මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.6. උපාලි සුත්තං

2.1.6. උපාලි ගෘහපතියා හට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනේ. තේන ඛෝ පන සමයේන නිගණ්ඨෝ නාතපුත්තෝ නාළන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ නාළන්දායං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන පාවාරිකම්බවනං, යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ දීඝතපස්සිං නිගණ්ඨං භගවා ඒතදවෝච: සංවිජ්ජන්තේ ඛෝ තපස්සි ආසනානි, සචේ ආකංඛසි නිසීදාති. ඒවං වුත්තේ දීඝතපස්සී නිගණ්ඨෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ දීඝතපස්සිං නිගණ්ඨං භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි ය. ඒ කාලයේ ම නිගණ්ඨ නාතපුත්‍ර ද මහත් වූ නිගණ්ඨ පිරිසක් සමඟ නාලන්දාවෙහි ම වාසය කළා. එදා දීඝතපස්සී නම් වූ නිගණ්ඨයා නාලන්දා නුවර පිණ්ඩපාතෙ ගිහින් සවස් කාලයේ පාවාරික අඹ වනයට ගියා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට ත් පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කථා බහේ යෙදිල, එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් දීඝතපස්සී නිගණ්ඨයා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

කති පන තපස්සි නිගණ්ඨෝ නාතපුත්තෝ කම්මානි පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛෝ ආවුසෝ ගෝතම ආචිණ්ණං නිගණ්ඨස්ස නාතපුත්තස්ස කම්මං කම්මන්ති පඤ්ඤාපේතුං. දණ්ඩං දණ්ඩන්ති ඛෝ ආවුසෝ ගෝතම ආචිණ්ණං නිගණ්ඨස්ස නාටපුත්තස්ස පඤ්ඤපේතුන්ති. කති පන තපස්සි නිගණ්ඨෝ නාතපුත්තෝ දණ්ඩානි පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛෝ ආවුසෝ ගෝතම නිගණ්ඨෝ නාතපුත්තෝ දණ්ඩානි පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති සෙය්‍යථිදං: කායදණ්ඩං වචීදණ්ඩං මනෝදණ්ඩන්ති.

“තපස්සී, මේ ආසන තියෙන්නෙ. ඉදින් කැමති නම් වාඩිවෙන්න.” මෙසේ වදාළ විට දීඝතපස්සී නිගණ්ඨයා එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ දීඝතපස්සී නිගණ්ඨයා හට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසුවා.

“තපස්සී, නිගණ්ඨ නාතපුත්‍ර පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව කොපමණ කර්මයන් පණවනවා ද?”

“ආයුෂ්මත් ගෞතමයනි, නිගණ්ඨ නාතපුත්‍රයන් හට ඔය ‘කර්මය, කර්මය’ කියන වචනය රුචි නෑ. ආයුෂ්මත් ගෞතමයනි, ‘දණ්ඩ, දණ්ඩ’ කියල යි නිගණ්ඨ නාතපුත්‍රයන් හට පණවන්නට රුචි වන්නේ.”

“හොඳයි, තපස්සී, නිගණ්ඨ නාතපුත්‍ර පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව කොපමණ දණ්ඩයන් පණවනවා ද?”

“ආයුෂ්මත් ගෞතමයනි, නිගණ්ඨ නාතපුත්‍ර පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව දණ්ඩ තුනක් පණවනවා. ඒ කියන්නේ; කාය දණ්ඩ, වචී දණ්ඩ හා මනෝ දණ්ඩ යි.”

කිම්පන තපස්සි අඤ්ඤදේව කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනෝදණ්ඩන්ති. අඤ්ඤදේව ආවුසෝ ගෝතම කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනෝදණ්ඩන්ති.

“තපස්සී, කිම? කාය දණ්ඩය කියන්නේ වෙනත් දෙයක් ද? වචී දණ්ඩය කියන්නේ තව එකක් ද? මනෝ දණ්ඩය කියන්නේ තවත් දෙයක් ද?”

“ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩය කියන්නේ එක දෙයක්. වචී දණ්ඩය කියන්නේ තව එකක්. මනෝ දණ්ඩය කියන්නේ තවත් වෙන එකක්.”

ඉමේසං පන තපස්සි තිණ්ණං දණ්ඩානං ඒවං පටිවිභත්තානං ඒවං පටිවිසිට්ඨානං කතමං දණ්ඩං නිගණ්ඨෝ නාටපුත්තෝ මහාසාවජ්ජතරං පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා යදි වා කායදණ්ඩං යදි වා වචීදණ්ඩං යදි වා මනෝදණ්ඩන්ති. ඉමේසං ඛෝ ආවුසෝ ගෝතම තිණ්ණං දණ්ඩානං ඒවං පටිවිභත්තානං ඒවං පටිවිසිට්ඨානං කායදණ්ඩං නිගණ්ඨෝ නාටපුත්තෝ මහාසාවජ්ජතරං පඤ්ඤපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා වචීදණ්ඩං නෝ තථා මනෝදණ්ඩන්ති. කායදණ්ඩන්ති තපස්සි වදේසි. කායදණ්ඩන්ති ආවුසෝ ගෝතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදේසි. කායදණ්ඩන්ති ආවුසෝ ගෝතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදේසි. කායදණ්ඩන්ති ආවුසෝ ගෝතම වදාමීති. ඉතිහ භගවා දීඝතපස්සිං නිගණ්ඨං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨාපේසි.

“තපස්සී, ඔය විදිහට විශේෂ කොට බෙදන ලද, ඔය විදිහට වර්ග කරන ලද, ඔය දණ්ඩ තුනෙන් පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව ඉතාමත් ම බරපතල යැ යි කියා නිගණ්ඨ නාතපුත්‍රයන් පණවන්නේ කවර දණ්ඩයක් ද? ඒ කියන්නේ; කාය දණ්ඩ ද? එසේ ත් නැත්නම් වචී දණ්ඩ ද? එසේ ත් නැත්නම් මනෝ දණ්ඩ ද?”

“ආයුෂ්මත් ගෞතමයනි, ඔය විදිහට විශේෂ කොට බෙදන ලද, ඔය විදිහට වර්ග කරන ලද, ඔය දණ්ඩ තුනෙන් පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව ඉතාමත් ම බරපතල යැ යි කියා නිගණ්ඨ නාතපුත්‍රයන් පණවන්නේ කාය දණ්ඩය යි. ඒ විදිහට බරපතල කියා වචී දණ්ඩය පණවන්නෙ නෑ. මනෝ දණ්ඩය පණවන්නෙත් නෑ.”

“තපස්සී, කාය දණ්ඩ කියල ම ද ඔබ කියන්නෙ?” “ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ කියල ම යි මා කියන්නෙ.” “තපස්සී, කාය දණ්ඩ කියල ම ද ඔබ කියන්නෙ?” “ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ කියල ම යි මා කියන්නෙ.” “තපස්සී, කාය දණ්ඩ කියල ම ද ඔබ කියන්නෙ?” “ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ කියල ම යි මා කියන්නෙ.”

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ මේ කතාවට අදාළ මූලික කරුණ ගැන දීඝතපස්සී නිගණ්ඨයා තුන් වරක් ම පිහිටෙව්වා.

ඒවං වුත්තේ දීඝතපස්සී නිගණ්ඨෝ භගවන්තං ඒතදවෝච: ත්වං පනාවුසෝ ගෝතම කති දණ්ඩානි පඤ්ඤාපේසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛෝ තපස්සි ආචිණ්ණං තථාගතස්ස දණ්ඩං දණ්ඩන්ති පඤ්ඤපේතුං, කම්මං කම්මන්ති ඛෝ තපස්සී ආචිණ්ණං තථාගතස්ස පඤ්ඤපේතුන්ති. ත්වං පනාවුසෝ ගෝතම කති කම්මානි පඤ්ඤාපේසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛෝ අහං තපස්සි කම්මානි පඤ්ඤාපේමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. සෙය්‍යථිදං : කායකම්මං වචීකම්මං මනෝකම්මන්ති. කිං පනාවුසෝ ගෝතම අඤ්ඤදේව කායකම්මං අඤ්ඤං වචීකම්මං අඤ්ඤං මනෝකම්මන්ති. අඤ්ඤදේව තපස්සි කායකම්මං අඤ්ඤං වචීකම්මං අඤ්ඤං මනෝකම්මන්ති.

මෙසේ වදාළ විට දීඝතපස්සී නිගණ්ඨයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ආයුෂ්මත් ගෞතමයනි, ඔබ පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව දණ්ඩ කීයක් පණවනවා ද?”

