මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.4.5. චූළ සච්චක සුත්තං

1.4.5. සච්චක නිසා වදාළ කුඩා දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන සච්චකෝ නිගණ්ඨපුත්තෝ වේසාලියං පටිවසති භස්සප්පවාදිකෝ පණ්ඩිතවාදෝ සාධුසම්මතෝ බහුජනස්ස. සෝ වේසාලියං පරිසති ඒවං වාචං භාසති: “නාහං තං පස්සාමි සමණං වා බ්‍රාහ්මණං වා සංඝිං ගණිං ගණාචරියං, අපි අරහන්තං සම්මාසම්බුද්ධං පටිජානමානං, යෝ මයා වාදේන වාදං සමාරද්ධෝ න සංකම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවේධෙය්‍ය, යස්ස න කච්ඡේහි සේදා මුච්චෙය්‍යුං. ථූණඤ්චේ පහං අචේතනං වාදේන වාදං සමාරභෙය්‍යං, සාපි මයා වාදේන වාදං සමාරද්ධා සංකම්පෙය්‍ය සම්පකම්පෙය්‍ය සම්පවේධෙය්‍ය. කෝ පන වාදෝ මනුස්සභූතස්සා”ති

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. ඒ දිනවල විශාලා මහනුවර සච්චක කියල නිගණ්ඨ පුත්‍රයෙක් හිටියා. ඔහු කතා බස් කරන්න බොහොම දක්ෂයි. උගත් කියලත් සම්මතයි. බොහෝ ජනයා අතර මොහු ගැන පැහැදීමක් තියෙනවා. මොහු විශාලා මහනුවරදී පිරිස් මැද මෙහෙම කියනවා,

“ඔය ඉන්නෙ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පිරිස් පිරිවරාගෙන පිරිසට ආචාර්ය වෙලා. ඒ අය රහත් ලු! සම්මා සම්බුද්ධ ලු! නමුත් මං ඒ අයත් එක්ක වාද කරන්න පටන් ගත්තොත්, ඒ උදවිය වෙව්ලලා යන්නෙ නැත්නම්, කම්පා වෙලා යන්නෙ නැත්නම්, සලිත වෙලා යන්නෙ නැත්නම්, කිහිලිවලින් දාඩිය ගලන්නෙ නැත්නම්, එබඳු ශ්‍රමණයෙක්වත්, බ්‍රාහ්මණයෙක්වත් මට නම් පේන්නෙ නෑ. මේ සිත් පිත් නැති කණුවක් එක්ක මං වාද කරන්න පටන් ගත්තොත්, මේ කණුවත් කම්පා වෙනවා. සලිත වෙනවා. වෙව්ලල යනවා. මේ නරයන් ගැන කවර කතා ද?” කියලා.

2. අථ ඛෝ ආයස්මා අස්සජි පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වේසාලිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ වේසාලියං ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ ආයස්මන්තං අස්සජිං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන යේනායස්මා අස්සජි තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා අස්සජිනා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ ආයස්මන්තං අස්සජිං ඒතදවෝච:

එදා ආයුෂ්මත් අස්සජි තෙරුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරවා ගෙන, පාත්‍ර සිවුරු අරගෙන විශාලා මහනුවරට පිණ්ඩපාතෙ වැඩියා. සච්චක නිගණ්ඨ පුත්‍රයාත් විශාලා මහනුවර ව්‍යායාම පිණිස ඇවිදගෙන යද්දි, අස්සජි තෙරුන්ව දුර දී ම දැක්කා. දැකල අස්සජි තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් අස්සජි තෙරුන් සමග පිළිසඳර කතා බහේ යෙදුනා. ඊට පස්සෙ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගෙන, ආයුෂ්මත් අස්සජි තෙරුන්ගෙන් මේ නිගණ්ඨ පුත්‍ර සච්චකයා මෙහෙම ඇහුවා.

“කථං පන භෝ අස්සජි සමණෝ ගෝතමෝ සාවකේ විනේති, කථංභාගා ච පන සමණස්ස ගෝතමස්ස සාවකේසු අනුසාසනී බහුලා පවත්තතී”ති.

“හා! පින්වත් අස්සජි, ඔය ශ්‍රමණ ගෞතමයනුත් ශ්‍රාවකයන් හික්මවනවා නෙව. ඉතින් ඔය ශ්‍රමණ ගෞතමයන් බොහෝ විට ශ්‍රාවකයන් හික්මවන්නෙ කොයි වගේ අනුශාසනාවලින්ද?”

ඒවං ඛෝ අග්ගිවෙස්සන භගවා සාවකේ විනේති, ඒවංභාගා ච පන භගවතෝ සාවකේසු අනුසාසනී බහුලා පවත්තති:

“පින්වත් අග්ගිවෙස්සන, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නෙ මේ විදිහටයි. භාග්‍යවතුන් වහන්සේ බොහෝ විට ශ්‍රාවකයින්ට අනුශාසනා කරන්නෙ මේ විදිහටයි.

“රූපං භික්ඛවේ අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං භික්ඛවේ අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා”ති.

‘පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සඤ්ඤාව අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි. විඤ්ඤාණය අනිත්‍යයි. පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි. සඤ්ඤාව අනාත්මයි. සංස්කාර අනාත්මයි. විඤ්ඤාණය අනාත්මයි. හැම සංස්කාරයක් ම අනිත්‍යයි. හැමදෙයක්ම අනාත්මයි’ කියලා.

ඒවං ඛෝ අග්ගිවෙස්සන භගවා සාවකේ විනේති. ඒවංභාගා ච පන භගවතෝ සාවකේසු අනුසාසනී බහුලා පවත්තතීති.

පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නෙ. ශ්‍රාවකයින්ට බහුල වශයෙන් අනුශාසනා කරන්නෙ.”

“දුස්සුතං වත භෝ අස්සජි අස්සුම්හ, යේ මයං ඒවංවාදිං සමණං ගෝතමං අස්සුම්හ. අප්පේව නාම මයං කදාචි කරහචි තේන භෝතා ගෝතමේන සද්ධිං සමාගච්ඡෙය්‍යාම, අප්පේව නාම සියා කෝචිදේව කථාසල්ලාපෝ, අප්පේව නාම තස්මා පාපකා දිට්ඨිගතා විවේචෙය්‍යාමා”ති.

“අපොයි! පින්වත් අස්සජි, අපි මේ නොඇසිය යුතු දෙයක් නෙව ඇහුවේ. අපටත් ශ්‍රමණ ගෞතමයන් ඔහොම කියන කෙනෙක් කියල අහන්න ලැබුනා නෙව. අනේ ඉතින් අපටත් කොයි වෙලාවක හරි පින්වත් ගෞතමයන්ව මුණගැහෙන්නෙ නැතෑ. එතකොට අපටත් කතා බස් කරන්න ලැබෙන්නෙ නැතෑ. එතකොටවත් ඔය පාපී මිථ්‍යා දෘෂ්ටියෙන් ශ්‍රමණ ගෞතමයන්ව නිදහස් කරවන්න ඕන.”

3. තේන ඛෝ පන සමයේන පඤ්චමත්තානි ලිච්ඡවිසතානි සන්ථාගාරේ සන්නිපතිතානි හොන්ති කේනචිදේව කරණීයේන. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ යේන තේ ලිච්ඡවී තේනුපසංකමි. උපසංකමිත්වා තේ ලිච්ඡවී ඒතදවෝච:

ඒ දිනවල ලිච්ඡවී කුමාරවරු පන්සීයක් විතර යම්කිසි කටයුත්තකට රැස්වීම් ශාලාවකට රැස්වෙලා හිටියා. එතකොට නිගණ්ඨ පුත්‍ර සච්චකයා ඒ ලිච්ඡවීන් ළඟට ගියා. ගිහින් මෙහෙම කිව්වා.

