මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.2. අට්ඨකනාගර සුත්තං

2.1.2. අට්ඨකනගරවාසී දසම ගෘහපතියාට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං ආයස්මා ආනන්දෝ වේසාලියං විහරති බේලු‍වගාමකේ. තේන ඛෝ පන සමයේන දසමෝ ගහපති අට්ඨකනාගරෝ පාටලිපුත්තං අනුප්පත්තෝ හෝති කේනචිදේව කරණීයේන. අථ ඛෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ යේන කුක්කුටාරාමෝ යේන අඤ්ඤතරෝ භික්ඛු තේනුපසංකමි. උපසංකමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ තං භික්ඛුං ඒතදවෝච: කහන්නු ඛෝ භන්තේ ආයස්මා ආනන්දෝ ඒතරහි විහරති. දස්සනකාමා හි මයං තං ආයස්මන්තං ආනන්දන්ති. ඒසෝ ගහපති ආයස්මා ආනන්දෝ වේසාලියං විහරති බේලු‍වගාමකේ’ති. අථ ඛෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ පාටලිපුත්තේ තං කරණීයං තීරෙත්වා යේන වේසාලී යේන බේලු‍වගාමකෝ යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විශාලා මහනුවර බේලුව නම් වූ ගමෙහි වැඩවාසය කළා. ඒ කාලයෙහි අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියෙක් කිසියම් කරුණකට පාටලීපුත්‍ර නගරයට පැමිණ සිටියා. එදා අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා කුක්කුටාරාමයෙහි වැඩ සිටි එක්තරා භික්ෂුවක් කරා පැමිණියා. පැමිණ ඒ භික්ෂුවට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වූ අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා ඒ භික්ෂුව ගෙන් මෙය විමසුවා. “ස්වාමීනී, මේ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටින්නේ කොහේද? අපි ඒ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේව බැහැදකින්නට ආසයි.”

“පින්වත් ගෘහපතිය, ඒ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩවසන්නේ විශාලා මහනුවර බේලුව ගමේ.” ඉතින් ඒ අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා පාටලීපුත්‍ර නගරයෙහි තමන් ගේ කටයුතු නිමවා විශාලා මහනුවර බේලුව ගමේ වැඩසිටි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙකරුණ සැළකළා.

අත්ථි නු ඛෝ භන්තේ ආනන්ද තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්චති. අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාතී’ති. අත්ථි ඛෝ ගහපති තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාතී’ති. කතමෝ පන භන්තේ ආනන්ද තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාතී’ති.

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද, ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, එබඳු එක ම එක දහමක්, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තිබේ ද?”

“පින්වත් ගෘහපතිය, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන්, ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ, යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, එබඳු එක ම එක දහමක්, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තිබේ.”

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන්, ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ, යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, එබඳු එක ම එක දහමක්, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නම්, ඒ එක ම එක දහම කුමක් ද?”

ඉධ ගහපති භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති. ඉදම්පි ඛො පඨමං ඣානං අභිසංඛතං අභිසඤ්චේතයිතං, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ආසවානං ඛයං පාපුණාති. නෝ චේ ආසවානං ඛයං පාපුණාති; තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. අයම්පි ඛෝ ගහපති තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

“පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්වීමෙන් ම, අකුසල දහමින් වෙන් වී, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ ප්‍රථම ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම්, එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ ප්‍රථම ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පැමිණෙනවා. ඉදින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමකට නො පැමිණියේ නම්, ඒ සමථ විදර්ශනාවන් තුළ ඇළුණු සිතින් යුතුව එහි සතුටු වෙමින් සිට ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන් ඕපපාතිකව උපදිනවා. ඒ බඹලොවින් නැවත කාම ලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිදී ම පිරිනිවන් පානවා.

පින්වත් ගෘහපතිය, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද, ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ඉදම්පි ඛෝ දුතියං ඣානං අභිසංඛතං අභිසඤ්චේතයිතං යං ඛො පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ආසවානං ඛයං පාපුණාති. නොචේ ආසවානං ඛයං පාපුණාති, තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. අයම්පි ඛෝ ගහපති තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන්, ආධ්‍යාත්මිකව ඇති වූ පහන් සිතින් ….(පෙ)…. දෙවන ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ දෙවෙනි ධ්‍යානය වුනත් හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ දෙවෙනි ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පැමිණෙනවා. ඉදින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමකට නො පැමිණියේ නම්, ඒ සමථ විදර්ශනාවන් තුළ ඇළුණු සිතින් යුතුව එහි සතුටු වෙමින් සිට ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන් ඕපපාතිකව උපදිනවා. ඒ බඹලොවින් නැවත කාම ලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිදී ම පිරිනිවන් පානවා.