“තපස්සී, තථාගතයන් හට ‘දණ්ඩ, දණ්ඩ’ යන වචනය රුචි නෑ. තථාගතයන් පණවන්නට රුචි වන්නේ ‘කර්ම, කර්ම’ යන වචනය යි.”

“එසේ නම් ආයුෂ්මත් ගෞතමයනි, ඔබ පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව කර්ම කීයක් පණවනවා ද?”

“තපස්සී, මම පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව කර්ම තුනක් පණවනවා. ඒ කියන්නේ කාය කර්මය, වචී කර්මය හා මනෝ කර්මය යි.”

“ආයුෂ්මත් ගෞතමයනි, කිම, කාය කර්මය කියන්නේ වෙනත් දෙයක් ද? වචී කර්මය කියන්නේ තව එකක් ද? මනෝ කර්මය කියන්නේ තවත් දෙයක්ද?”

“තපස්සී, කාය කර්මය කියන්නේ එක දෙයක්. වචී කර්මය කියන්නේ තව එකක්. මනෝ කර්මය කියන්නේ තවත් වෙන එකක්.”

ඉමේසං පනාවුසෝ ගෝතම තිණ්ණං කම්මානං ඒවං පටිවිභත්තානං ඒවං පටිවිසිට්ඨානං කතමං කම්මං මහාසාවජ්ජතරං පඤ්ඤපේසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, යදි වා කායකම්මං යදි වා වචීකම්මං යදි වා මනෝකම්මන්ති. ඉමේසං ඛෝ අහං තපස්සි තිණ්ණං කම්මානං ඒවං පටිවිභත්තානං ඒවං පටිවිසිට්ඨානං මනෝකම්මං මහාසාවජ්ජතරං පඤ්ඤාපේමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා කායකම්මං නෝ තථා වචීකම්මන්ති. මනෝකම්මන්ති ආවුසෝ ගෝතම වදේසි. මනෝකම්මන්ති තපස්සි වදාමි. මනෝකම්මන්ති ආවුසෝ ගෝතම වදේසි. මනෝකම්මන්ති තපස්සි වදාමි. මනෝකම්මන්ති ආවුසෝ ගෝතම වදේසි. මනෝකම්මන්ති තපස්සි වදාමීති. ඉතිහ දීඝතපස්සී නිගණ්ඨෝ භගවන්තං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨපෙත්වා උට්ඨායාසනා යේන නිගණ්ඨෝ නාටපුත්තෝ තේනුපසංකමි.

ආයුෂ්මත් ගෞතමයනි, ඔය විදිහට විශේෂ කොට බෙදන ලද, ඔය විදිහට වර්ග කරන ලද, ඔය කර්ම තුනෙන් පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව ඉතාමත් ම බරපතල යැ යි කියා ඔබ පණවන්නේ කවර කර්මයක් ද? ඒ කියන්නේ; කාය කර්මය ද? එසේ ත් නැත්නම් වචී කර්මය ද? එසේ ත් නැත්නම් මනෝ කර්මය ද?”

“තපස්සී, ඔය විදිහට විශේෂ කොට බෙදන ලද, ඔය විදිහට වර්ග කරන ලද ඔය කර්ම තුනෙන් පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව ඉතාමත් ම බරපතල යැ යි කියා මම පණවන්නේ මනෝ කර්මය යි. ඒ විදිහට බරපතල කියා කාය කර්මය පණවන්නෙ නෑ. වචී කර්මය පණවන්නෙත් නෑ.”

“ආයුෂ්මත් ගෞතමයනි, මනෝ කර්මය කියල ම ද ඔබ කියන්නෙ?” “තපස්සී, මනෝ කර්මය කියල ම යි මා කියන්නෙ.” “ආයුෂ්මත් ගෞතමයනි, මනෝ කර්මය කියල ම ද ඔබ කියන්නෙ?” “තපස්සී, මනෝ කර්මය කියල ම යි මා කියන්නෙ.” “ආයුෂ්මත් ගෞතමයනි, මනෝ කර්මය කියල ම ද ඔබ කියන්නෙ?” “තපස්සී, මනෝ කර්මය කියල ම යි මා කියන්නෙ.”

මේ අයුරින් දීඝතපස්සී නිගණ්ඨයා මේ කතාවට අදාළ මූලික කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේව තුන් වරක් ම පිහිටෙව්වා. ආසනයෙන් නැගිට ඔහු නිගණ්ඨ නාතපුත්‍ර කරා ගියා.

තේන ඛෝ පන සමයේන නිගණ්ඨෝ නාටපුත්තෝ මහතියා ගිහිපරිසාය සද්ධිං නිසින්නෝ හෝති බාලකිනියා උපාලිපමුඛාය. අද්දසා ඛෝ නිගණ්ඨෝ නාටපුත්තෝ දීඝතපස්සිං නිගණ්ඨං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං ඒතදවෝච: හන්ද කුතෝ නු ත්වං තපස්සි ආගච්ඡසි දිවා දිවස්සාති. ඉතෝ හි ඛෝ අහම්භන්තේ ආගච්ඡාමි සමණස්ස ගෝතමස්ස සන්තිකාති. අහු පන තේ තපස්සි සමණේන ගෝතමේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. අහු ඛෝ මේ භන්තේ සමණේන ගෝතමේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. යථා කථං පන තේ තපස්සි අහු සමණේන ගෝතමේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. අථ ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ යාවතකෝ අහෝසි භගවතා සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං නිගණ්ඨස්ස නාතපුත්තස්ස ආරෝචේසි. ඒවං වුත්තේ නිගණ්ඨෝ නාටපුත්තෝ දීඝතපස්සිං නිගණ්ඨං ඒතදවෝච: සාධු සාධු තපස්සි, යථා තං සුතවතා සාවකේන සම්මදේව සත්ථුසාසනං ආජානන්තේන. ඒවමේවං දීඝතපස්සිනා නිගණ්ඨේන සමණස්ස ගෝතමස්ස බ්‍යාකතං, කිං හි සෝභති ඡවෝ මනෝදණ්ඩෝ ඉමස්ස ඒවං ඕළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නෝ තථා වචීදණ්ඩෝ නෝ තථා මනෝදණ්ඩෝති.

ඒ වෙලාවෙහි දී නිගණ්ඨ නාතපුත්‍රයා උපාලි නම් වූ ගෘහපතියා ප්‍රධාන කොට, ‘බාලකලෝණකාර’ ගම් වැසි මහත් වූ ගිහි පිරිසක් සමඟ වාඩි වී සිටියා. එතකොට නිගණ්ඨ නාතපුත්‍ර දුරින් ම පැමිණෙන්නා වූ දීඝතපස්සී නිගණ්ඨයා ව දැක්කා. දැක දීඝතපස්සී නිගණ්ඨයාට මෙය පැවසුවා. “හා…! එම්බා තපස්සී, නුඹ මේ මහ දහවල් කොහේ ඉඳලා එන ගමන් ද?”

“ස්වාමීනී, මම මේ එන්නේ ශ්‍රමණ ගෞතමයන් සමීපයේ සිටයි.”

“ඔව්. එම්බා තපස්සී, ශ්‍රමණ ගෞතමයන් සමඟ නුඹ ගේ කිසියම් කතා සල්ලාපයක් වුනා වත් ද?”

“ස්වාමීනී, ශ්‍රමණ ගෞතමයන් සමඟ මාගේ කිසියම් කතා සල්ලාපයක් වුනා නෙව.”

“එම්බා තපස්සී, ශ්‍රමණ ගෞතමයන් සමඟ නුඹ ගේ කතා සල්ලාපය සිදු වූයේ කොයි අයුරින් ද?”

එතකොට දීඝතපස්සී නිගණ්ඨයා භාග්‍යවතුන් වහන්සේ සමඟ යම්තාක් කතා බහක් සිදු වුනා ද, ඒ සියල්ල නිගණ්ඨ නාතපුත්‍රයා හට පැවසුවා. එසේ පැවසූ විට නිගණ්ඨ නාතපුත්‍ර දීඝතපස්සී නිගණ්ඨයා හට මෙය පැවසුවා.

“යසයි! යසයි! තපස්සී, මනාකොට ශාස්තෘ ශාසනය දන්නා වූ, ශ්‍රැතවත් ශ්‍රාවකයෙක් විසින් කිව යුත්තේ යමක් ද, දීඝතපස්සී නිගණ්ඨයා විසිනුත් ඒ අයුරින් ම ශ්‍රමණ ගෞතමයන් හට කියල තියෙනව. මෙබඳු ගොරෝසු වූ කාය දණ්ඩය හා සමාන කොට ගලපන්නට කිම ලාමක වූ මනෝ දණ්ඩය සෝභමාන වෙයි ද? හැබෑවට ම පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව මහා බරපතල දෙයක් වන්නේ කාය දණ්ඩය ම යි. ඒ විදිහේ බරපතල කමක් වචී දණ්ඩයෙ ත් නෑ. මනෝ දණ්ඩයෙත් නෑ.”