“අභික්කමන්තු භොන්තෝ ලිච්ඡවී! අභික්කමන්තු භොන්තෝ ලිච්ඡවී! අජ්ජ මේ සමණේන ගෝතමේන සද්ධිං කථාසල්ලාපෝ භවිස්සති. සචේ මේ සමණෝ ගෝතමෝ තථා පතිට්ඨිස්සති, යථාස්ස මේ ඤාතඤ්ඤතරේන සාවකේන අස්සජිනා නාම භික්ඛුනා පතිට්ඨිතං, සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ දීඝලෝමිකං ඒළකං ලෝමේසු ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය පරිකඩ්ඪෙය්‍ය සම්පරිකඩ්ඪෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරෝ මහන්තං සොණ්ඩිකාකිළඤ්ජං ගම්භීරේ උදකරහදේ පක්ඛිපිත්වා කණ්ණේ ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය පරිකඩ්ඪෙය්‍ය සම්පරිකඩ්ඪෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තෝ වාලං කණ්ණේ ගහෙත්වා ඕධුනෙය්‍ය නිද්ධුනෙය්‍ය නිච්ඡෝදෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ඕධුනිස්සාමි නිද්ධුනිස්සාමි නිච්ඡෝදෙස්සාමි. සෙය්‍යථාපි නාම කුඤ්ජරෝ සට්ඨිහායනෝ ගම්භීරං පොක්ඛරණිං ඕගහෙත්වා සණධෝවිකං නාම කීළිතජාතං කීළති, ඒවමේවාහං සමණං ගෝතමං සණධෝවිකං මඤ්ඤේ කීළිතජාතං කීළිස්සාමි. අභික්කමන්තු භොන්තෝ ලිච්ඡවී! අභික්කමන්තු භොන්තෝ ලිච්ඡවී! අජ්ජ මේ සමණේන ගෝතමේන සද්ධිං කථාසල්ලාපෝ භවිස්සතී”ති.

“පින්වත් ලිච්ඡවීවරුනි, හා! එන්න. පින්වත් ලිච්ඡවීවරුනි, හා! එන්න. අද ශ්‍රමණ ගෞතමයන් එක්ක මගේ ලොකු කතාවක් සිද්ධ වෙනවා නෙව. ඉතින් ශ්‍රමණ ගෞතමයන් තමන් කියාපු මතේ ම හිටියොත්, ඒ කියන්නෙ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රසිද්ධ ශ්‍රාවකයෙක් ඉන්නවා අස්සජි කියල. අන්න ඒ භික්ෂුව මාත් එක්ක කියපු කතාව තුළ ම ශ්‍රමණ ගෞතමයන් හිටියොත්, එහෙනම් මං මෙහෙමයි කරන්නෙ. ඇඟේ පතේ හයිය තියෙන මිනිහෙක් දිග ලොම් තියෙන එළුවෙකුගේ ලොම්වලින් තදින් අල්ලල හිට, එහාට මෙහාට හොලෝල, හොලෝල, හොලෝල, පැත්ත දානවා වගේ, අන්න ඒ විදියට ම මං ශ්‍රමණ ගෞතමයන් එක්ක වාදෙන් වාදෙ පටලෝල, හොලෝල, හොලෝල, හොලෝල පැත්ත දානවා.

එහෙම නැත්නම් මෙහෙම කරනවා. සුරා හදන මිනිහෙක් සුරා පෙරන ලොකු පැදුර ගැඹුරු ජලාශයක දාල කොන් දෙකෙන් අල්ලල හිට, එහාට මෙහාට ගසල, ගසල පැත්ත දානවා. අන්න ඒ වගේම මමත් ශ්‍රමණ ගෞතමයන්ව වාදෙන් පටලෝල, ගසල, ගසල, ගසල පැත්ත දානවා.

එහෙම නැත්නම් මෙහෙම කරනවා. බේබද්දෙක් සුරා පෙරන පෙරහන්කඩේ අරගෙන, ඒකෙ කොන යටට හරෝල ගසනවා. උඩට හරෝල ගසනවා. දෙපැත්තටම හරෝ, හරෝ ගසල දානවා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන්ව වාදෙන් වාදෙ පටලෝලා, යටට හරෝල ගසනවා. උඩට හරෝල ගසනවා. දෙපැත්තටම හරෝල ගසනවා.

එහෙම නැත්නම්, හැට වයස් පිරිච්ච හස්ති රාජයෙක් ගැඹුරු පොකුණකට බැහැල ‘සණධෝවික’ කියන පොකුණ කළඹන සෙල්ලම කරනවා වගෙයි. මං ශ්‍රමණ ගෞතමයන් එක්ක අන්න ඒ ජාතියෙ ‘සණධෝවික’ සෙල්ලමක් තමයි කරන්නෙ. ඒ නිසා පින්වත් ලිච්ඡවීවරුනි, හා!එන්න. පින්වත් ලිච්ඡවීවරුනි, හා! එන්න. අද ශ්‍රමණ ගෞතමයන් එක්ක මගේ ලොකු කතා බහක් ඇතිවෙනවා නෙව.”

4. තත්‍රේකච්චේ ලිච්ඡවී ඒවමාහංසු: “කිං සමණෝ ගෝතමෝ සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස වාදං ආරෝපෙස්සති, අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සතී”ති. ඒකච්චේ ලිච්ඡවී ඒවමාහංසු: “කිං සෝ භවමානෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවතෝ වාදං ආරෝපෙස්සති, අථ ඛෝ භගවා සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස වාදං ආරෝපෙස්සතී”ති.

එතකොට සමහර ලිච්ඡවී කෙනෙක් මෙහෙම කිව්වා. “ඔය ශ්‍රමණ ගෞතමයන් නිගණ්ඨ පුත්‍ර සච්චකත් එක්ක කරන වාදෙ මොකක්ද? නිගණ්ඨ පුත්‍ර සච්චක නෙව, ශ්‍රමණ ගෞතමයන් එක්ක වාද කරන්න තියෙන්නෙ.”

එතකොට සමහර ලිච්ඡවීන් මෙහෙම කිව්වා. “මේ නිගණ්ඨ පුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ සමග වාද කරන්න හදන්නෙ, සච්චකයා කවුරු කියල හිතට අරගෙන ද දන්නෙ නෑ. අනික භාග්‍යවතුන් වහන්සේ තමයි ඔය නිගණ්ඨ පුත්‍ර සච්චකයා එක්ක වාද කරන්න ඕන.”

5. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ පඤ්චමත්තේහි ලිච්ඡවිසතේහි පරිවුතෝ යේන මහාවනං කූටාගාරසාලා තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන සම්බහුලා භික්ඛූ අබ්භෝකාසේ චංකමන්ති. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ යේන තේ භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේ භික්ඛූ ඒතදවෝච: කහං නු ඛෝ භෝ ඒතරහි සෝ භවං ගෝතමෝ විහරති? දස්සනකාමා හි මයං තං භවන්තං ගෝතමන්ති. “ඒසග්ගිවෙස්සන භගවා මහාවනං අජ්ඣෝගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසින්නෝ”ති.

ඉතින් නිගණ්ඨ පුත්‍ර සච්චකයා පන්සීයක් ලිච්ඡවී පිරිස පිරිවරාගෙන, මහා වනයේ කූටාගාර ශාලාවට ගියා. ඒ වෙලාවෙ බොහෝ භික්ෂූන් වහන්සේලා එළිමහනෙ සක්මන් කර කර හිටියා. එතකොට නිගණ්ඨ පුත්‍ර සච්චක ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහිල්ලා ඒ භික්ෂූන්ගෙන් මෙහෙම ඇහුවා. “භවත්නි, ඒ භවත් ගෞතමයන් දැන් ඉන්නෙ කොහේද? අපි ඒ භවත් ගෞතමයන්ව මුණගැහෙන්න කැමතියි.” “පින්වත් අග්ගිවෙස්සන, භාග්‍යවතුන් වහන්සේ මේ මහ වනය ඇතුලේ එක්තරා රුක් සෙවණක දවල් කාලය ගෙවීම පිණිස වැඩඉන්නවා.”

6. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං මහාවනං අජ්ඣෝගහෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. තේපි ඛෝ ලිච්ඡවී අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවන්තං ඒතදවෝච: පුච්ඡෙය්‍යාහං භවන්තං ගෝතමං කඤ්චිදේව දේසං, සචේ මේ භවං ගෝතමෝ ඕකාසං කරෝති පඤ්හස්ස වෙය්‍යාකරණායාති. “පුච්ඡග්ගිවෙස්සන යදාකංඛසී”ති.