පින්වත් ගෘහපතිය, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉතිපටිසඤ්චික්ඛති: ඉදම්පි ඛෝ තතියං ඣානං අභිසංඛතං අභිසඤ්චේතයිතං, යං ඛො පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව ප්‍රීතියට නො ඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ තුන්වෙනි ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ තුන්වෙනි ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ, යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු සුඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: ඉදම්පි ඛෝ චතුත්ථං ඣානං අභිසංඛතං අභිසඤ්චේතයිතං, යං ඛො පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ හතරවෙනි ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ හතරවෙනි ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛෝ මෙත්තාචේතෝවිමුත්ති අභිසංඛතා අභිසඤ්චේතයිතා, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත චිත්තයෙන් එක් දිශාවකට පතුරවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතර වෙනි දිශාවටත් පතුරවා වාසය කරනවා. මෙසේ උඩ, යට හා සරස් අතටත් සෑම තැනක ම, සෑම අයුරකින් ම පැතිරෙන පරිදි සකල විධ ලෝකයට ම මෛත්‍රී චිත්තය පතුරුවා වාසය කරනවා. විපුල වූ, මහද්ගත වූ සිතින් ද, අප්‍රමාණ සිතින් ද, වෛර නැති, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ මෛත්‍රී ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ මෛත්‍රී ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති අයම්පි ඛෝ උපෙක්ඛාචේතෝවිමුත්ති. අභිසංඛතා අභිසඤ්චේතයිතා, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං, තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව කරුණා සහගත චිත්තයෙන් ….(පෙ)…. මුදිතා සහගත සිතෙන් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතෙන් එක් දිශාවකට පතුරවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, හතර වෙනි දිශාවටත් පතුරවා වාසය කරනවා. මෙසේ උඩ, යට හා සරස් අතටත් සෑම තැනක ම, සෑම අයුරකින් ම පැතිරෙන පරිදි සකල විධ ලෝකයට ම උපේක්ෂා සහගත චිත්තය පතුරුවා වාසය කරනවා. විපුල වූ, මහද්ගත වූ සිතින් ද, අප්‍රමාණ සිතින් ද, වෛර නැති, තරහ නැති උපේක්ෂා සිත පතුරුවා වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ උපේක්ෂා ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනව. ඉතින් ඔහු ඒ උපේක්ෂා ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද, ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝ ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛෝ පන ආකාසානඤ්චායතනසමාපත්ති අභිසංඛතා අභිසඤ්චේතයිතා, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව සියලු ආකාර රූප සඤ්ඤාවන් ගේ ඉක්ම යෑමෙන්, ඕලාරික සඤ්ඤාවන් ගේ අභාවයෙන් නා නා ස්වභාව ඇති සඤ්ඤා මෙනෙහි නො කිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ ආකාසානඤ්චායතන සමාපත්තිය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ ආකාසානඤ්චායතන සමාපත්තියෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛෝ විඤ්ඤාණඤ්චායතනසමාපත්ති අභිසංඛතා අභිසඤ්චේතයිතා, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ….(පෙ)…. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව සියලු ආකාර ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය වුනත් හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහි නුවණින් විමසමින් සිටිමින් ….(පෙ)…. අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.

පුන ච පරං ගහපති භික්ඛු සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛෝ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති අභිසංඛතා අභිසඤ්චේතයිතා, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ආසවානං ඛයං පාපුණාති. නෝ චේ ආසවානං ඛයං පාපුණාති, තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා අයම්පි ඛෝ ගහපති තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාතී’ති.

පින්වත් ගෘහපතිය, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුව සියලු ආකාර විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන්, ‘කිසිවක් නැත’ යැයි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා. ‘මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය වුනත් හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම් එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි නුවණින් විමසමින් සිටිමින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පැමිණෙනවා. ඉදින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමකට නො පැමිණියේ නම්, ඒ සමථ විදර්ශනාවන් තුළ ඇළුණු සිතින් යුතුව එහි සතුටු වෙමින් සිට ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන් ඕපපාතිකව උපදිනවා. ඒ බඹලොවින් නැවත කාම ලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිදී ම පිරිනිවන් පානවා.

