තානමච්චයා රාජා කාලංකරී තදා

372. පංචාල රට වැසියන්ගේ සියලු සම්පත්වලට අධිපති බ්‍රහ්මදත්ත කියල රජ්ජුරු කෙනෙක් හිටියා. බොහෝ කලක් ගෙවුනාට පස්සේ ඒ රජතුමා කලුරිය කළා.

373. තස්ස ආළාහනං ගන්ත්වා භරියා කන්දති උබ්බරී
බ්‍රහ්මදත්තං අපස්සන්ති බ්‍රහ්මදත්තාති කන්දති

373. ඒ රජ්ජුරුවන්ට උබ්බරී කියල බිසොවක් හිටියා. ඒ බිසව රජතුමා ආදාහනය කරපු තැනට ගිහින් වැළපෙනවා. බඹදත් රජු නැවත දකින්ට නැති නිසා ‘බ්‍රහ්මදත්ත, ඔබ කොහිද’ කිය කියා හඬනවා.

374. ඉසී‘ච තත්ථ ආගඤ්ඡි සම්පන්නචරණෝ මුනි
සෝ ච තත්ථ අපුච්ඡිත්ථ යේ තත්ථ සුසමාගතා

374. එතැනට ධර්මයෙහි හැසිරෙන මුනිවරයෙක් වන සෘෂිවරයෙක් ආවා. ඔහු එතැනට ඇවිදින් ඒ රැස්වෙලා හිටිය මිනිසුන් ගෙන් මෙහෙම ඇහුවා.

375. කස්ස චිදං ආළාහනං නානාගන්ධසමේරිතං
කස්සායං කන්දති භරියා ඉතෝ දුරගතං පතිං

375. ‘නොයෙක් සුවඳවර්ග විහිදෙන මේ සොහොන කාගෙද? මේ බිරිඳ හඬන්නේ කවුරු වෙනුවෙන්ද?’ මිනිස් ලෝකයෙන් දුර වූ පරලොව ගිය ස්වාමීයා වන.

376. බ්‍රහ්මදත්තං අපස්සන්ති බ්‍රහ්මදත්තානි කන්දති
තේ ච තත්ථ වියාකංසු යේ තත්ථ සුසමාගතා

376. බ්‍රහ්මදත්ත රජතුමාව දකින්ට නැති නිසයි මෑ ‘බ්‍රහ්මදත්ත’ කිය කියා හඬන්නෙ කියල එතැනට රැස් වෙච්ච මිනිසුන් අර සෘෂිවරයාට කිව්වා

377. බ්‍රහ්මදත්තස්ස භද්දන්තේ බ්‍රහ්මදත්තස්ස මාරිස
තස්ස ඉදං ආළාහනං නානාගන්ධසමේරිතං

377. නිදුකාණන් වහන්ස, බ්‍රහ්මදත්ත රජතුමාට යහපතක්ම වේවා! මේ නොයෙක් ආකාරයේ සුවඳ පැතිරෙන මේ සොහොන ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ තමයි.

378. තස්සායං කන්දති භරියා ඉතෝ දූරගතං පතිං
බ්‍රහ්මදත්තං අපස්සන්ති බ්‍රහ්මදත්තානි කන්දති

378. ඒ රජ්ජුරුවන්ගෙ බිරිඳ තමයි මේ මනුලොවින් දුර වූ පරලොව ගිය තමන්ගෙ ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව දැකගන්ට නැතුව අඬන්නෙ. ‘බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත’ කිය කියා වැළපෙනවා.

379. ඡළාසීති සහස්සානි බ්‍රහ්මදත්තසනාමකා
ඉමස්මිං ආළාහනේ දඩ්ඪා තේසං කං අනුසෝචසි

379. ‘බ්‍රහ්මදත්ත’ යන නම ඇති අසූහයදාහක් දෙනා මේ සොහොනේ දවල තියෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන්ද?

380. යෝ රාජා චූළණීපුත්තෝ පඤ්චාලානං රථේසහෝ
තං භන්තේ අනුසෝචාමි භත්තාරං සබ්බකාමදං

380. ස්වාමීනි, පංචාල රටේ යස ඉසුරුවලට අධිපතිව මේ රජ්ජුරුවෝ හිටියේ. මෙයා චූළනී රජ්ජුරුවන්ගෙ පුතා. මං කැමති හැමදේම දෙනවා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මං සෝක කරන්නෙ.

381. සබ්බේවහේසුං රාජානෝ බ්‍රහ්මදත්තසනාමකා
සබ්බේව චූළනීපුත්තා පඤ්චාලානං රථේසභා

381. ඒ වුණාට ඔය සියලුම රජවරුන්ට කියන්නෙ බ්‍රහ්මදත්ත යන නාමයයි. ඔය හැමෝම පංචාල රටේ යස ඉසුරුවලට අධිපති වෙලා හිටියෙ. ඒ හැමෝම චූළනී රජ්ජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ.

382. සබ්බේසං අනුපුබ්බේන මහේසිත්තමකාරයි
කස්මා පුරිමකේ හිත්වා පච්ඡිමං අනුසෝචසි

382. ඒ සෑම රජ කෙනෙකුටම අනුපිළිවෙලින් අග්‍රමහේසිකාව වුනේ ඔබමයි. ඉතින් කලින් හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අත් හැරල අන්තිම රජ්ජුරුවන්ට අඬන්නෙ මොකටද?