එතකොට නිගණ්ඨ පුත්‍ර සච්චක ඒ විශාල ලිච්ඡවී පිරිසත් එක්ක මහ වනය ඇතුළට ම ගිහින් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතා කරලා පැත්තකින් වාඩිවුනා. සමහර ලිච්ඡවීන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩිවුනා. සමහර ලිච්ඡවීන් භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතා බස් කරල පැත්තකින් වාඩිවුනා. සමහර ලිච්ඡවීන් භාග්‍යවතුන් වහන්සේට ආචාර කරලා පැත්තකින් වාඩිවුනා. සමහර ලිච්ඡවීන් තම තමන්ගේ නම් ගොත් කියල පැත්තකින් වාඩිවුනා. සමහර ලිච්ඡවීන් නිශ්ශබ්දව ම පැත්තකින් වාඩිවුනා. එකත්පස් වුන නිගණ්ඨ පුත්‍ර සච්චකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. “භවත් ගෞතමයන් වහන්ස, මට පොඩි කාරණයක් අහන්න තියෙනවා. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ මට අවසර දෙනවා නම් මට ප්‍රශ්නයක් අහන්න පුළුවනි.”

“හොඳයි පින්වත් අග්ගිවෙස්සන, ඒ කැමති දේ දැන් අහන්න.”

7. “කථං පන භවං ගෝතමෝ සාවකේ විනේති, කථංභාගා ච පන භෝතෝ ගෝතමස්ස සාවකේසු අනුසාසනී බහුලා පවත්තතී”ති.

“පින්වත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නෙ කොහොමද? පින්වත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින්ට බහුලවම මොන විදිහේ අනුශාසනාවක් ද කරන්නෙ?”

ඒවං ඛෝ අහං අග්ගිවෙස්සන සාවකේ විනේමි, ඒවංභාගා ච පන මේ සාවකේසු අනුසාසනී බහුලා පවත්තති: රූපං භික්ඛවේ අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං භික්ඛවේ අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තාති. ඒවං ඛෝ අහං අග්ගිවෙස්සන සාවකේ විනේමි ඒවංභාගා ච පන මේ සාවකේසු අනුසාසනී බහුලා පවත්තතීති.

“පින්වත් අග්ගිවෙස්සන, මං ශ්‍රාවකයින්ව හික්මවන්නෙ මෙහෙමයි. මං ශ්‍රාවකයින්ට බහුල වශයෙන් ම අනුශාසනා කරන්නෙ මෙහෙමයි. ‘පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සඤ්ඤාව අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි. විඤ්ඤාණය අනිත්‍යයි. පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. වේදනාව අනාත්මයි. සඤ්ඤාව අනාත්මයි. සංස්කාර අනාත්මයි. විඤ්ඤාණය අනාත්මයි. හැම සංස්කාරයක් ම අනිත්‍යයි. හැම දෙයක්ම අනාත්මයි’ කියල. පින්වත් අග්ගිවෙස්සන, ඔන්න ඔය විදිහට තමයි මම ශ්‍රාවකයින්ව හික්මවන්නෙ. ඔන්න ඔය විදිහටයි මම ශ්‍රාවකයින්ට බහුල වශයෙන් අනුශාසනා කරන්නෙ.”

8. “උපමා මං භෝ ගෝතම පටිභාතී”ති. “පටිභාතු තං අග්ගිවෙස්සනා”ති භගවා අවෝච.

“භවත් ගෞතමයන් වහන්ස, මට උපමාවක් මතක් වෙනවා.”

“පින්වත් අග්ගිවෙස්සන, ඒ උපමාව කියන්න” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“සෙය්‍යථාපි භෝ ගෝතම යේ කේචිමේ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජන්ති, සබ්බේ තේ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය. ඒවමේතේ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජන්ති. සෙය්‍යථාපි වා පන භෝ ගෝතම යේ කේචිමේ බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බේ තේ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය. ඒවමේතේ බලකරණීයා කම්මන්තා කරීයන්ති. ඒවමේව ඛෝ භෝ ගෝතම රූපත්තායං පුරිසපුග්ගලෝ රූපේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. වේදනත්තායං පුරිසපුග්ගලෝ වේදනායං පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. සඤ්ඤත්තායං පුරිසපුග්ගලෝ සඤ්ඤායං පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. සංඛාරත්තායං පුරිසපුග්ගලෝ සංඛාරේසුපතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. විඤ්ඤාණත්තායං පුරිසපුග්ගලෝ විඤ්ඤාණේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතී”ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඒක මේ වගේ දෙයක්. දැන් ඔය පැල වෙලා ලොකු මහත් වෙන ගස් කොළන් තියෙනවා නෙව. ඒ ඔක්කොම ගස් කොළන් මේ පොළොව නිසා, මේ පොළොව පිහිට කරගෙන තමයි ඔය උස මහතට හැදෙන්නෙ. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, ඇඟේ පතේ හයිය යොදවලා කරන වැඩතියෙනවා. ඒවා ඔක්කොම කරන්නෙ පොළොව නිසා, පොළොවේ පිහිටලයි. භවත් ගෞතමයන් වහන්ස, අන්න ඒ වගේම තමයි මේ පුද්ගලයා රූපය ආත්මය කරගෙන තමයි ඉන්නෙ. රූපයේ පිහිටල තමයි පින් පව් රැස් කරන්නෙ. මේ පුද්ගලයා වේදනාව ආත්මය කරගෙනයි ඉන්නෙ. වේදනාවේ පිහිටලයි පින් පව් රැස් කරන්නෙ. මේ පුද්ගලයා සඤ්ඤාව ආත්මය කරගෙනයි ඉන්නෙ. සඤ්ඤාවේ පිහිටලයි පින් පව් රැස් කරන්නෙ. මේ පුද්ගලයා සංස්කාර ආත්මය කරගෙනයි ඉන්නෙ. සංස්කාරවල පිහිටලයි පින් පව් රැස් කරන්නෙ. මේ පුද්ගලයා විඤ්ඤාණය ආත්මය කරගෙනයි ඉන්නෙ. විඤ්ඤාණයේ පිහිටලයි පින් පව් රැස් කරන්නෙ.”

9. නනු ත්වං අග්ගිවෙස්සන ඒවං වදේසි: “රූපං මේ අත්තා, වේදනා මේ අත්තා, සඤ්ඤා මේ අත්තා, සංඛාරා මේ අත්තා, විඤ්ඤාණං මේ අත්තා”ති.

“පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නෙ ඔබ මෙහෙම කියනවා කියන එකද? රූපය මගේ ආත්මයයි. වේදනාව මගේ ආත්මයයි. සඤ්ඤාව මගේ ආත්මයයි. සංස්කාර මගේ ආත්මයයි. විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා”

“අහඤ්හි භෝ ගෝතම ඒවං වදාමි: රූපං මේ අත්තා, වේදනා මේ අත්තා, සඤ්ඤා මේ අත්තා, සංඛාරා මේ අත්තා, විඤ්ඤාණං මේ අත්තාති. අයඤ්ච මහතී ජනතා”ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඔව්. මං එහෙම තමයි කියන්නෙ. රූපය මගේ ආත්මයයි. වේදනාව මගේ ආත්මයයි. සඤ්ඤාව මගේ ආත්මයයි. සංස්කාර මගේ ආත්මයයි. විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා. අනික මේ මහජනතාවත් එහෙම තමයි කියන්නෙ.”

“කිඤ්හි තේ අග්ගිවෙස්සන මහතී ජනතා කරිස්සති ඉංඝ ත්වං අග්ගිවෙස්සන සකඤ්ඤේව වාදං නිබ්බේඨේහී”ති.

“ඈ! පින්වත් අග්ගිවෙස්සන, මහජනතාව ඔබට මොකක් කරන්නද? එහෙම නෙවෙයි, අග්ගිවෙස්සන, තමන් හදපු වාදෙ තමන්ම නෙව ලිහාගන්න ඕන.”

“අහඤ්හි භෝ ගෝතම ඒවං වදාමි: රූපං මේ අත්තා, වේදනා මේ අත්තා, සඤ්ඤා මේ අත්තා, සංඛාරා මේ අත්තා, විඤ්ඤාණං මේ අත්තා”ති.

“හරි, භවත් ගෞතමයන් වහන්ස, මම තමයි එහෙම කියන්නෙ. රූපය මගේ ආත්මයයි. වේදනාව මගේ ආත්මයයි. සඤ්ඤාව මගේ ආත්මයයි. සංස්කාර මගේ ආත්මයයි. විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා.”