ඒවං වුත්තේ උපාලි ගහපති නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සාධු සාධු භන්තේ තපස්සී යථා තං සුතවතා සාවකේන සම්මදේව සත්ථුසාසනං ආජානන්තේන, ඒවමේවං භදන්තේන තපස්සිනා සමණස්ස ගෝතමස්ස බ්‍යාකතං; කිං හි සෝභති ඡවෝ මනෝදණ්ඩෝ ඉමස්ස ඒවං ඕළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා වචීදණ්ඩෝ නෝ තථා මනෝදණ්ඩෝ. හන්ද චාහං භන්තේ ගච්ඡාමි සමණස්ස ගෝතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරෝපෙස්සාමි. සචේ මේ සමණෝ ගෝතමෝ තථා පතිට්ඨිස්සති යථා භදන්තේන තපස්සිනා පතිට්ඨාපිතං. සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ දීඝලෝමිකං ඒළකං ලෝමේසු ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය, පරිකඩ්ඪෙය්‍ය, සම්පරිකඩ්ඪෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ආකඩ්ඪිස්සාමි. පරිකඩ්ඪිස්සාමි. සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරෝ මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං ගම්භීරේ උදකරහදේ පක්ඛිපිත්වා කණ්ණේ ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය, පරිකඩ්ඪෙය්‍ය, සම්පරිකඩ්ඪෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ආකඩ්ඪිස්සාමි, පරිකඩ්ඪිස්සාමි, සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තෝ වාලං කණ්ණේ ගහෙත්වා ඕධුනෙය්‍ය, නිද්ධුනෙය්‍ය, නිච්ඡෝදෙය්‍ය, ඒවමේවාහං සමණං ගෝතමං වාදේන වාදං ඕධුනිස්සාමි, නිද්ධුනිස්සාමි, නිප්ඡෝදෙස්සාමි සෙය්‍යථාපි නාම කුඤ්ජරෝ සට්ඨිහායනෝ ගම්භීරං පොක්ඛරණිං ඕගාහෙත්වා සාණධෝවිකං නාම කීළිතජාතං කීළති. ඒවමේවාහං සමණං ගෝතමං සාණධෝවිකං මඤ්ඤේ කීළිතජාතං කීළිස්සාමි. හන්ද චාහං භන්තේ ගච්ඡාමි සමණස්ස ගෝතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරෝපෙස්සාමීති. ගච්ඡ ත්වං ගහපති සමණස්ස ගෝතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරෝපේහි. අහං වා හි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍යං දීඝතපස්සී වා නිගණ්ඨෝ ත්වං වාති.

මෙසේ පැවසූ විට උපාලි ගෘහපතියා නිගණ්ඨ නාතපුත්‍රයා හට මෙය පැවසුවා. “යසයි! යසයි! ස්වාමීනී, මනාකොට ශාස්තෘ ශාසනය දන්නා වූ, ශ්‍රැතවත් ශ්‍රාවකයෙක් විසින් කිව යුත්තේ යමක් ද, භදන්ත තපස්සීන් වහන්සේ විසිනුත් ඒ අයුරින් ම ශ්‍රමණ ගෞතමයන් හට කියල තියෙනවා. මෙබඳු ගොරෝසු වූ කාය දණ්ඩය හා සමාන කොට ගලපන්නට කිම, මේ ලාමක වූ මනෝ දණ්ඩය සෝභමාන වෙයි ද? හැබෑවට ම පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව මහා බරපතල දෙයක් වන්නේ කාය දණ්ඩය ම යි. ඒ විදිහේ බරපතල කමක් වචී දණ්ඩයෙ ත් නෑ. මනෝ දණ්ඩයෙත් නෑ.

ඇත්තෙන් ම ස්වාමීනී, මං යනවා. මේ කතාවට බඳුන් වූ මූලික කරුණ පිළිබඳව වාදයක් ශ්‍රමණ ගෞතමයන්ට නගනවා. ඉදින් භදන්ත තපස්සීන් වහන්සේ විසින් ශ්‍රමණ ගෞතමයන් ද යම් පරිද්දෙන්, තුන් යලක් පිහිටවන ලද්දේ ද, එපරිද්දෙන් ම මාගේ වාද කතාවෙහි පිහිටා සිටියෝතින් මම මෙහෙමයි කරන්නෙ. ඒ කියන්නෙ බලවත් පුරුෂයෙක් දීර්ඝ ලොම් ඇති එළුවෙකු ඒ ලොම් වලින් අල්ලා ගෙන එහා පැත්තට අදියි ද, මෙහා පැත්තට අදියි ද, වටේට කරකවයි ද, අන්න ඒ ආකාරයෙන් මං මේ වාදය තුළින් ශ්‍රමණ ගෞතමයන්ව එහා පැත්තට ත් අදිනවා. මෙහා පැත්තට ත් අදිනවා. වටේට ත් කරකවනවා.

ඒ වගේ ම ශක්ති සම්පන්න සුරා පෙරන්නෙක් මහත් වූ සුරා මල්ලක් ගෙන ගැඹුරු දිය වලක ඔබා එහි දෙකොන ගෙන ඒ පැත්තට ගසනවා ද, මේ පැත්තට ගසනවා ද, කරකවා ගසනවා ද, අන්න ඒ ආකාරයෙන් මං මේ වාදය තුළින් ශ්‍රමණ ගෞතමයන්ව එහා පැත්තටත් ගසනවා. මෙහා පැත්තටත් ගසනවා. වටේටත් ගසනවා.

ඒ වගේ ම ශක්ති සම්පන්න බේබද්දෙක් සුරා පෙරන පෙරහන දෙපැත්ත අල්ලා ගෙන කණපිට හරවා පිඹිනවා ද, උඩුකුරු කොට පිඹිනවා ද, නැවත නැවතත් එහාට මෙහාට ගසනවා ද, එපරිදි ම මං ශ්‍රමණ ගෞතමයන් ව මේ වාදය තුළින් යටිකුරු කරවා පිඹිනවා. උඩුකුරු කරවා පිඹිනවා. නැවත නැවතත් එහාට මෙහාට ගසා දමනවා.

ඒ වගේ ම සැට හැවිරිදි හස්තිරාජයෙක් ගැඹුරු පොකුණකට බැස ‘සණධෝවික’ නම් ක්‍රීඩාවක් කරයි ද, එපරිද්දෙන් ම මං ශ්‍රමණ ගෞතමයන් සමඟ සණධෝවික ක්‍රීඩාව බඳු වාද ක්‍රීඩාවක් කරනවා. එනිසා ස්වාමීනී, මං යනවා. ගිහින් ශ්‍රමණ ගෞතමයන් හට මේ කතාවට අදාළ මූලික කාරණාව ගැන වාදයක් ගොඩ නගනවා.”

“එම්බා ගෘහපතිය, යව. තොප මේ කතාවට අදාළ මූලික කරුණ ගෙන ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නංවව. එක්කෝ මං හෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නගනවා. එහෙමත් නැත්නම් දීඝතපස්සි නිගණ්ඨයා හෝ නුඹ හෝ තමයි.”

ඒවං වුත්තේ දීඝතපස්සී නිගණ්ඨෝ නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: ‘න ඛෝ මේතං භන්තේ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍ය. සමණෝ හි භන්තේ ගෝතමෝ මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකේ ආවට්ටේතී’ති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ගච්ඡ ත්වං ගහපති සමණස්ස ගෝතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරෝපේහි. අහං වා හි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍යං දීඝතපස්සී වා නිගණ්ඨෝ ත්වං වාති. දුතියම්පි ඛෝ ….(පෙ)…. දීඝතපස්සී වා නිගණ්ඨෝ ත්වං වාති. තතියම්පි ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: න ඛෝ මේතං භන්තේ රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍ය. සමණෝ හි භන්තේ ගෝතමෝ මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකේ ආවට්ටේතී’ති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති, යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ගච්ඡ ත්වං ගහපති සමණස්ස ගෝතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරෝපේහි. අහං වා හි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍යං දීඝතපස්සී වා නිගණ්ඨෝ ත්වං වාති.

මෙසේ කී කල්හි දීඝතපස්සී නිගණ්ඨයා නිගණ්ඨ නාතපුත්‍රට මෙය පැවසුවා. “ස්වාමීනී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනංවන්නේ ය’ යන කාරණාව මට නම් රුස්සන්නෙ නෑ. ස්වාමීනී, ශ්‍රමණ ගෞතමයන් කියල කියන්නෙ මායාවී කෙනක්. යම් මායාවකින් අන්‍යාගමික ශ්‍රාවකයන් තමන් ළඟට කරකවා ඇදගනිත් ද, එබඳු ආවට්ටනී මායාවක් දන්නවා.”

“තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ‘ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්. එහෙම දෙයක් නම් වෙන්න පුළුවනි. එනිසා එම්බා ගෘහපතිය, යව. තොප මේ කතාවට අදාළ මූලික කරුණ ගෙන ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නංවව. එක්කෝ මං හෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නගනවා. එහෙමත් නැත්නම් දීඝතපස්සි නිගණ්ඨයා හෝ නුඹ හෝ තමයි.”

දෙවනුව ද ….(පෙ)…. එහෙමත් නැත්නම් දීඝතපස්සි නිගණ්ඨයා හෝ නුඹ හෝ තමයි. තුන්වෙනුව ද දීඝතපස්සී නිගණ්ඨයා නිගණ්ඨ නාතපුත්‍රට මෙය පැවසුවා. “ස්වාමීනී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනංවන්නේ ය’ යන කාරණාව මට නම් රුස්සන්නෙ නෑ. ස්වාමීනී, ශ්‍රමණ ගෞතමයන් කියල කියන්නෙ මායාවී කෙනක්. යම් මායාවකින් අන්‍යාගමික ශ්‍රාවකයන් තමන් ළඟට කරකවා ඇදගනිත් ද, එබඳු ආවට්ටනී මායාවක් දන්නවා.”

“තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ‘ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්. එහෙම දෙයක් වෙන්න පුළුවනි. එනිසා එම්බා ගෘහපතිය, යව. තොප මේ කතාවට අදාළ මූලික කරුණ ගෙන ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නංවව. එක්කෝ මං හෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නගනවා. එහෙමත් නැත්නම් දීඝතපස්සි නිගණ්ඨයා හෝ නුඹ හෝ තමයි.”

ඒවං භන්තේති ඛෝ උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන පාවාරිකම්බවනං, යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ උපාලි ගහපති භගවන්තං ඒතදවෝච: ආගමා නු ඛ්විධ භන්තේ දීඝතපස්සී නිගණ්ඨෝති. ආගමා ඛ්විධ ගහපති දීඝතපස්සී නිගණ්ඨෝති. අහු පන තේ භන්තේ දීඝතපස්සිනා නිගණ්ඨේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. අහු ඛෝ මේ ගහපති දීඝතපස්සිනා නිගණ්ඨේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. යථා කථං පන තේ භන්තේ අහු දීඝතපස්සිනා නිගණ්ඨේන සද්ධිං කෝචිදේව කථාසල්ලාපෝති. අථ ඛෝ භගවා යාවතකෝ අහෝසි දීඝතපස්සිනා නිගණ්ඨේන සද්ධිං කථාසල්ලාපෝ තං සබ්බං උපාලිස්ස ගහපතිස්ස ආරෝචේසි.

“එසේය ස්වාමීනී” කියල උපාලි ගෘහපතියා නිගණ්ඨ නාතපුත්‍රට පිළිතුරු දීල අසුනෙන් නැගිට නිගණ්ඨ නාතපුත්‍රට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පාවාරික අඹ වනයට පිටත් වුනා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ උපාලි ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, දීඝතපස්සී නිගණ්ඨයා මෙහෙට පැමිණියා ද?” “පින්වත් ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨයා මෙහෙට පැමිණියා.” “ස්වාමීනී, දීඝතපස්සී නිගණ්ඨයා සමඟ යම් කිසි කතා සල්ලාපයක් වුනා ද?” “පින්වත් ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨයා සමඟ යම් කිසි කතා සල්ලාපයක් වුනා තමයි.” “ස්වාමීනී, දීඝතපස්සී නිගණ්ඨයා නුඹවහන්සේ සමඟ කොයි වගේ කතා සල්ලාපයක් ද වුනේ?” එවිට භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී සමඟ යම්තාක් කතා සල්ලාපයක් වුනා ද, ඒ සියල්ල ම උපාලි ගෘහපතියාට වදාළා.

ඒවං වුත්තේ උපාලි ගහපති භගවන්තං ඒතදවෝච: සාධු සාධු භන්තේ තපස්සී, යථා තං සුතවතා සාවකේන සම්මදේව සත්ථුසාසනං ආජානන්තේන, ඒවමේවං දීඝතපස්සිනා නිගණ්ඨේන භගවතෝ බ්‍යාකතං, කිං හි සෝභති ඡවෝ මනෝදණ්ඩෝ ඉමස්ස ඒවං ඕළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා වචීදණ්ඩෝ, නෝ තථා මනෝදණ්ඩෝති. සචේ ඛෝ ත්වං ගහපති සච්චේ පතිට්ඨාය මන්තෙය්‍යාසි, සියා නෝ එත්ථ කථාසල්ලාපෝති සච්චේ අහං භන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි. හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති.

එසේ වදාළ කල්හි උපාලි ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “යසයි! යසයි! ස්වාමීනී, මනාකොට ශාස්තෘ ශාසනය දන්නා වූ, ශ්‍රැතවත් ශ්‍රාවකයෙක් විසින් කිව යුත්තේ යමක් ද, දීඝතපස්සී නිගණ්ඨයා විසිනුත් ඒ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ හට කියල තියෙනවා. මෙබඳු ගොරෝසු වූ කාය දණ්ඩය හා සමාන කොට ගලපන්නට කිම ලාමක වූ මනෝ දණ්ඩය සෝභමාන වෙයි ද? හැබෑවට ම පාප කර්මයන් කිරීම පිළිබඳව, පාප කර්මයන් ගේ පැවැත්ම පිළිබඳව මහා බරපතල දෙයක් වන්නේ කාය දණ්ඩය ම යි. ඒ විදිහේ බරපතල කමක් වචී දණ්ඩයෙ ත් නෑ. මනෝ දණ්ඩයෙ ත් නෑ.”

“පින්වත් ගෘහපතිය, ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටා කතා කරනවා නම්, මෙහිලා අප ගේ කතා සල්ලාපය කරගන්නට පුළුවනි.” “ස්වාමීනී, මං සත්‍යයේ පිහිටල කතා කරන්නෙ. ඒ මත අප ගේ කතා සල්ලාපය සිදුවේවා.”

තං කිම්මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ සීතෝදකපටික්ඛිත්තෝ උණ්හෝදකපටිසේවී. සෝ සීතෝදකං අලභමානෝ කාලංකරෙය්‍ය. ඉමස්ස පන ගහපති නිගණ්ඨෝ නාතපුත්තෝ කත්ථූපපත්තිං පඤ්ඤාපේතී’ති. අත්ථි භන්තේ මනෝසත්තා නාම දේවා, තත්ථ සෝ උපපජ්ජති, තං කිස්ස හේතු: අසු හි භන්තේ මනෝපටිබද්ධෝ කාලංකරෝතීති. ගහපති ගහපති, මනසි කරිත්වා ඛෝ ගහපති බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධියති පුරිමේන වා පච්ඡිමං පච්ඡිමේන වා පුරිමං. භාසිතා ඛෝ පන තේ ගහපති ඒසා වාචා: සච්චේ අහං භන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි. හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති. කිඤ්චාපි භන්තේ භගවා ඒවමාහ, අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නෝ තථා වචීදණ්ඩෝ, නෝ තථා මනෝදණ්ඩෝති.

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? මෙහිලා නිගණ්ඨයෙක් ඉන්නවා. ඔහු රෝගියෙක්. දුකට පත්වෙලා බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. සීතල දිය ප්‍රතික්ෂේප කරලා, උණු දිය පමණක් වළඳන කෙනෙක්. ඉතින් ඔහු සීතල දිය නො ලැබීම හේතුවෙන් කළුරිය කරනවා. එතකොට පින්වත් ගෘහපතිය, නිගණ්ඨ නාතපුත්‍ර මොහු ගේ උත්පත්තිය පණවන්නේ කොහේ ද?”