383. ආතුමේ ඉත්ථිභූතාය දීඝරත්තාය මාරිස
යස්සා මේ ඉත්ථිභූතාය සංසාරේ බහූ භායසි

383. නිදුකාණන් වහන්ස, එතකොට මං මේසා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දිගටම ආවේ ස්ත්‍රියක් වෙලාද? එතකොට ඔබ කියන්නෙ මං සංසාරෙ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රිත්වයද ලැබුවේ?

384. අහූ ඉත්ථි අහූ පුරිසෝ පසුයෝනිම්පි ආගමා
ඒවමේතං අතීතානං පරියන්තෝ න දිස්සති

384. ඔබ ස්ත්‍රියක් වෙලත් තියෙනවා. පිරිමියෙක් වෙලත් තියෙනවා. තිරිසන් යෝනියෙත් ඉපදිලා තියෙනවා. ඔය විදිහට අතීතයට ගිය ආත්මභාව ගැන නම් කෙළවරක් දකින්ට බෑ.

385. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං
වාරිනා විය ඕසිඤ්චං සබ්බං නිබ්බාපයේ දරං

385. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා.

386. අබ්බුළ්හං වත මේ සල්ලං සෝකං හදයනිස්සිතං
යෝ මේ සෝකපරේතාය පතිසෝකං අපානුදි

386. මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. ස්වාමි ශෝකය නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙළි පෙළී හිටියෙ. ඔබ ඒක දුරු කළා.

387. සාහං අබ්බූළ්හසල්ලාස්මි සීතිභූතාස්මි නිබ්බුතා
න සෝචාමි න රෝදාමි තව සුත්වා මහාමුනි

387. මහාමුනිතුමනි, ඔබවහන්සේගේ අවවාදය අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ. හඬන්නෙ නෑ.

388. තස්ස තං වචනං සුත්වා සමණස්ස සුභාසිතං
පත්තචීවරමාදාය පබ්බජි අනගාරියං

388. ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාෂිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍රා සිවුරු අරගෙන අනගාරික සාසනයෙහි පැවිදි වුනා.

389. සා ච පබ්බජිතා සන්තා අගාරසමානගාරියං
මෙත්තං චිත්තං අභාවේසි බ්‍රහ්මලෝකූපපත්තියා

389. ඔය විදිහට ඈ ගිහි ගෙදරින් නික්මිලා අනගාරික සාසනයෙහි පැවිදි වුනාට පස්සෙ බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා.

390. ගාමා ගාමං විචරන්ති නිගමේ රාජධානියෝ
උරුවේලා නාම සෝ ගාමෝ යත්ථ කාලමකුබ්බථ

390. ගමක් ගමක් පාසා සැරිසරා ගියා. නියම් ගමක් පාසා, රාජධානියක් පාසා සැරිසරා ගියා. උරුවෙල් කියන ගම්මානය තියෙන්නේ යම් තැනකද අන්න එතැන තමයි ඇය කලුරිය කළේ.

391. මෙත්තචිත්තං අාභාවෙත්වා බ්‍රහ්මලෝකූපපත්තියා
ඉත්ථි චිත්තං විරාජෙත්වා බ්‍රහ්මලෝකූපගා අහූ‘ති.

391. ඇය මෛත්‍රී සමාධිය වැඩුවේ බඹලොව ඉපදීම පිණිසයි. ස්ත්‍රීභාවය පිණිස ඇති ඇල්ම අත්හැරල ඇය බඹලොව ඉපදුනා.

සාදු! සාදු!! සාදු!!!

උබ්බරීපේතවත්ථු තේරසමං.

දහතුන්වෙනි උබ්බරී ප්‍රේත වස්තුවයි.

උබ්බරී වග්ගෝ දුතියෝ.

දෙවෙනි උබ්බරී වර්ගය නිමා විය.

තස්සුද්දානං –

පණ්ඩුමාතා ච පිතා ච නන්දා කුණ්ඩලීනේඝටෝ
දේව සෙට්ඨි තුණ්ණවායෝ ච
විහාරසුත්ත සෝපාණ උබ්බරී‘ති.

එහි පිළිවෙල උද්දානයයි –

පඩුවැනි සංසාරමෝචක ප්‍රේත වස්තුවත්, සැරියුත් තෙරුන්ගේ පූර්ව මාතාවගේ ප්‍රේත වස්තුවත්, මත්තා ප්‍රේත වස්තුවත්, නන්දා ප්‍රේත වස්තුවත්, මට්ටකුණ්ඩලී ප්‍රේත වස්තුවත්, ඝතපණ්ඩිත ප්‍රේත වස්තුවත්, ධනපාන සිටු – චුල්ලසෙට්ඨි යන ප්‍රේත වස්තු දෙකත්, තුන්නවාය ප්‍රේත වස්තුවත්, දිවාවිහාරගත භික්ෂුවට මුණ ගැසුනු උත්තරමාතා ප්‍රේත වස්තුවත්, සෝපානය ළඟ ඇති විල අසල සිටි කණ්ණමුණ්ඩ ප්‍රේත වස්තුවත්, උබ්බරී ප්‍රේත වස්තුවත් යන ප්‍රේත වස්තුවලින් යුක්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M