ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.2. මහාකොට්ඨිතත්ථේරගාථා

1.1.2. මහා කොට්ඨිත තෙරුන්ගේ ගාථාව

2. උපසන්තෝ උපරතෝ මන්තභාණී අනුද්ධතෝ
ධුනාති පාපකේ ධම්මේ දුමපත්තං ව මාලුතෝ’ති.

2. ඒ භික්ෂුවගේ ඉඳුරන් ඉතා සන්සුන් ය. සියලු පවිනුත් වැළකී සිටී. කතාබස් කරන්නෙත් ඉතා ම නුවණින් යුතුවයි. උඬඟුකමකුත් නෑ. ඒ භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ, ගසක කොළයක් සුළඟින් බිම හෙළනවා වගෙයි.

ඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිතෝ ථේරෝ ගාථාං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මහා කොට්ඨිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M