“ස්වාමීනී, ‘මනෝසත්ත’ නම් දෙවිවරු ඉන්නවා. අන්න එහි තමයි ඔහු උපදින්නෙ. මක් නිසාද යත්; ස්වාමීනී, ඔහු කළුරිය කරන්නේ සිසිල් දියට මනස බැඳී තියෙන විට යි.” “ගෘහපතිය! ගෘහපතිය! හොඳින් කල්පනා කරල යි ගෘහපතිය ඔබ කතා කළ යුත්තේ. ඔබේ කලින් කී බස පසුව කී බසට ගැලපී යන්නෙ නෑ. පසුව කී බස කලින් කී බසට ගැලපී යන්නෙත් නෑ. ගෘහපතිය, ඔබ විසින් මෙම ප්‍රකාශය පැවසුවා නෙව. ‘ස්වාමීනී, මං සත්‍යයේ පිහිටල කතා කරන්නෙ. ඒ මත අප ගේ කතා සල්ලාපය සිදුවේවා’ කියල.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙසේ පැවසුවත්, පාප කර්ම කිරීමට, පාප කර්ම පැවැත්මට කාය දණ්ඩය ම යි මහා බරපතල වන්නේ. වාග් දණ්ඩය ත් නො වේ, මනෝ දණ්ඩය ත් නො වේ.”

තං කිම්මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨෝ චාතුයාමසංවරසංවුතෝ සබ්බවාරිවාරිතෝ සබ්බවාරියුතෝ සබ්බවාරිධුතෝ සබ්බවාරිඵුටෝ, සෝ අභික්කමන්තෝ පටික්කමන්තෝ බහූ ඛුද්දකේ පාණේ සංඝාතං ආපාදේති. ඉමස්ස පන ගහපති නිගණ්ඨෝ නාතපුත්තෝ කං විපාකං පඤ්ඤපේතීති.

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මෙහිලා චාතුයාම සංවරයෙන් සංවර වූ සියලු සිසිල් ජලය ප්‍රතික්ෂේප කළ, සියලු පව් වැලකූ, සියලු පව් කම්පා කළ, සියලු පව් වැලකීම ස්පර්ශ කළ නිගණ්ඨයෙක් ඉන්නවා. ඔහු ඉදිරියට යද්දි ත්, ආපසු හැරී එද්දි ත්, බොහෝ සෙයින් ඉතා කුඩා පණුවන් මරණයට පත්වෙනවා නම්, පින්වත් ගෘහපතිය, නිගණ්ඨ නාතපුත්‍ර මොහුට පණවන්නේ කවර විපාකයක් ද?”

අසඤ්චේතනිකං භන්තේ නිගණ්ඨෝ නාතපුත්තෝ නෝ මහාසාවජ්ජං පඤ්ඤපේතීති. සචේ පන ගහපති, චේතේතීති. මහාසාවජ්ජං භන්තේ හෝතීති. චේතනං පන ගහපති නිගණ්ඨෝ නාතපුත්තෝ කිස්මිං පඤ්ඤපේතීති. මනෝදණ්ඩස්මිං භන්තේති. ගහපති ගහපති මනසි කරිත්වා ඛෝ ගහපති බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධියති පුරිමේන වා පච්ඡිමං පච්ඡිමේන වා පුරිමං. භාසිතා ඛෝ පන තේ ගහපති ඒසා වාචා, සච්චේ අහං භන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි. හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති. කිඤ්චාපි භන්තේ භගවා ඒවමාහ, අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා වචීදණ්ඩෝ නෝ තථා මනෝදණ්ඩෝති.

“ස්වාමීනී, එහිලා චේතනාවක් නැති නිසා නිගණ්ඨ නාතපුත්‍ර එය මහා බරපතල පාපයක් ලෙස පණවන්නේ නෑ.” “ඉදින් ගෘහපතිය, චේතනාවක් තිබෙනවා නම්?” “ස්වාමීනී, එහෙම නම් බරපතල පාප කර්මයක් වෙනවා.”

“පින්වත් ගෘහපතිය, එතකොට නිගණ්ඨ නාතපුත්‍රයා චේතනා පණවන්නේ කවර කොටසක ද?” “ස්වාමීනී, මනෝ දණ්ඩය තුළ යි.”

“ගෘහපතිය! ගෘහපතිය! හොඳින් කල්පනා කරල යි ගෘහපතිය ඔබ කතා කළ යුත්තේ. ඔබේ කලින් කී බස පසුව කී බසට ගැලපී යන්නෙ නෑ. පසුව කී බස කලින් කී බසට ගැලපී යන්නෙ ත් නෑ. ගෘහපතිය, ඔබ විසින් මෙම ප්‍රකාශය පැවසුවා නෙව. ‘ස්වාමීනී, මං සත්‍යයේ පිහිටල කතා කරන්නෙ. ඒ මත අප ගේ කතා සල්ලාපය සිදුවේවා’ කියල.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙසේ පැවසුවත්, පාප කර්ම කිරීමට, පාප කර්ම පැවැත්මට කාය දණ්ඩය ම යි මහා බරපතල වන්නේ. වාග් දණ්ඩය ත් නො වේ, මනෝ දණ්ඩය ත් නො වේ.”

තං කිං මඤ්ඤසි ගහපති, අයං නාලන්දා ඉද්ධා චේව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. ඒවං භන්තේ, අයං නාලන්දා ඉද්ධා චේව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. තං කිං මඤ්ඤසි ගහපති: ඉධ පුරිසෝ ආගච්ඡෙය්‍ය උක්ඛිත්තාසිකෝ. සෝ ඒවං වදෙය්‍ය: අහං යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තේ ඒකේන ඛණේන ඒකේන මුහුත්තේන ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කරිස්සාමීති. තං කිං මඤ්ඤසි ගහපති, පහෝති නු ඛෝ සෝ පුරිසෝ යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා තේ ඒකේන ඛණේන ඒකේන මුහුත්තේන ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කාතුන්ති. දසපි භන්තේ පුරිසා වීසම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා නප්පහොන්ති, යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තේ ඒකේන ඛණේන ඒකේන මුහුත්තේන ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කාතුං. කිං හි සෝභති ඒකෝ ඡවෝ පුරිසෝති.

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මේ නාලන්දාව ඉතා සමෘද්ධිමත්. ඉතා සාර සම්පන්න යි. බොහෝ මනුෂ්‍යයන් ගෙන් ජනාකීර්ණ වෙලා තියෙනව.” “එසේය ස්වාමීනී, මේ නාලන්දාව ඉතා සමෘද්ධිමත්. ඉතා සාර සම්පන්න යි. බොහෝ මනුෂ්‍යයන්ගෙන් ජනාකීර්ණ වෙලා තියෙනවා.”

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මෙහි කඩුවක් ඔසවා ගත් පුරුෂයෙක් එනවා. ඔහු මෙහෙම කියනවා. ‘මං මේ නාලන්දාවෙහි යම්තාක් සත්වයන් ඉන්නවා ද, ඔවුන් එක මොහොතකින් ම, එක ම මස්

රැසක් එක ම මස් පුංජයක් බවට පත් කරනවා’ කියල. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඒ පුරුෂයාට මේ නාලන්දාවේ යම්තාක් ප්‍රාණීන් ඉන්නවා ද ඔවුන්ව එක මොහොතකින් එක ම මස් රැසක්, එක ම මස් පුංජයක් බවට පත් කරන්නට පුළුවන් ද?”

“ස්වාමීනී, පුරුෂයන් දස දෙනෙක් ආවත්, පුරුෂයන් විස්සක් ආවත්, පුරුෂයන් තිහක් ආවත්, පුරුෂයන් හතළිහක් ආවත්, පුරුෂයන් පනහක් ආවත් මේ නාලන්දාවේ යම්තාක් ප්‍රාණීන් ඇද්ද, ඔවුන්ව එක මොහොතකින් එක ම මස් රැසක්, එක ම මස් පුංජයක් බවට පත් කරන්නට පුළුවන් වෙන්නෙ නම් නැහැ. එහෙම එකේ එක ලාමක පුරුෂයෙක් කොහොම නම් කරන්ට ද?”

තං කිං මඤ්ඤසි ගහපති, ඉධා ආගච්ඡෙය්‍ය සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඉද්ධිමා චේතෝවසිප්පත්තෝ. සෝ ඒවං වදෙය්‍ය: අහං ඉමං නාලන්දං ඒකේන මනෝපදෝසේන භස්මං කරිස්සාමීති. තං කිං මඤ්ඤසි ගහපති, පහෝති නු ඛෝ සෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඉද්ධිමා චේතෝවසිප්පත්තෝ ඉමං නාලන්දං ඒකේන මනෝපදෝසේන භස්මං කාතුන්ති. දසපි භන්තේ නාලන්දා වීසම්පි නාළන්දා තිංසම්පි නාළන්දා චත්තාරීසම්පි නාලන්දා පඤ්ඤාසම්පි නාලන්දා පහෝති සෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඉද්ධිමා චේතෝවසිප්පත්තෝ ඒකේන මනෝපදෝසේන භස්මං කාතුං. කිං හි සෝභති ඒකා ඡවා නාලන්දාති. ගහපති ගහපති මනසි කරිත්වා ඛෝ ගහපති බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධියති පුරිමේන වා පච්ඡිමං පච්ඡිමේන වා පුරිමං. භාසිතා ඛෝ පන තේ ගහපති ඒසා වාචා: සච්චේ අහං භන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි. හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති. කිඤ්චාපි භන්තේ භගවා ඒවමාහ, අථ ඛෝ කායදණ්ඩෝව මහාසාවජ්ජතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නෝ තථා වචීදණ්ඩෝ නෝ තථා මනෝදණ්ඩෝති.

