ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.10. උසභත්ථේරගාථා

1.11.10. උසභ තෙරුන්ගේ ගාථාව

110. නගා නගග්ගේසු සුසංවිරූළ්හා
උදග්ගමේඝේන නවේන සිත්තා
විවේකකාමස්ස අරඤ්ඤසඤ්ඤිනෝ
ජනේති භිය්‍යෝ උසභස්ස කල්‍යත’න්ති.

110. අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් තෙමිල තියෙන්නෙ. කඳු මුදුන්වල ලස්සනට වැඩුණු ගස් වැල් පෙනෙන කොට උසභගේ සිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඔහු කැමති අරණ්‍යයකට ගිහින් ලබන විවේකයටයි.

ඉත්ථං සුදං ආයස්මා උසභෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ඒකාදසමෝ වග්ගෝ.

එකළොස්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

බේලට්ඨානිකසේතුච්ඡා බන්ධුරෝ ඛිතකෝ ඉසී
මලිතවම්භෝ සුහේමන්තෝ ධම්මසවෝ ධම්මසවපිතා
සංඝරක්ඛිතත්ථේරෝ ච උසභෝ ච මහාමුනී’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M