පින්වත් ගෘහපතිය, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.”

ඒවං වුත්තේ දසමෝ ගහපති අට්ඨකනාගරෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: “සෙය්‍යථාපි භන්තේ ආනන්ද පුරිසෝ ඒකං නිධිමුඛං ගවේසන්තෝ සකිදේව ඒකාදස නිධිමුඛානි අධිගච්ඡෙය්‍ය, ඒවමේව ඛෝ අහං භන්තේ ඒකං අමතද්වාරං ගවේසන්තෝ සකිදේව ඒකාදස අමතද්වාරානි අලත්ථං සවණාය. සෙය්‍යථාපි භන්තේ පුරිසස්ස අගාරං ඒකාදසද්වාරං, සෝ තස්මිං අගාරේ ආදිත්තේ ඒකමේකේනපි ද්වාරේන සක්කුණෙය්‍ය අත්තානං සොත්ථිං කාතුං, ඒවමේව ඛෝ අහං භන්තේ ඉමේසං ඒකාදසන්නං අමතද්වාරානං ඒකමේකේනපි අමතද්වාරේන සක්කුණිස්සාමි අත්තානං සොත්ථිං කාතුං. ඉමේ හි නාම භන්තේ අඤ්ඤතිත්ථියා ආචරියස්ස ආචරියධනං පරියේසිස්සන්ති. කිංපනාහං ආයස්මතෝ ආනන්දස්ස පූජං න කරිස්සාමී”ති.

මෙසේ වදාළ කල්හි අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්ස, එක ම නිධානයක් සොයන්නා වූ පුරුෂයෙක් සිටිනවා යැයි සිතමු. ඔහුට එක් වරම නිධාන එකොළහක් ලැබෙනවා ද, ස්වාමීනී, අන්න ඒ වාගෙ ම මං එක ම අමෘත ද්වාරයක් සොයමින් සිටිය දී, එක් වරම අමා දොරටු එකොළසක් ශ්‍රවණය කරන්නට ලැබුනා. ස්වාමීනී, පුරුෂයෙකුට දොරටු එකොළසක් ඇති නිවසක් ලැබෙනවා. ඉතින් ඒ නිවස ගිනි ඇවිල ගත් විට ඒ එක් එක් දොරටුවෙන් තමන්ට සුව සේ ම යා ගන්නට පුළුවන්. ස්වාමීනී, අන්න ඒ අයුරින් ම මට මේ එකොළොස් අමා දොරටුවෙන් එක් එක් ම අමා දොරටුවෙන් යහපත සලසා ගන්නට පුළුවන් වෙනවා. ස්වාමීනී, මේ අන්‍යතීර්ථකයන් තමන් ගේ ආචාර්යවරයා හට ආචාර්ය ධනය නම් වූ දෙයක් සොයනවා. ඉතින් එහෙම එකේ මං කුමක් හෙයින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පූජාවක් නො කර සිටිම් ද?”

අථ ඛෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ පාටලිපුත්තකඤ්ච වේසාලිකඤ්ච භික්ඛුසංඝං සන්නිපාතාපෙත්වා පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. ඒකමේකඤ්ච භික්ඛුං පච්චේකදුස්සයුගේන අච්ඡාදේසි. ආයස්මන්තං ආනන්දං තිචීවරේන අච්ඡාදේසි. ආයස්මතෝ ච ආනන්දස්ස පඤ්චසතං විහාරං කාරාපේසී’ති.

ඉතින් අට්ඨකනගරවාසී දසම නම් වූ ගෘහපතියා පාටලී පුත්‍ර නුවර ද, විශාලා මහනුවර ද වැඩ සිටි භික්ෂු සංඝයා රැස් කරවා ප්‍රණීත වූ ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් ම සැතැප්පුවා. මැනවින් පැවරුවා. ඒ එක් එක් භික්ෂූන් වහන්සේට සිවුරු පිණිස වස්ත්‍ර පූජා කළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට තුන් සිවුරු පූජා කළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට කාමර පන්සියයකින් යුතු විහාරයක් කරවා දුන්නා.

සාදු! සාදු!! සාදු!!!

අට්ඨකනාගර සුත්තං දුතියං.

අට්ඨකනගරවාසී දසම ගෘහපතියාට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M