“එතකොට පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ඉර්ධිමත් වූ, චිත්ත වශී භාවයට පත් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා මෙහි එනවා. ඉතින් ඔහු මෙහෙම කියනවා. ‘මං මේ නාලන්දාව මනසින් කරන එක ම සාපයකින් අළු බවට පත් කරනවා’ කියල. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ඉතින් ඒ ඉර්ධිමත්, චිත්ත වශී භාවයට පත් ශ්‍රමණයාට වේවා, බ්‍රාහ්මණයාට වේවා මේ නාලන්දාව මනසින් කරන එක ම සාපයකින් අළු බවට පත් කරන්නට පුළුවන් ද?”

“ස්වාමීනී, ඉර්ධිමත්, චිත්ත වශී භාවයට පත් ශ්‍රමණයාට වේවා, බ්‍රාහ්මණයාට වේවා නාලන්දා දහයක් වුනත්, විස්සක් වුනත්, තිහක් වුනත්, හතළිහක් වුනත්, පණහක් වුනත් මනසින් කරන එක ම සාපයකින් අළු බවට පත් කරන්නට පුළුවන්. එහෙම එකේ මේ ලාමක එක ම නාලන්දාව ගැන කවර කතා ද?”

“ගෘහපතිය! ගෘහපතිය! හොඳින් කල්පනා කරලයි ගෘහපතිය ඔබ කතා කළ යුත්තේ. ඔබේ කලින් කී බස පසුව කී බසට ගැලපී යන්නෙ නෑ. පසුව කී බස කලින් කී බසට ගැලපී යන්නෙත් නෑ. ගෘහපතිය, ඔබ විසින් මෙම ප්‍රකාශය පැවසුවා නෙව. ‘ස්වාමීනී, මං සත්‍යයේ පිහිටල යි කතා කරන්නෙ. ඒ මත අප ගේ කතා සල්ලාපය සිදුවේවා’ කියල.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙසේ පැවසුවත්, පාප කර්ම කිරීමට, පාප කර්ම පැවැත්මට කාය දණ්ඩය ම යි මහා බරපතල වන්නේ. වාග් දණ්ඩය ත් නො වේ, මනෝ දණ්ඩය ත් නො වේ.”

තං කිං මඤ්ඤසි ගහපති, සුතං තේ දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. ඒවං භන්තේ සුතං මේ දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. තං කිං මඤ්ඤසි ගහපති, කින්ති තේ සුතං: කේන තං දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. සුතං මේතං භන්තේ ඉසීනං මනෝපදෝසේන තං දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති.

“එතකොට පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ඔබ අසා තිබෙනවා ද ‘දණ්ඩක’ ආරණ්‍යය ගැන. ‘කාලිංග’ ආරණ්‍යය ගැන. ‘මේධ්‍ය’ ආරණ්‍යය ගැන. ‘මාතංග’ ආරණ්‍යය ගැන. ගම් විනාශ වෙලා ආරණ්‍ය බවට පත් වූ ආකාරය ගැන?”

“එසේය ස්වාමීනී, දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය යන මේවා ගම් විනාශ වෙලා, වල් වැදිලා ආරණ්‍ය වූ බව මං අහල තියෙනවා.”

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ඉතින් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය යන මේවා ගම් විනාශ වෙලා, වල් වැදිලා ආරණ්‍ය වුනේ කුමන කරුණක් නිසා කියල ද ඔබ ඇසුවේ?”

“ස්වාමීනී, ඔය දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මේධ්‍යාරණ්‍යය,

මාතංගාරණ්‍යය යන මේවා ගම් විනාශ වෙලා, වල් වැදිලා ආරණ්‍ය වුනේ ඍෂිවරුන් ගේ ශාප වලින් කියලයි මං අසා තියෙන්නෙ.”

ගහපති ගහපති, මනසි කරිත්වා ඛෝ ගහපති බ්‍යාකරෝහි. න ඛෝ තේ සන්ධියති පුරිමේන වා පච්ඡිමං, පච්ඡිමේන වා පුරිමං. භාසිතා ඛෝ පන තේ ගහපති ඒසා වාචා: සච්චේ අහං භන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි. හෝතු නෝ එත්ථ කථාසල්ලාපෝති.

“ගෘහපතිය! ගෘහපතිය! හොඳින් කල්පනා කරල යි ගෘහපතිය ඔබ කතා කළ යුත්තේ. ඔබේ කලින් කී බස පසුව කී බසට ගැලපී යන්නෙ නෑ. පසුව කී බස කලින් කී බසට ගැලපී යන්නෙත් නෑ. ගෘහපතිය, ඔබ විසින් මෙම ප්‍රකාශය පැවසුවා නෙව. ‘ස්වාමීනී, මං සත්‍යයේ පිහිටල යි කතා කරන්නෙ. ඒ මත අප ගේ කතා සල්ලාපය සිදුවේවා’ කියල.”

පුරිමේනේවාහං භන්තේ ඕපම්මේන භගවතෝ අත්තමනෝ අභිරද්ධෝ අපි චාහං ඉමානි භගවතෝ විචිත්‍රානි පඤ්හපටිභානානි සෝතුකාමෝ ඒවා’හං භගවන්තං පච්චනීකාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ, සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. පටිච්ඡන්නං වා විවරෙය්‍ය. මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය. අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය : චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“ස්වාමීනී, මං පළමු උපමාවෙන් ම භාග්‍යවතුන් වහන්සේ ගේ ප්‍රශ්න විසඳීම ගැන සතුටු සිත් ඇතිවුනා. නමුත් ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ ගේ අතිශය විචිත්‍ර වූ ප්‍රශ්න විසඳීමේ ප්‍රතිභාව අසනු කැමැති වුනා. ඒ නිස යි මං භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණට ප්‍රතිවිරුද්ධ මතයක් පවසන්ට අදහස් කළේ.

ස්වාමීනී, හරි ම සුන්දර යි. ස්වාමීනී, හරි ම සුන්දර යි. යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වුවා වගෙ යි. ඔන්න ඔය විදිහට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මා ත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

අනුවිච්චකාරං ඛෝ ගහපති කරෝහි. අනුවිච්චකාරෝ තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හෝතීති. ඉමිනා’පාහං භන්තේ භගවතෝ භිය්‍යෝසෝමත්තාය අත්තමනෝ අභිරද්ධෝ, යං මං භගවා ඒවමාහ : අනුවිච්චකාරං ඛෝ ගහපති කරෝහි. අනුවිච්චකාරෝ තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හෝතීති. මං හි භන්තේ අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කේවලකප්පං නාලන්දං පටාකං පරිහරෙය්‍යුං: උපාලි අම්හාකං ගහපති සාවකත්තුපගතෝති. අථ ච පන මං භගවා ඒවමාහ : අනුවිච්චකාරං ඛෝ ගහපති කරෝහි, අනුවිච්චකාරෝ තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හෝතීති. ඒසාහං භන්තේ දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“පින්වත් ගෘහපතිය, නුවණින් විමසා බලා කටයුතු කරන්න. නුවණින් විමසා බලා කටයුතු කිරීම ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට යහපත් දෙයක්.”

“ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ ගැන බොහෝ සෙයින් ම සතුටු වුනා. ඇල්ම වැඩි වුනා. භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් ගෘහපතිය, නුවණින් විමසා බලා කටයුතු කරන්න. නුවණින් විමසා බලා කටයුතු කිරීම ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට යහපත් දෙයක්.’ කියල මට වදාරනවා. නමුත් ස්වාමීනී, අන්‍යාගමිකයන් හට මාව ශ්‍රාවකත්වයට ලැබුනොත් මුළු නාලන්දාව පුරාවට ධජ පතාක නංවා ‘උපාලි ගෘහපති තුමා අප ගේ ශ්‍රාවකයෙක් බවට පත්වුනා’ කිය කියා ඇවිදීවි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් ගෘහපතිය, නුවණින් විමසා බලා කටයුතු කරන්න. නුවණින් විමසා බලා කටයුතු කිරීම ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට යහපත් දෙයක්’ කියල මට වදාරනවා. ස්වාමීනී, මං දෙවන වතාවට ත්, භාග්‍යවතුන් වහන්සේව ද, ශ්‍රී සද්ධර්මය ද, සංඝරත්නය ද සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

දීඝරත්තං ඛෝ තේ ගහපති නිගණ්ඨානං ඕපානභූතං කුලං, යේන නේසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්‍යාසීති. ඉමිනාපාහං භන්තේ භගවතෝ භිය්‍යෝසෝමත්තාය අත්තමනෝඅභිරද්ධෝ, යං මං භගවා ඒවමාහ: දීඝරත්තං ඛෝ තේ ගහපති නිගණ්ඨානං ඕපානභූතං කුලං, යේන නේසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්‍යාසීති සුතං මේතං භන්තේ. සමණෝ ගෝතමෝ ඒවමාහ: මය්හමේව දානං දාතබ්බං, නාඤ්ඤේසං දානං දාතබ්බං, මය්හමේව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤේසං සාවකානං දානං දාතබ්බං, මය්හමේව දින්නං මහප්ඵලං, නාඤ්ඤේසං දින්නං මහප්ඵලං, මය්හමේව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤේසං සාවකානං දින්නං මහප්ඵලන්ති. අථ ච පන මං භගවා නිගණ්ඨේසුපි දානේ සමාදපේති. අපි ච භන්තේ මයමෙත්ථ කාලං ජානිස්සාම. ඒසාහං භන්තේ තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“පින්වත් ගෘහපතිය, ඔබ ගේ නිවස බොහෝ කලක් මුළුල්ලෙහි නිගණ්ඨයන් හට පැන් පොකුණක් වගෙයි තිබුනෙ. එනිසා ඔවුන් පැමිණි විට පිණ්ඩපාතය දිය යුතු බව සිතන්න.”

“ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේ ගැන බොහෝ සෙයින් ම සතුටු වුනා. ඇල්ම වැඩි වුනා. භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් ගෘහපතිය, ඔබ ගේ නිවස බොහෝ කලක් මුළුල්ලෙහි නිගණ්ඨයන් හට පැන් පොකුණක් වගෙයි තිබුනෙ. එනිසා ඔවුන් පැමිණි විට පිණ්ඩපාතය දිය යුතු බව සිතන්න’ කියා මට වදාරනවා. නමුත් ස්වාමීනී, මං අසා තිබුනෙ මේ විදිහට යි. ‘ශ්‍රමණ ගෞතමයන් මෙහෙමයි කියන්නේ’ කියල. එනම්; ‘මට ම යි දන් දිය යුත්තෙ. අනිත් උදවියට දන් දිය යුතු නෑ. මගේ ශ්‍රාවකයන්ට ම යි දන් දිය යුත්තෙ. අන් උදවිය ගේ ශ්‍රාවකයන් හට දන් දිය යුතු නෑ. මට දුන්නොත් තමයි මහත්ඵල ලැබෙන්නෙ. අනිත් උදවියට දුන්නාට මහත්ඵල නෑ. මාගේ ශ්‍රාවකයන්ට දුන් විට තමයි මහත්ඵල ලැබෙන්නෙ. අනිත් උදවිය ගේ ශ්‍රාවකයන්ට දුන් විට මහත්ඵල ලැබෙන්නෙ නෑ’ කියල යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයන් කෙරෙහි ත් දන් දෙන්නට කියා මාව දානයෙහි සමාදන් කරවන සේක. ස්වාමීනී, එයට අපි සුදුසු කාලය දන්නවා. ස්වාමීනී, මං තුන්වන වතාවට ත්, භාග්‍යවතුන් වහන්සේව ද, ශ්‍රී සද්ධර්මය ද, සංඝරත්නය ද සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

අථ ඛෝ භගවා උපාලිස්ස ගහපතිස්ස ආනුපුබ්බීකථං ආනුපුබ්බිකථං කථේසි. සෙය්‍යථිදං: දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ ආනිසංසං පකාසේසි. යදා භගවා අඤ්ඤාසි උපාලිං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා, තං පකාසේසි: දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පතිග්ගණ්හෙය්‍ය. ඒවමේවං උපාලිස්ස ගහපතිස්ස තස්මිංයේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති. අථ ඛෝ උපාලි ගහපති දිට්ඨධම්මෝ පත්තධම්මෝ විදිතධම්මෝ පරියෝගාළ්හධම්මෝ තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ භගවන්තං ඒතදවෝච : හන්ද ච’දානි මයං භන්තේ ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං ගහපති කාලං මඤ්ඤසීති.

එවිට භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතියා හට අනුපිළිවෙල කථාව වදාළා. ඒ කියන්නෙ දන් දීම ගැන කථාව, සිල් රැකීම ගැන කථාව, ස්වර්ගෝත්පත්තිය ගැන කථාව, කාමයන් ගේ ආදීනවය ගැන කථාව, කෙලෙස් වල ඇති ලාමක බව ගැන කථාව, කෙලෙසුන් ගෙන් නික්මීමේ ආනිසංස ගැන කථාව වදාළා. ඉතින් යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතියා තුළ සකස් වූ සිතක්, මෘදු සිතක්, නීවරණ රහිත සිතක්, ඔද වැඩුණු සිතක්, ප්‍රසන්න වූ සිතක් ඇති වුණු බව දැන වදාළ සේක් ද, එවිට බුදුවරයන් වහන්සේලා ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද, ඒ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය දේශනාව වදාළා. එය කිළුටු නැති සුදු වස්ත්‍රයක් මැනවින් සායම් කළා වගෙයි. ඒ ආකාරයෙන් ම උපාලි ගෘහපතියා හට ඒ ආසනයේ දී ම ‘හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් හට ගත් සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත’ බවට කෙලෙස් රහිත වූ, අවිද්‍යා රහිත වූ දහම් ඇස පහළ වුනා.

දැක ගත් ධර්මයෙන් යුතු, ධර්මයට පැමිණි, ධර්මය දැනගත්, ධර්මයෙහි බැසගත්, සැකයෙන් එතෙර වූ, ‘කෙසේද, කෙසේද’ යන ස්වභාවයෙන් එතෙර වූ, විශාරද භාවයට පැමිණි, බාහිර උපකාරයකින් තොරව ශාස්තෘ ශාසනයෙහි දියුණුව ලැබිය හැකි උපාලි ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, දැන් අපි පිටත් වෙන්නම්. අපට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ කටයුතු තියෙනවා නෙව.” “පින්වත් ගෘහපතිය, ඔබට දැන් එයට කල් බව දැනගන්න.”

අථ ඛෝ උපාලි ගහපති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන සකං නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා දෝවාරිකං ආමන්තේසි: අජ්ජතග්ගේ සම්ම දෝවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතෝ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, සචේ කෝචි නිගණ්ඨෝ ආගච්ඡති. තමේනං ත්වං ඒවං වදෙය්‍යාසි: තිට්ඨ භන්තේ, මා පාවිසි, අජ්ජතග්ගේ උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ. ආවටං ද්වාරං නිගණ්ඨානං, නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතෝ භික්ඛූනං භික්ඛුනීනං, උපාසකානං උපාසිකානං. සචේ තේ භන්තේ පිණ්ඩකේන අත්ථෝ, එත්ථේව තිට්ඨ එත්ථේව තේ ආහරිස්සන්තීති. ඒවං භන්තේති ඛෝ දෝවාරිකෝ උපාලිස්ස ගහපතිස්ස පච්චස්සෝසි.

ඉතින් උපාලි ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කොට තමන් ගේ නිවසට පැමිණුනා. පැමිණ දොරටුපාලයා ඇමතුවා. “යහළු දොරටුපාලය, අද පටන් නිගණ්ඨයන් හට ත්, නිගණ්ඨියන් හට ත් මෙම දොරටුව වහනවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේට ත්, භික්ෂූන්ට ත්, භික්ෂුණීන්ට ත්, උපාසකවරුන්ට ත්, උපාසිකාවන්ට ත් මෙම දොරටුව විවෘත වෙනවා. යම් හෙයකින් කවුරු හෝ නිගණ්ඨයෙක් ආවොතින් ඔහුට ඔබ මෙසේ දැනුම් දෙන්න. ‘ස්වාමීනී, සිටින්න! පිවිසෙන්න එපා! අද පටන් උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකු බවට පත් වුනා. නිගණ්ඨයන් හට ත්. නිගණ්ඨියන් හට ත් දොරටුව වැහුනා. භාග්‍යවතුන් වහන්සේට, භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට දොරටුව විවෘත වුනා. ඉදින් ස්වාමීනී, ඔබට පිණ්ඩපාතයෙන් ප්‍රයෝජනයක් තිබේ නම් ඔහොම සිටින්න. එතනට ම ඔබ වෙනුවෙන් ගෙනවිත් දෙන්නේය’ කියල.” “එසේය ස්වාමීනී” කියා දොරටුපාලයා උපාලි ගෘහපතියාට පිළිතුරු දුන්නා.