10. තේන හි අග්ගිවෙස්සන තං යේවෙත්ත පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, වත්තෙය්‍ය රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස සකස්මිං විජිතේ වසෝ: ඝාතේතායං වා ඝාතේතුං, ජාපේතායං වා ජාපේතුං, පබ්බාජේතායං වා පබ්බාජේතුං – සෙය්‍යථාපි රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස, සෙය්‍යථාපි වා පන රඤ්ඤෝ මාගධස්ස අජාතසත්තුස්ස වේදේහිපුත්තස්සාති?

“එහෙනම් පින්වත් අග්ගිවෙස්සන, මං දැන් ඔබෙන් ම යි මේ කාරණය අහන්නෙ. ඔබ කැමති විදිහට උත්තර දෙන්න පුළුවනි. පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන මොකක්ද හිතන්නෙ? ක්ෂත්‍රිය රජවරු ඉන්නවා ඔටුනු පළඳපු, තමන්ගේ රාජ්‍යයේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන්, පසේනදී කොසොල් රජ්ජුරුවො වගේ, වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවො වගේ රජවරු. ඉතින් ඒ වගේ රජෙකුට තම රාජ්‍යයේ ඉන්න රටවැසියන් අතර මැරිය යුත්තන් මරවන්න, ධනය නැති කළ යුත්තන්ව දිළිඳු කරවන්න, රටින් පිටුවහල් කළ යුත්තන්ව පිටුවහල් කරවන්න පුළුවන් තරමේ බලයක් පවත්වන්න පුළුවන් නේද?”

“වත්තෙය්‍ය භෝ ගෝතම රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස සකස්මිං විජිතේ වසෝ: ඝාතේතායං වා ඝාතේතුං, ජාපේතායං වා ජාපේතුං, පබ්බාජේතායං වා පබ්බාජේතුං – සෙය්‍යථාපි රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස, සෙය්‍යථාපි වා පන රඤ්ඤෝ මාගධස්ස අජාතසත්තුස්ස වේදේහිපුත්තස්ස. ඉමේසම්පි හි භෝ ගෝතම සංඝානං ගණානං – සෙය්‍යථිදං: වජ්ජීනං, මල්ලානං වත්තති සකස්මිං විජිතේ වසෝ : ඝාතේතායං වා ඝාතේතුං, ජාපේතායං වා ජාපේතුං, පබ්බාජේතායං වා පබ්බාජේතුං. කිං පන රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස සෙය්‍යථාපි රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස, සෙය්‍යථාපි වා පන රඤ්ඤෝ මාගධස්ස අජාතසත්තුස්ස වේදේහිපුත්තස්ස? වත්තෙය්‍ය භෝ ගෝතම, වත්තිතුඤ්ච මරහතී”ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඒක ඇත්ත. ඔටුනු පළඳපු ක්ෂත්‍රිය රජෙකුට, පසේනදී කොසොල් රජ්ජරුවො වගේ, වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවො වගේ රජෙකුට තමන්ගේ රාජ්‍යයේ රට වැසියන් අතර මැරවිය යුතු අය මරවන්න පුළුවනි. ධන හානි කළ යුතු අයව දිළිඳු කරවන්න පුළුවනි. රටින් පිටුවහල් කළ යුතු අය පිටුවහල් කරවන්න පුළුවනි. ඒ වගේම භවත් ගෞතමයන් වහන්ස, මේ සමූහාණ්ඩු තියෙන වජ්ජීන්ටත්, මල්ලයන්ටත් ඒ විදිහටම තමන්ගේ රාජ්‍යයේ රට වැසියන් අතර මැරවිය යුත්තන් මරවන්නත්, ධන හානි කළ යුත්තන්ගේ ධන හානි කරවන්නත්, රටින් පිටුවහල් කළ යුත්තන්ව රටින් පිටුවහල් කරවන්නත් බලය තියෙනවා. ඉතින් එහෙම එකේ පසේනදී කොසොල් රජ්ජුරුවන්ට වගේ, වේදේහි පුත්‍ර අජාසත් රජ්ජුරුවන්ට වගේ, රජ කුලයේ ඔටුනු පළන්දපු රජෙකුට කොහොමත් පුළුවන් නෙව. භවත් ගෞතමයන් වහන්ස, ඒ ඇත්තන්ට බලය තියෙනවා. ඒ නිසා බලය පාවිච්චි කිරීම පුළුවන් ම යි.”

11. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි: රූපං මේ අත්තාති, වත්තති තේ තස්මිං රූපේ වසෝ: ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසී”ති? ඒවං වුත්තේ සච්චකෝ නිගණ්ඨපුත්තෝ තුණ්හී අහෝසි.

“එහෙනම් පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන මොකක්ද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්වා. රූපය මගේ ආත්මයයි කියලා. ඉතින් මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවා! කියල ඔබට බලයක් පාවිච්චි කරන්න පුළුවන්ද?”

එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක නිශ්ශබ්ද වුනා.

දුතියම්පි ඛෝ භගවා සච්චකං නිගණ්ඨපුත්තං ඒතදවෝච: තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි: රූපං මේ අත්තාති, වත්තති තේ තස්මිං රූපේ වසෝ: ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අහෝසීති? දුතියම්පිඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ තුණ්හී අහෝසි.

දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨපුත්‍ර සච්චකට මෙහෙම වදාළා.

“පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන මොකක්ද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්වා. රූපය මගේ ආත්මයයි කියලා. ඉතින් මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවා! කියල ඔබට බලයක් පාවිච්චි කරන්න පුළුවන්ද?”

දෙවෙනි වතාවෙත් නිගණ්ඨපුත්‍ර සච්චක නිශ්ශබ්ද වුනා.

අථ ඛෝ භගවා සච්චකං නිගණ්ඨපුත්තං ඒතදවෝච : බ්‍යාකරෝහි’දානි අග්ගිවෙස්සන, නදානි තේ තුණ්හීභාවස්ස කාලෝ. යෝ කෝචි අග්ගිවෙස්සන තථාගතේන යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨෝ න බ්‍යාකරෝති, එත්ථේවස්ස සත්තධා මුද්ධා ඵලතීති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨපුත්‍ර සච්චකට මෙහෙම වදාළා.

“ඈ! පින්වත් අග්ගිවෙස්සන, දැන් ඔබ කතා කරන්න ඕන. දැන් මේ ඔබට නිශ්ශබ්ද වෙලා ඉන්න කාලෙ නොවෙයි. පින්වත් අග්ගිවෙස්සන, තථාගතයන් වහන්සේ නමක් කරුණු සහිතව තුන් වතාවක් ප්‍රශ්න කරද්දී යමෙක් පිළිතුරු දෙන්නෙ නැත්නම්, ඔහුගේ හිස හත් කඩකට පැලෙනවා.”

12. තේන ඛෝ පන සමයේන වජිරපාණි යක්ඛෝ ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපරිවේහාසං ඨිතෝ හෝති: “සචායං සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවතා යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨෝ න බ්‍යාකරිස්සති, එත්ථේවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමී”ති.

ඒ මොහොතේ වජ්‍රපාණි කියන යක්ෂයා ගින්දර වගේ බබලන, ගිනි ඇවිලෙන, ගිනිදැල් විහිදෙන, අයෝමය යගදාවක් නිගණ්ඨපුත්‍ර සච්චකට උඩින් ඔසවගෙන අහසේ හිටියා. ‘ඉතින් මේ නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් වතාවක් ම කරුණු සහිතව ප්‍රශ්න කරද්දි උත්තර දෙන්නෙ නැත්නම් මං මොහුගේ හිස මෙතනම හත් කඩකට පලනවා’ කියලා.

තං ඛෝ පන වජිරපාණිං යක්ඛං භගවා චේව පස්සති, සච්චකෝ ච නිගණ්ඨපුත්තෝ. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භීතෝ සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ භගවන්තංයේව තාණං ගවේසී, භගවන්තංයේව ලේණං ගවේසී භගවන්තංයේව සරණං ගවේසී, භගවන්තං ඒතදවෝච: පුච්ඡතු මං භවං ගෝතමෝ, බ්‍යාකරිස්සාමීති.

එතකොට වජ්‍රපාණි යක්ෂයාව පේන්නෙ භාග්‍යවතුන් වහන්සේටත්, නිගණ්ඨ ශ්‍රාවක සච්චකටත් විතරයි. ඉතින් නිගණ්ඨපුත්‍ර සච්චක හොඳටම භය වුනා. කම්පා වුනා. ඇඟේ මවිල් කෙලින් හිටියා. අන්තිමේදී භාග්‍යවතුන් වහන්සේගෙන්ම ආරක්ෂාව හොයන්ට ගත්තා. භාග්‍යවතුන් වහන්සේගෙන්ම රැකවරණයක් සොයන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේගෙන්ම සරණක් සොයන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“භවත් ගෞතමයන් වහන්සේ ඒ ප්‍රශ්නය ආයෙමත් මගෙන් අසනු මැනවි. මං උත්තර දෙන්නම්” කියල.

13. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි: රූපං මේ අත්තාති, වත්තති තේ තස්මිං රූපේ වසෝ: “ඒවං මේ රූපං හෝතු. ඒවං මේ රූපං මා අහෝසී”ති. “නෝ හිදං භෝ ගෝතම.”

“පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන මොකක්ද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්වා. රූපය මගේ ආත්මයයි කියලා. ඉතින් මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවා! කියල ඔබට බලයක් පාවිච්චි කරන්න පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

මනසි කරෝහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛෝ අග්ගිවෙස්සන බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධීයති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං.

“හා! හා! පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන්. පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන් ම යි උත්තර දෙන්න ඕන. ඔබ දැන් කියපු එක, කලින් කියාපු එකට ගැලපෙන්නෙ නෑ. කලින් කියාපු එක දැන් කියපු එකට ගැලපෙන්නෙ නෑ.

තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි : වේදනා මේ අත්තාති, වත්තති තේ තායං වේදනායං වසෝ “ඒවං මේ වේදනා හෝතු. ඒවං මේ වේදනා මා අහෝසී”ති. “නෝ හිදං භෝ ගෝතම.” මනසි කරෝහි අග්ගිවෙස්සන. මනසි කරිත්වා ඛෝ අග්ගිවෙස්සන බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධීයති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං.

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්ව නෙ. ‘වේදනාව මගේ ආත්මයයි’ කියලා. ඉතින් එහෙම නම් “මාගේ වේදනාව මෙසේ වේවා! මාගේ වේදනාව මෙසේ නොවේවා! කියල ඒ වේදනාව උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

“හා! හා! පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන්. පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන් ම යි උත්තර දෙන්න ඕන. ඔබ දැන් කියපු එක, කලින් කියාපු එකට ගැලපෙන්නෙ නෑ. කලින් කියාපු එක දැන් කියපු එකට ගැලපෙන්නෙ නෑ.

තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි : සඤ්ඤා මේ අත්තාති, වත්තති තේ තායං සඤ්ඤායං වසෝ :

“ඒවං මේ සඤ්ඤා හෝතු. ඒවං මේ සඤ්ඤා මා අහෝසී”ති. “නෝ හිදං භෝ ගෝතම.” මනසි කරෝහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛෝ අග්ගිවෙස්සන බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධීයති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං.

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්ව නෙ. ‘සඤ්ඤාව මගේ ආත්මයයි’ කියල. ඉතින් එහෙම නම් ‘මාගේ සඤ්ඤාව මෙසේ වේවා! මාගේ සඤ්ඤාව මෙසේ නොවේවා!’ කියල ඒ සඤ්ඤාව උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

“හා! හා! පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන්. පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන් ම යි උත්තර දෙන්න ඕන. ඔබ දැන් කියපු එක, කලින් කියාපු එකට ගැලපෙන්නෙ නෑ. කලින් කියාපු එක දැන් කියපු එකට ගැලපෙන්නෙ නෑ.

තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි : සංඛාරා මේ අත්තාති, වත්තති තේ තේසු සංඛාරේසු වසෝ : ඒවං මේ සංඛාරා හොන්තු. ඒවං මේ සංඛාරා මා අහේසු”න්ති. “නෝ හිදං භෝ ගෝතම.” මනසි කරෝහි අග්ගිවෙස්සන. මනසි කරිත්වා ඛෝ අග්ගිවෙස්සන බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධීයති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං ඒවං වදේසි: විඤ්ඤාණං මේ අත්තාති, වත්තති තේ තස්මිං විඤ්ඤාණේ වසෝ: “ඒවං මේ විඤ්ඤාණං හෝතු. ඒවං මේ විඤ්ඤාණං මා අහෝසී”ති. “නෝ හිදං භෝ ගෝතම.” මනසි කරෝහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛෝ අග්ගිවෙස්සන, බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධීයති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං.

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්ව නෙ ‘සංස්කාර මගේ ආත්මයයි’ කියල. ඉතින් එහෙම නම් ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා! මාගේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා!’ කියල ඒ සංස්කාර උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

“හා! හා! පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන්. පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන් ම යි උත්තර දෙන්න ඕන. ඔබ දැන් කියපු එක, කලින් කියාපු එකට ගැලපෙන්නෙ නෑ. කලින් කියාපු එක දැන් කියපු එකට ගැලපෙන්නෙ නෑ.

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? දැන් ඔබ මෙහෙම කිව්ව නෙ ‘විඤ්ඤාණය මගේ ආත්මයයි’ කියලා. ඉතින් එහෙම නම් ‘මාගේ විඤ්ඤාණය මෙසේ වේවා! මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා!’ කියල ඒ විඤ්ඤාණය උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

“හා! හා! පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන්. පින්වත් අග්ගිවෙස්සන, හොඳ කල්පනාවෙන් ම යි උත්තර දෙන්න ඕන. ඔබ දැන් කියපු එක, කලින් කියාපු එකට ගැලපෙන්නෙ නෑ. කලින් කියාපු එක දැන් කියපු එකට ගැලපෙන්නෙ නෑ.

14. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, රූපං නිච්චං වා අනිච්චං වාති ‘අනිච්චං භෝ ගෝතම.’ යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. ‘දුක්ඛං භෝ ගෝතම.’ යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති. ‘නෝ හිදං භෝ ගෝතම.’

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? රූපය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, අනිත්‍යයි” “යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද?” “පින්වත් ගෞතමයන් වහන්ස, දුකක්.”

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මේක මගේ, මේ තමයි මම, මේක තමයි මාගේ ආත්මය’ කියල සළකන්න සුදුසුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ඒක සුදුසු නෑ.”

තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, වේදනා ….(පෙ)…. සඤ්ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. ‘අනිච්චං භෝ ගෝතම’. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. ‘දුක්ඛං භෝ ගෝතම.’ යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තාති. ‘නෝ හිදං භෝ ගෝතම.’

පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? වේදනා ….(පෙ)…. සඤ්ඤා ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ….(පෙ)…. නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, අනිත්‍යයි.”

“යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද? සැපක්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, දුකක්.”

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මේක මගේ, මේ තමයි මම, මේක තමයි මාගේ ආත්මය’ කියල සළකන්න සුදුසුද?”

“භවත් ගෞතමයන් වහන්ස, ඒක සුදුසු නෑ.”

15. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යෝ නු ඛෝ දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ඣෝසිතෝ, දුක්ඛං “ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා”ති සමනුපස්සති, අපි නු ඛෝ සෝ සාමං වා දුක්ඛං පරිජානෙය්‍ය, දුක්ඛං වා පරික්ඛේපෙත්වා විහරෙය්‍යාති. “කිඤ්හි සියා භෝ ගෝතම, නෝ හිදං භෝ ගෝතමා”ති. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, නනු ත්වං ඒවං සන්තේ දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ඣෝසිතෝ, දුක්ඛං “ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා”ති සමනුපස්සසීති? “කිඤ්හි නෝ සියා භෝ ගෝතම, ඒවමේතං භෝ ගෝතමා”ති.

“පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? යමෙක් දුකට ඇලිල, දුකට පැමිණිල, දුකේ ම බැසගෙන, ඒ දුකම ‘මේක මගේ, මේ තමයි මම, මේක තමයි මගේ ආත්මය’ කියල දකිනවා නම්, ඒ දැකීම තුළ ඔහුට දුක අවබෝධ කරන්න පුළුවන්ද? දුක අවසන් කරල ඉන්න පුළුවන්ද?”

“භවත් ගෞතමයන් වහන්ස, කොහොම කරන්නද? භවත් ගෞතමයන් වහන්ස, ඒක කරන්න බැහැ ම යි.”

“පින්වත් අග්ගිවෙස්සන, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? ඔබත්, එබඳු ම වූ දුකට ඇලිලා, දුකට පැමිණිලා, දුකේ ම බැසගෙන, ඒ දුක ම ‘මේක මගේ, මේ තමයි මම, මේක තමයි මගේ ආත්මය’ යි කියල දැක්කෙ නැද්ද?”

