117. මිනිස්සු මෝල් ගස්වලින් ධ්‍යාන වර්ග කොටනවා. අඹු දරුවන්වත් පෝෂණය කර ගෙන ධනයත් උපයා ගන්නවා.
118. යම් දෙයක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට ම පා සෝද ගන්න. නිදහස් තැනක වාඩි වෙන්න. චිත්ත සමාධියක් ඇති කරගන්න. බුදු සසුන සම්පූර්ණ කරගන්න.
119. පටාචාරාව තමයි ඒ භික්ෂුණීන්ට අනුශාසනා කළේ. ඒ භික්ෂුණීන් පිරිසත් ඉතා හොඳට එය අහගත්තා. පා සෝද ගත්තා. හුදෙකලා තැනක වාඩි වුණා. චිත්ත සමාධිය ඇති කරගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
120. රෑ පළමු යාමයේ කලින් ගත කළ ජීවිත ගැන දැනගත්තා. මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා. පාන්දර වෙනකොට ‘අවිද්‍යාව’ නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.
121. “අපි ඔබ තුමිය ගේ අනුශාසනාව අනුව වැඩ කරගත්තා” කියල ඒ භික්ෂුණී පිරිස පටාචාරාවගේ දෙපා වැන්දා. සුරාසුර යුද්ධෙන් ජයගත්තට පස්සෙ තව්තිසා දෙවියෝ ශක්‍රයාට සලකනවා වගේ, අපිත් ඔබතුමිය පෙරටු කරගෙන ඉන්නවා. ත්‍රිවිද්‍යාව ලබාගෙන කෙලෙස් රහිතව ඉන්නවා.
මේ වනාහී තිහක් පමණ රහත් තෙරණිවරු වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M