ඛුද්දක නිකාය

ථේර ගාථා

16.1.1. අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථේරගාථා

16.1.1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථා

673. ඒස භිය්‍යෝ පසීදාමි සුත්වා ධම්මං මහාරසං
විරාගෝ දේසිතෝ ධම්මෝ අනුපාදාය සබ්බසෝ

673. සද්ධර්මයේ තිබෙන්නෙ පුදුමාකාර රසයක්. මං ඒ සද්ධර්මය අහල ගොඩක් පැහැදුණා. බුදු සමිඳුන් වදාළ මේ ධර්මය හැම ආකාරයෙන්ම බැඳීම් රහිත විරාගී ධර්මයක්.

674. බහූනි ලෝකේ චිත්‍රානි අස්මිං පඨවිමණ්ඩලේ
මථෙන්ති මඤ්ඤේ සංකප්පං සුභං රාගූපසංහිතං

674. මේ ලෝකයේ නොයෙක් විදිහේ අරමුණු තියෙනවා. ඒවා අතර ලස්සනට පෙනෙන රාගය ඇති කරන අරමුණු නිසා ඇතිවන සංකල්ප මුළු මිනිස් ලෝකයම කලඹලා දානවා කියලයි මං හිතන්නෙ.

675. රජමුහතං ච වාතේන යථා මේඝෝපසම්මයේ
ඒවං සම්මන්ති සංකප්පා යදා පඤ්ඤාය පස්සති

675. සුළඟට ඇවිස්සිලා ගහගෙන යන දූවිලි වැස්ස වහින කොට සංසිඳෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාව උපදවා ගෙන රාග සංකල්ප දිහා බලන කොට ඒවා සංසිඳිලා යනවා.

676. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා

676. ප්‍රඥාව උපදවාගෙන, සකස් වෙච්ච හැම දෙයක් ගැනම අනිත්‍ය වශයෙන් බලන කොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙක් පිරිසිදු වන්නෙ අන්න ඒ ක්‍රමයටයි.

677. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා

677. ප්‍රඥාව උපදවාගෙන, සකස් වෙච්ච හැම දෙයක් ගැනම දුක් වශයෙන් බලන කොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙක් පිරිසිදු වන්නෙ අන්න ඒ ක්‍රමයටයි.

678. සබ්බේ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා

678. ප්‍රඥාව උපදවාගෙන, සකස් වෙච්ච හැම දෙයක් ගැනම අනාත්ම වශයෙන් බලන කොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙක් පිරිසිදු වන්නෙ අන්න ඒ ක්‍රමයටයි.

679. බුද්ධානුබුද්ධෝ යෝ ථේරෝ කොණ්ඩඤ්ඤෝ තිබ්බනික්කමෝ
පහීනජාතිමරණෝ බ්‍රහ්මචරියස්ස කේවලී

679. මේ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. ඒ නිසාම ඉපදීමත් මරණයත් නැතිකළා. බඹසර ජීවිතය සම්පූර්ණ කරගත්තා.

680. ඕඝපාසෝ දළ්හඛිලෝ පබ්බතෝ දුප්පදාලියෝ
ඡෙත්වා ඛිලං ච පාසං ච සේලං භෙත්වාන දුබ්භිදං
තිණ්ණෝ පරංගතෝ ඣායී මුත්තෝ සෝ මාරබන්ධනා

680. මහා සැඩ පහරක් තියෙනවා. ඒ වගේම උගුල් අටවලා තියෙනවා. ඒ වගේම උල් ගොඩක් තියෙනවා. පළන්ට දුෂ්කර වූ ගල් පර්වතයකුත් තියෙනවා. මේ කෙනා ඔක්කොම උල් ටික කඩලා දැම්මා. අටවපු උගුල් ටික සුණු විසුණු කළා. පළන්ට දුෂ්කර ගල් පර්වතය කෑලිවලට පළලා දැම්මා. සැඩ පහරින් එතෙර වුණා. මේ කෙනා ධ්‍යාන වඩන කෙනෙක්. මාර බන්ධනයෙන් මිදුණ කෙනෙක්.

681. උද්ධතෝ චපලෝ භික්ඛු මිත්තේ ආගම්ම පාපකේ
සංසීදති මහෝඝස්මිං ඌමියා පටිකුජ්ජිතෝ

681. ආඩම්බරකාරී වුණොත්, චපල සිත් ඇති වුණොත්, පාප මිත්‍රයන්ගේ ආශ්‍රයට වැටුණොත්, ඒ භික්ෂුව ක්‍රෝධ කිරීම නැමති දිය සුළියට අසුවෙනවා. සසර සැඩ පහරේම ගිලෙනවා.

682. අනුද්ධතෝ අචපලෝ නිපකෝ සංවුතින්ද්‍රියෝ
කල්‍යාණමිත්තෝ මේධාවී දුක්ඛස්සන්තකරෝ සියා

682. උඩඟුකමක් නැති, චපල නැති බුද්ධිමත්ව කටයුතු කරන, ඉන්ද්‍රිය සංවරය ඇති කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති භික්ෂුව දුක අවසන් කරනවා.

683. කාලපබ්බංගසංකාසෝ කිසෝ ධමනිසන්ථතෝ
vමත්තඤ්ඤූ අන්නපානස්මිං අදීනමානසෝ නරෝ

683. එයාගෙ අත් පා කලුවැල් පුරුක් වගේ කෙට්ටුයි. නහර වැල් ඉල්පිලා තියෙන්නේ. ආහාර ගැනීමේ අරමුණ ගැනත් හොඳට දන්නවා. එයා අදීන සිත් ඇති කෙනෙක්.

684. ඵුට්ඨෝ ඩංසේහි මකසේහි අරඤ්ඤස්මිං බ්‍රහාවනේ
නාගෝ සංගාමසීසේ’ව සතෝ තත්‍රාධිවාසයේ

684. මහ වනයට ගිහින් භාවනා කරද්දී ලේ බොන මැසි මදුරුවන්ගෙන් වේදනාකාරී පහර ලබද්දී හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද බිමට පැමිණිච්ච හස්තියෙක් වගේ.

685. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං
කාලං ච පතිකංඛාමි නිබ්බිසං භතකෝ යථා

685. මට දැන් මරණය ගැන අමුතු ආශාවක් නෑ. ජීවිතය ගැනත් අමුතු ආශාවක් නෑ. මාසෙ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මාත් මේ කල් බලාගෙන ඉන්නෙ පිරිනිවන් පෑමටයි.

686. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං
කාලං ච පතිකංඛාමි සම්පජානෝ පතිස්සතෝ

686. මට දැන් මරණය ගැන අමුතු ආශාවක් නෑ. ජීවිතය ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳ සිහියෙන් හොඳ නුවණින් මං මේ කල් බලාගෙන ඉන්නෙ පිරිනිවන් පෑමටයි.

687. පරිචිණ්ණෝ මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං
ඕහිතෝ ගරුකෝ භාරෝ භවනෙත්ති සමූහතා

687. මං ශාස්තෘන් වහන්සේව ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කළා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම කපලා දැම්මා.

688. යස්සත්ථාය පබ්බජිතෝ අගාරස්මානගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ කිං මේ සද්ධිවිහාරිනා’ති

688. ගිහි ජීවිතය අත්හැරලා මං මහණ වුණේ උතුම් අදහසක් ඇතිව. මගේ ඒ උතුම පැතුම ඉෂ්ට වුණා. දැන් ඉතින් මට වෙන කෙනෙකුගෙන් ඇති වැඬේ කුමක්ද? (හැමදේකින්ම නිදහස්.)

ඉත්ථං සුදං ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_16-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M