“අනේ භවත් ගෞතමයන් වහන්ස, නැත්තෙ මොකද? භවත් ගෞතමයන් වහන්ස, මට වුණෙත් ඒකම නෙව.”

16. සෙය්‍යථාපි අග්ගිවෙස්සන, පුරිසෝ සාරත්ථිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ තිඛිණං කුඨාරිං ආදාය වනං පවිසෙය්‍ය, සෝ තත්ථ පස්සෙය්‍ය මහන්තං කදලික්ඛන්ධං උජුං නවං අකුක්කුකජාතං, තමේනං මූලේ ඡින්දෙය්‍ය, මූලේ ඡෙත්වා අග්ගේ ඡින්දෙය්‍ය, අග්ගේ ඡෙත්වා පත්තවට්ටිං විනිබ්භුජෙය්‍ය, සෝ තත්ථ පත්තවට්ටිං විනිබ්භුජන්තෝ, ඵෙග්ගුම්පි නාධිගච්ඡෙය්‍ය, කුතෝ සාරං. ඒවමේව ඛෝ ත්වං අග්ගිවෙස්සන මයා සකස්මිං වාදේ සමනුයුඤ්ජියමානෝ සමනුගාහියමානෝ සමනුභාසියමානෝ රිත්තෝ තුච්ඡෝ අපරද්ධෝ.

“පින්වත් අග්ගිවෙස්සන, ඕක මේ වගේ දෙයක්. අරටුවක අවශ්‍යතාවය තියෙන මිනිහෙක් ඉන්නවා. ඉතින් මෙයා අරටුවක් හොය හොයා මුවහත් පොරවක් අරගෙන මහ වනයට යනවා. මෙයාට ඒ වනයෙදී නොපීදුනු, අළුත්, උස, මහත, විශාල කෙහෙල් ගහක් දකින්න ලැබෙනවා. ඉතින් මෙයා ඒ කෙහෙල් ගහ මුලින් ම කපනවා. අගත් කපනවා. පතුරු ගලෝනවා. පතුරු ගලෝ, ගලෝ බලද්දි, එලයවත් හම්බුවෙන්නෙ නෑ. අරටුවක් කොහොම නම් ලබන්නද? අන්න ඒ වගේ පින්වත් අග්ගිවෙස්සන, ඔබ දැන් මාත් එක්ක වාදෙට ඇවිල්ල හිට, මං දැන් කරුණු විමසගෙන, විමසගෙන යන කොට ඔබගේ වාදෙ හරසුන් වෙලා, හිස් වෙලා, පැරදිලා ගියා නෙව.

17. භාසිතා ඛෝ පන තේ ඒසා අග්ගිවෙස්සන වේසාලියං පරිසතිං වාචා “නාහං තං පස්සාමි සමණං වා බ්‍රාහ්මණං වා සංඝිං ගණිං ගණාචරියං අපි අරහන්තං සම්මාසම්බුද්ධං පටිජානමානං, යෝ මයා වාදේන වාදං සමාරද්ධෝ න සංකම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවේධෙය්‍ය, යස්ස න කච්ඡේහි සේදා මුච්චෙය්‍යුං. ථූණං චේපාහං අචේතනං වාදේන වාදං සමාරභෙය්‍යං; සාපි මයා වාදේන වාදං සමාරද්ධා සංකම්පෙය්‍ය සම්පකම්පෙය්‍ය සම්පවේධෙය්‍ය, කෝ පන වාදෝ මනුස්සභූතස්සා”ති.

නමුත් පින්වත් අග්ගිවෙස්සන, විශාලා මහනුවරදී නම් ජනතාව මැද්දෙ ඔබ මෙහෙම නේද කිව්වෙ? ‘මහා පිරිස් ඉන්න, මහ පිරිස්වලට ආචාර්ය වූ, මම රහත්, මම සම්මා සම්බුදුයි කියාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඉතින් ඔය කවුරු හරි එක්ක මං වාදයක් පටන් ගත්තොත් ඒ අය මගේ වාදෙන් කම්පා වෙන්නෙ නැත්නම්, සැලෙන්නෙ නැත්නම්, වෙව්ලා යන්නෙ නැත්නම්, කිහිලිවලින් දාඩිය ගලන්නෙ නැත්නම්, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මම නම් දකින්නෙ නෑ. මං මේ හිත් පිත් නැති කුළුණත් එක්ක වාදෙට බැස්සොත්, මං වාද කරගෙන යනකොට මේ කුළුණ පවා කම්පා වෙනවා. සැලෙනවා. වෙව්ලා යනවා. එහෙම එකේ මේ නරයන් ගැන කවර කතාද?’ කියලා.

තුය්හං ඛෝ පනග්ගිවෙස්සන අප්පේකච්චානි සේදඵුසිතානි නලාටා මුත්තානි උත්තරාසංගං විනිභින්දිත්වා භූමියං පතිට්ඨිතානි. “මය්හං ඛෝ පනග්ගිවෙස්සන, නත්ථි ඒතරහි කායස්මිං සේදෝ”ති. – ඉති භගවා තස්මිං පරිසතිං සුවණ්ණවණ්ණං කායං විවරි.

ඒ වුනාට පින්වත් අග්ගිවෙස්සන, දැන් ඔය ඔබේ නළලෙන් වැටෙන දාඩිය උතුරු සළුවටත් වැටිලා, පොළොවටත් වැටෙනවා නේද? පින්වත් අග්ගිවෙස්සන, ඒ වුනාට මේ බලන්න මේ වෙලාවෙ මගේ කයේ කිසිම දාඩියක් නෑ” කියල භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස ඉදිරියේ සිවුරේ ස්වල්පයක් පාත් කරලා, තම රන්වන් ශරීරය පෙන්නුවා.

ඒවං වුත්තේ සච්චකෝ නිගණ්ඨපුත්තෝ තුණ්හීභූතෝ මංකුභූතෝ පත්තක්ඛන්ධෝ අධෝමුඛෝ පජ්ඣායන්තෝ අප්පටිභානෝ නිසීදි.

එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක නිහඬ වුනා. හැකිලුනා. කඳ යටට හරෝගත්තා. මූණ පාත් කරගත්තා. වැටහීම් රහිතව ඔහේ කරබාගෙන වාඩිවෙලා හිටියා.

18. අථ ඛෝ දුම්මුඛෝ ලිච්ඡවිපුත්තෝ සච්චකං නිගණ්ඨපුත්තං තුණ්හීභූතං මංකුභූතං පත්තක්ඛන්ධං අධෝමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා භගවන්තං ඒතදවෝච : උපමා මං භගවා පටිභාතීති. ‘පටිභාතු තං දුම්මුඛා’ති භගවා අවෝච:

ඒ වෙලාවෙ දුර්මුඛ කියන ලිච්ඡවී දරුවා, නිහඬව, හැකිළිලා, කඳ පාත් කරගෙන, මූණ යටට හරවගෙන, වැටහීම් රහිතව ඔහේ කරබාගෙන වාඩිවෙලා ඉන්න නිගණ්ඨපුත්‍ර සච්චක දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.”

“භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහෙනවා.”

“පින්වත් දුර්මුඛ, හොඳයි එහෙනම් කියන්න” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“සෙය්‍යථාපි භන්තේ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරේ පොක්ඛරණී, තත්‍රස්ස කක්කටකෝ, අථ ඛෝ භන්තේ සම්බහුලා කුමාරකා වා කුමාරිකා වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යේන සා පොක්ඛරණී තේනුපසංකමෙය්‍යුං, උපසංකමිත්වා තං පොක්ඛරණිං ඕගහෙත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලේ පතිට්ඨාපෙය්‍යුං, යඤ්ඤදේව හි සෝ භන්තේ කක්කටකෝ අළං අභිනින්නාමෙය්‍ය, තන් තදේව තේ කුමාරකා වා කුමාරිකා වා කට්ඨේන වා කඨලේන වා සංඡින්දෙය්‍යුං සම්භඤ්ජෙය්‍යුං සම්පලිභඤ්ජෙය්‍යුං, ඒවං හි සෝ භන්තේ කක්කටකෝ සබ්බේහි අළේහි සංඡින්නේහි සම්භග්ගේහි සම්පලිභග්ගේහි අභබ්බෝ තං පොක්ඛරණිං පුන ඕතරිතුං, සෙය්‍යථාපි පුබ්බේ. ඒවමේව ඛෝ භන්තේ යානි සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස විසූකායිතානි විසේවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, තානි භගවතා සංඡින්නානි සම්භග්ගානි සම්පලිභග්ගානි. අභබ්බෝවදානි භන්තේ සච්චකෝ නිගණ්ඨපුත්තෝ පුන භගවන්තං උපසංකමිතුං යදිදං වාදාධිප්පායෝ”ති.

