ඛුද්දක නිකාය

ථේර ගාථා

1.9.8. අජ්ජුනත්ථේරගාථා

1.9.8. අජ්ජුන තෙරුන්ගේ ගාථාව

88. අසක්ඛිං වත අත්තානං උද්ධාතුං උදකා ජලං
වුය්හමානෝ මහෝඝේව සච්චානි පටිවිජ්ඣහ’න්ති.

88. මං හිටියේ මහා ජල කඳකට හසු වෙලා ගහගෙන යන කෙනෙක් වගේ. සංසාරය නැමැති ජල කඳේ මාවත් ගහගෙන ගියා. අන්තිමේදී ඒ ජල කඳින් ගොඩ වෙලා පොළොවෙහි පය ගහන්ට මටත් පුළුවන් වුණා. මාත් මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා අජ්ජුනෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අජ්ජුන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M