365. මාත් උපසම්පදාව ලබාගත්තා. නිකෙලෙස් වූ චිත්ත විමුක්තිය ඇති කරගත්තා. භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට ගිය වෙලාවේ ඒ බුදු සමිඳාණන් වැඩවසන විහාරයේ පවා මට වාසය කරන්නට ලැබුණා.
366. එදා රාත්‍රී බොහෝ වෙලාවක් යනතුරු භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමිනුයි වැඩසිටියේ. විවිධාකාර සමාපත්තිවලින් වැඩසිටින්ට දක්ෂ වූ අපගේ ශාස්තෘන් වහන්සේ එකල ගන්ධ කුටියට වැඩි සේක.
367. ඒ ගෞතම සමිඳාණන් දෙපට සිවුර අතුරා සිංහ සෙය්ය්‍යාවෙන් සැතපුණේ බිය තැති ගැනීම් කිසිවක් නැතිව ගල්ලෙනක වාසය කරන සිංහ රාජයෙක් වගේ.
368. එදා එතනදී සම්බුදු සමිඳාණන්ගේ ශ්‍රාවකයෙක් වූ, මිහිරි ලෙස කතා කරන, සෝණ කුටිකණ්ණ, ඒ ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් ඉදිරියේ දහම් දෙසුවා.
369. පංච උපාදානස්කන්ධයන්ගේ සැබෑ තත්වය අවබෝධ කරගත්තා. ආර්ය අෂ්ටාංගික ධර්මය ප්‍රගුණ කරගත්ත පරම ශාන්තියට පත්වුණා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පාන්නට ඔහුට දැන් පුළුවන්.
මෙය වනාහී ආයුෂ්මත් සෝණකුටිකණ්ණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M