“ස්වාමීනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න එක ගමක් ළඟ හරි නියම් ගමක් ළඟ හරි පොකුණක් තිබුනා. ඔය පොකුණෙ කක්කුට්ටෙක් හිටියා. එදා ස්වාමීනි, පොඩි දරු දැරියන් ඒ ගමේ ඉඳලා, ඒ නියම් ගමේ ඉඳලා ඔය පොකුණට ආවා. ඒ ළමයි ඒ පොකුණට බැස්සා. අර කක්කුට්ටව වතුරෙන් උඩට ගත්තා. ගොඩබිමට දැම්මා. ස්වාමීනි, කක්කුට්ටා යම් යම් අන්ඩක් දික් කරන කොට ඒ ළමයි ඒ ඒ අන්ඩ කෝටුවකින් ගහල කඩල දෑවා. ස්වාමීනි, අන්තිමේදී ඒ කක්කුට්ටගේ ඔක්කොම අඬු කැඩිල නිසා, ආයෙමත්, කලින් වගේ පොකුණට බහින්න බැරි වුනා. ස්වාමීනි, අන්න ඒ වගේ ම යි. මේ නිගණ්ඨපුත්‍ර සච්චක දෘෂ්ටිවලට අහුවෙලා ඒ දෘෂ්ටිවල ම ගිලිලා, දෘෂ්ටිවල ම එතිලයි හිටියේ. ඒ සියලු දෘෂ්ටි භාග්‍යවතුන් වහන්සේ විසින් කඩල, බිඳල, සුණු විසුණු කරල දැම්මා. ස්වාමීනි, දැන් ඉතින් ආයෙත් නම් මේ නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ ළඟට වාද කරන්න නම් එන එකක් නෑ.”

19. ඒවං වුත්තේ සච්චකෝ නිගණ්ඨපුත්තෝ දුම්මුඛං ලිච්ඡවිපුත්තං ඒතදවෝච: “ආගමේහි ත්වං දුම්මුඛ. මුඛරෝසි ත්වං දුම්මුඛ. න මයං තයා සද්ධිං මන්තේම. ඉධ මයං භෝතා ගෝතමේන සද්ධිං මන්තේම.”

එතකොට ම නිගණ්ඨපුත්‍ර සච්චක දුර්මුඛ ලිච්ඡවී දරුවට මෙහෙම කිව්වා. “දුර්මුඛ, ඔහේ කට වහගෙන ඉන්නවා. දුර්මුඛ, ඔහේට හොඳ කටක් තියෙන බව මං දන්නවා. මං මේ වෙලාවෙ ඔහෙත් එක්ක කතා බහක් නෑ. අපි දැන් කතා බස් කරමින් ඉන්නෙ භවත් ගෞතමයන් වහන්සේත් එක්ක විතරයි.

“තිට්ඨතේසා භෝ ගෝතම, අම්හාකඤ්චේව අඤ්ඤේසඤ්ච පුථුසමණබ්‍රාහ්මණානං වාචා. විලාපං විලපිතං මඤ්ඤේ. කිත්තාවතා නු ඛෝ භෝතෝ ගෝතමස්ස සාවකෝ සාසනකරෝ හෝති ඕවාදපතිකරෝ තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ විහරතී”ති?

භවත් ගෞතමයන් වහන්ස, දැන් ඔය අපේත්, වෙනත් ශ්‍රමණ බමුණන්ගේත් වචන පැත්තකින් දාමු. ඒ වචන නිකම් විලාප දෙඩවිලි විතරයි. එහෙනම් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බුද්ධ සාසනේ කටයුතු කරන්නෙ කොයි විදිහටද? අවවාද පිළිපදින්නෙ, සැකයෙන් එතෙර වෙන්නෙ, හොය හොය යන ගතිය නැතිවෙන්නෙ, විශාරද බවට පත්වෙන්නෙ, බාහිර පිහිටකින් තොරව බුදු සසුනේ වාසය කරන්නෙ කොයි ආකාරයෙන්ද?”

20. ඉධ අග්ගිවෙස්සන මම සාවකෝ යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං රූපං “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං විඤ්ඤාණං “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති; එත්තාවතා ඛෝ අග්ගිවෙස්සන මම සාවකෝ සාසනකරෝ හෝති ඕවාදපතිකරෝ. තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ විහරතී”ති.

“පින්වත් අග්ගිවෙස්සන, මගේ ශ්‍රාවකයා යම්කිසි රූපයක් අතීත, අනාගත, වර්තමානයේ වෙයි ද, තමාගේ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ, ළඟ හෝ යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප ‘මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවෙයි’ කියල ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා. යම්කිසි වේදනාවක් ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාර ….(පෙ)…. යම්කිසි විඤ්ඤාණයක් අතීත, අනාගත, වර්තමානයේ වෙයි ද, තමාගේ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ, ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණය ‘මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවෙයි’ කියල ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා. පින්වත් අග්ගිවෙස්සන, ඔච්චරකින් ම මගේ ශ්‍රාවකයා බුදු සසුනේ කටයුතු කරන කෙනෙක් වෙනවා. අවවාද පිළිපදින කෙනෙක් වෙනවා. සැකෙන් එතෙර වෙලා, හැමතැන ම දුවන්නෙ නැතිව, විශාරද බවට පත්වෙලා, බාහිර උපකාර නැතුව බුදු සසුනෙ පිහිටල ඉන්නවා.”

21. “කිත්තාවතා පන භෝ ගෝතම භික්ඛු අරහං හෝති ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ”ති?

“භවත් ගෞතමයන් වහන්ස, එතකොට භික්ෂුව රහතන් වහන්සේ නමක් වෙලා, ආශ්‍රව නැති කරගෙන, සාසනේ සම්පූර්ණ කරලා, කළ යුතු දේ කරලා, කෙලෙස් බර වීසි කරලා, පිළිවෙලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා, භව බන්ධන නැති කරලා, හොඳ අවබෝධයකින් යුතුව දුකෙන් නිදහස් වෙන්නෙ කොහොමද?”

ඉධ අග්ගිවෙස්සන භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං රූපං ‘නේතං මම, නේසෝහමස්මි, නමේසෝ අත්තා’ති, ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තෝ හෝති. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං විඤ්ඤාණං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති, ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තෝ හෝති. එත්තාවතා ඛෝ අග්ගිවෙස්සන භික්ඛු අරහං හෝති ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ.

“පින්වත් අග්ගිවෙස්සන, මගේ ශ්‍රාවකයා යම්කිසි රූපයක් අතීත, අනාගත, වර්තමානයේ වෙයි ද, තමාගේ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ, ළඟ හෝ යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප ‘මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවෙයි’ කියල ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක, උපාදාන රහිතව කෙලෙස් වලින් නිදහස් වෙනවා. යම්කිසි වේදනාවක් ….(පෙ)…. යම්කිසි සඤ්ඤාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාර ….(පෙ)…. යම්කිසි විඤ්ඤාණයක් අතීත, අනාගත, වර්තමානයේ වෙයි ද, තමාගේ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ, ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ ‘මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවෙයි’ කියල ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැක, උපාදාන රහිතව කෙලෙස් වලින් නිදහස් වෙනවා. පින්වත් අග්ගිවෙස්සන, ඔච්චරකින් ම ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක් වෙනවා. ආශ්‍රව නැති කරලා, නිවන් මග සම්පූර්ණ කරගෙන, කළ යුතු දේ කරලා, කෙලෙස් බර වීසි කරලා, පිළිවෙලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා, භව බන්ධන නැති කරගෙන, අවබෝධයකින් යුතුව දුකෙන් මිදුණු කෙනෙක් බවට පත්වෙනවා.

22. ඒවං විමුත්තචිත්තෝ ඛෝ අග්ගිවෙස්සන භික්ඛු තීහි අනුත්තරියේහි සමන්නාගතෝ හෝති: දස්සනානුත්තරියේන පටිපදානුත්තරියේන විමුත්තානුත්තරියේන. – ඒවං විමුත්තචිත්තෝ ඛෝ අග්ගිවෙස්සන භික්ඛු තථාගතඤ්ඤේව සක්කරෝති, ගරු කරෝති, මානේති, පූජේති “බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති. සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති. තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේතී”ති.

පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට විමුක්ති සිත් ඇති භික්ෂුව අනුත්තරීය කරුණු තුනකින් යුක්ත වෙනවා. ඒ රහතන් වහන්සේලා දැකීමෙනුත් අනුත්තරයි. ප්‍රතිපත්තියෙනුත් අනුත්තරයි. විමුක්තියෙනුත් අනුත්තරයි.

පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට විමුක්ති සිත් ඇති භික්ෂුව තථාගතයන් වහන්සේට සත්කාර කරනවා. ගෞරව කරනවා, බුහුමන් කරනවා, පූජා පවත්වනවා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. අන් අයට අවබෝධ කරගැනීම පිණිස දහම් දෙසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය වූ සේක. අන් අයට දමනය වීමට දහම් දෙසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සන්සිඳුණු සේක. අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙරට වැඩි සේක. අන් අයට ද සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුන සේක. අන් අයට පිරිනිවන් පාන්නට දහම් දෙසන සේක’ කියලා.”

23. ඒවං වුත්තේ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවන්තං ඒතදවෝච: “මයමේව භෝ ගෝතම ධංසී, මයං පගබ්බා, යේ මයං භවන්තං ගෝතමං වාදේන වාදං ආසාදේතබ්බං අමඤ්ඤිම්හ. සියා හි භෝ ගෝතම හත්ථිප්පභින්නං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවෝ, න ත්වේව භවන්තං ගෝතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවෝ. සියා හි භෝ ගෝතම පජ්ජලිතං අග්ගික්ඛන්ධං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවෝ, න ත්වේව භවන්තං ගෝතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවෝ. සියා හි භෝ ගෝතම ආසීවිසං ඝෝරවිසං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවෝ, න ත්වේව භවන්තං ගෝතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවෝ. මයමේව භෝ ගෝතම ධංසී, මයං පගබ්බා, යේ මයං භවන්තං ගෝතමං වාදේන වාදං ආසාදේතබ්බං අමඤ්ඤිම්හ. අධිවාසේතු මේ භවං ගෝතමෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා”ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, අපි ම යි වැනසුනේ. අපි ම යි හිතුවක්කාර වුනේ. අපි භවත් ගෞතමයන් වහන්සේව වාදෙක පටලෝල හැප්පෙන්න හිතුවා. භවත් ගෞතමයන් වහන්ස, මද කිපුණු ඇතෙක් එක්ක හැප්පිලා කෙනෙකුට සෙතක් වෙන්න පුළුවනි. නමුත් භවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පිලා නම් කෙනෙකුට සෙතක් වෙන්නෙ නෑ. භවත් ගෞතමයන් වහන්ස, ඇවිලෙන ගිනි කඳක් වැළඳගන්න කෙනෙකුට සෙතක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් භවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පිලා නම් කෙනෙකුට සෙතක් වෙන්නෙ නෑ. භවත් ගෞතමයන් වහන්ස, විෂඝෝර සර්පයෙක්ව වැළඳගන්න කෙනෙකුට සෙතක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් භවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පෙන්න යන කෙනෙකුට නම් සෙතක් වෙන්නෙ නෑ. භවත් ගෞතමයන් වහන්ස, අපි ම යි වැනසුනේ. අපි ම යි හිතුවක්කාර වුනේ. භවත් ගෞතමයන් වහන්සේව වාදෙක පටලෝගෙන හැප්පෙන්න අපටත් හිතුනා නෙව. භවත් ගෞතමයන් වහන්සේ හෙට දවසේ භික්ෂුසංඝයා සමග මගේ දානය පිළිගන්නා සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව නිහඬව පිළිගත්තා.

24. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවතෝ අධිවාසනං විදිත්වා තේ ලිච්ඡවී ආමන්තේසි: “සුණන්තු මේ භොන්තෝ ලිච්ඡවී, සමණෝ මේ ගෝතමෝ නිමන්තිතෝ ස්වාතනාය භත්තේන සද්ධිං භික්ඛුසංඝේන. තේන මේ අභිහරෙය්‍යාථ යමස්ස පතිරූපං මඤ්ඤෙය්‍යාථා”ති. අථ ඛෝ තේ ලිච්ඡවී තස්සා රත්තියා අච්චයේන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස පඤ්චමත්තානි ථාලිපාකසතානි භත්තාභිහාරං අභිහරිංසු. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ සකේ ආරාමේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි: කාලෝ භෝ ගෝතම, නිට්ඨිතං භත්තන්ති.

එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගත් බව තේරුම් අරගෙන ලිච්ඡවි පිරිස ඇමතුවා. “ඒයි! භවත් ලිච්ඡවිවරුනි, මගේ වචනය අහපල්ලා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් හෙට දන් වළඳන්න ආරාධනා කළා. ඉතින් උඹලත් ඊට සුදුසු දානෙ කලමනා ටිකක් මට ගෙනත් දීපල්ලා.”

එදා රෑ ගෙවුනට පස්සෙ ඒ ලිච්ඡවි පිරිස නිගණ්ඨපුත්‍ර සච්චකට දානෙ භාජන පන්සීයක් සකස් කරල ගෙනැවිත් දුන්නා. එතකොට නිගණ්ඨ පුත්‍ර සච්චක තමන්ගේ ආශ්‍රමයේ ප්‍රණීත විදිහට දන් පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේට වෙලාව දැනුම් දුන්නා. “භවත් ගෞතමයන් වහන්ස, දැන් වෙලාව හරි, දානෙ සූදානම්” කියලා.

25. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස ආරාමෝ තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි සද්ධිං භික්ඛුසංඝේන. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සච්චකෝ නිගණ්ඨපුත්තෝ භගවන්තං ඒතදවෝච: යමිදං භෝ ගෝතම දානේ පුඤ්ඤං පුඤ්ඤමහී ච, තං දායකානං සුඛාය හෝතූති. “යං ඛෝ අග්ගිවෙස්සන තාදිසං දක්ඛිණෙය්‍යං ආගම්ම අවීතරාගං අවීතදෝසං අවීතමෝහං, තං දායකානං භවිස්සති. යං ඛෝ අග්ගිවෙස්සන මාදිසං දක්ඛිණෙය්‍යං ආගම්ම වීතරාගං වීතදෝසං වීතමෝහං, තං තුය්හං භවිස්සතී”ති.

ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවෙ සිවුරු පොරෝගෙන, පාත්‍ර සිවුරු අරගෙන භික්ෂුසංඝයාත් සමග නිගණ්ඨපුත්‍ර සච්චකගේ ආශ්‍රමයට වැඩියා. වැඩම කරලා පණවල ලද ආසනවල වැඩහිටියා. එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක බුදු සමිඳුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ප්‍රණීත ලෙස පිළියෙල කරපු දන් පැන් තමන්ගේ අතින් ම පූජා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ දන් පැන් වළඳලා පාත්‍රයත්, ශ්‍රී හස්තයත් සෝදාගත්තට පස්සේ නිගණ්ඨපුත්‍ර සච්චක කුඩා අසුනක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ අසල පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුණු නිගණ්ඨ පුත්‍ර සච්චක භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“භවත් ගෞතමයන් වහන්ස, මේ දානයෙන් යම්කිසි පුණ්‍ය සම්පත්තියක් ඇතිවෙනවා නම් ඒක දායකයන්ට සැප පිණිස වේවා!” කියලා.

“පින්වත් අග්ගිවෙස්සන, ඔබ වැනි රාගය දුරු නොකළ, ද්වේෂය දුරු නොකළ, මෝහය දුරු නොකළ, දන් පිළිගන්නා කෙනෙකු උදෙසා යමක් දුන්න ද, අන්න ඒක අයිති වෙන්නෙ දායකයන්ටයි. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මා වැනි වීතරාගීව, වීතදෝසීව, වීතමෝහීව දන් පිළිගන්නා කෙනෙකුට ඔබ විසින් යම් දානයක් දුන්න ද ඒ පින ඔබට අත්වෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

චූළසච්චකසුත්තං පඤ්චමං.

සච්චක නිසා වදාළ කුඩා දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M