අස්සෝසි ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ උපාලි කිර ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝති. අථ ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සුතං මේතං භන්තේ උපාලි කිර ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යාති. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සුතං මේතං භන්තේ උපාලි කිර ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යාති. හන්ද චාහං භන්තේ ගච්ඡාමි යාව ජානාමි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්ං උපගතෝ යදි වා නොති. ගච්ඡ ත්වං තපස්සි ජානාහි යදි වා උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ යදි වා නෝ”ති.

උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයෙක් වූ වග දීඝතපස්සී නිගණ්ඨයාට අසන්නට ලැබුනා. එතකොට දීඝතපස්සී නිගණ්ඨයා නිගණ්ඨ නාතපුත්‍ර කරා පැමිණුනා. පැමිණ නිගණ්ඨ නාතපුත්‍ර ට මෙය පැවසුවා.

“ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකත්වයට පත්වුන බවට මට අසන්නට ලැබුනා.

“තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ’ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්.”

දෙවනුව ද ….(පෙ)…. තුන්වෙනුව ද, “ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකත්වයට පත්වුන බවට මට අසන්නට ලැබුනා.

“තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ‘ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්.”

“ස්වාමීනී, එහෙම නම් මං ම යනවා. උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක බවට පත් වුනා ද නැද්ද කියන කාරණය මං ම දැනගන්නවා.” “තපස්සී, නුඹ යව. උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක බවට පත් වුනා ද නැද්ද කියන කාරණය දැනගන්න.”

අථ ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ යේන උපාලිස්ස ගහපතිස්ස නිවේසනං තේනුපසංකමි. අද්දසා ඛෝ දෝවාරිකෝ දීඝතපස්සිං නිගණ්ඨං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං ඒතදවෝච : තිට්ඨ භන්තේ, මා පාවිසි. අජ්ජතග්ගේ උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ, ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතෝ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචේ තේ භන්තේ පිණ්ඩකේන අත්ථෝ, එත්ථේව තිට්ඨ. එත්ථේව තේ ආහරිස්සන්තීති. න මේ ආවුසෝ පිණ්ඩකේන අත්ථෝති වත්වා තතෝ පටිනිවත්තිත්වා යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සච්චංයේව ඛෝ භන්තේ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ. ඒතං ඛෝ තේ අහං භන්තේ නාලත්ථං: න ඛෝ මේ භන්තේ රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍ය. සමණෝ හි භන්තේ ගෝතමෝ මායාවී, ආවට්ටනිං මායං ජානාතිල යාය අඤ්ඤතිත්ථියානං සාවකේ ආවට්ටේතීති. ආවට්ටෝ ඛෝ තේ භන්තේ උපාලි ගහපති සමණේන ගෝතමේන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යාති. දුතියම්පි ඛෝ ….(පෙ)…. තතියම්පි ඛෝ දීඝතපස්සී නිගණ්ඨෝ නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සච්චංයේව ඛෝ භන්තේ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ: ඒතං ඛෝ තේ අහං භන්තේ නාලත්ථං: න ඛෝ මේ භන්තේ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍ය. සමණෝ හි භන්තේ ගෝතමෝ මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකේ ආවට්ටේතීති. ආවට්ටෝ ඛෝ තේ භන්තේ උපාලි ගහපති සමණේන ගෝතමේන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛෝ ඒතං තපස්සි අනවකාසෝ යං උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං සමණෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යාති. හන්ද චාහං තපස්සි ගච්ඡාමි යාය සාමං යේව ජානාමි. යදි වා උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ යදි වා නෝති.

ඉතින් දීඝතපස්සී නිගණ්ඨයා උපාලි ගෘහපතියා ගේ නිවස කරා ගියා. එතකොට දුරින් ම පැමිණෙන දීඝතපස්සී නිගණ්ඨයාව දොරටුපාලයා දුටුවා. දැක දීඝතපස්සී නිගණ්ඨයාට මෙය පැවසුවා. “ස්වාමීනී, සිටින්න! පිවිසෙන්න එපා! අද පටන් උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකු බවට පත් වුනා. නිගණ්ඨයන් හට ත්, නිගණ්ඨියන් හට ත් දොරටුව වැහුනා. භාග්‍යවතුන් වහන්සේට, භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට දොරටුව විවෘත වුනා. ඉදින් ස්වාමීනී, ඔබට පිණ්ඩපාතයෙන් ප්‍රයෝජනයක් තිබේ නම් ඔහොම සිටින්න. එතනට ම ඔබ වෙනුවෙන් ගෙනවිත් දෙන්නේය.” “එම්බා ඇවැත්නි, මට පිණ්ඩපාතයෙන් කම් නැතැ”යි එතැනින් ආපසු හැරී නිගණ්ඨ නාතපුත්‍රයා කරා පැමිණුනා. පැමිණ නිගණ්ඨ නාතපුත්‍රයාට මෙය පැවසුවා.

“ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයෙක් වූ බවට ඇති කතාව හැබෑවක් නෙව. ස්වාමීනී, මං උපාලි ගෘහපතියා ගේ ගමන නවත්වන්න ගත් උත්සාහය හරි ගියේ නෑ. ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනගන්නේය යන කාරණාව මට රිස්සුවේ නෑ. ස්වාමීනී, ශ්‍රමණ ගෞතමයන් මායා දන්නවා. අන්‍යාගමිකයන් ගේ ශ්‍රාවකයන්ව තමන් ළඟට කරකැවී එන ආකාරයෙන් ඇදගන්නට සමත් ආවට්ටනී මායාව ශ්‍රමණ ගෞතමයන් දන්නවා. ස්වාමීනී, ඔබ ගේ ශ්‍රාවක වූ උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් විසින් ආවට්ටනී මායාවෙන් කරකවල ගත්තා.”

“එම්බා තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නො වේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ‘ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්.”

දෙවනුව ද ….(පෙ)…. තුන්වෙනුව ද දීඝතපස්සී නිගණ්ඨයා නිගණ්ඨ නාතපුත්‍රට මෙය පැවසුවා. “ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයෙක් වූ බවට ඇති කතාව හැබෑවක් නෙව. ස්වාමීනී, මං උපාලි ගෘහපතියා ගේ ගමන නවත්වන්න ගත් උත්සාහය හරි ගියේ නෑ. ස්වාමීනී, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් හට වාදයක් ගොඩනගන්නේය යන කාරණාව මට රිස්සුවේ නෑ. ස්වාමීනී, ශ්‍රමණ ගෞතමයන් මායා දන්නවා. අන්‍යාගමිකයන් ගේ ශ්‍රාවකයන්ව තමන් ළඟට කරකැවී එන ආකාරයෙන් ඇදගන්නට සමත් ආවට්ටනී මායාව ශ්‍රමණ ගෞතමයන් දන්නවා. ස්වාමීනී, ඔබ ගේ ශ්‍රාවක වූ උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් විසින් ආවට්ටනී මායාවෙන් කරකවල ගත්තා.”

“එම්බා තපස්සී, ‘උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකභාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය සිදුවිය හැකි දෙයක් නම් නොවේ. එහෙම දෙයක් වෙන්නට ඉඩක් නැහැ. නමුත්, ‘ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියා ගේ ශ්‍රාවක භාවයට පත් වන්නේ ය’ යන යම් කරුණක් ඇද්ද, එය නම් සිදුවිය හැකි දෙයක්.” “තපස්සී, එහෙම නම් මං ම යනවා. උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක බවට පත් වුනා ද නැද්ද කියන කාරණය මං ම දැනගන්නවා.”

අථ ඛෝ නිගණ්ඨෝ නාතපුත්තෝ මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යේන උපාලිස්ස ගහපතිස්ස නිවේසනං තේනුපසංකමි. අද්දසා ඛෝ දෝවාරිකෝ නිගණ්ඨං නාතපුත්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: තිට්ඨ භන්තේ මා පාවිසි. අජ්ජතග්ගේ උපාලි ගහපති සමණස්ස ගෝතමස්ස සාවකත්තං උපගතෝ. ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතෝ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචේ තේ භන්තේ පිණ්ඩකේන අත්ථෝ එත්ථේව තිට්ඨ එත්ථේව තේ ආහරිස්සන්තීති. තේන හි සම්ම දෝවාරික යේන උපාලි ගහපති තේනුපසංකම. උපසංකමිත්වා උපාලිං ගහපතිං ඒවං වදේහි: නිගණ්ඨෝ භන්තේ නාතපුත්තෝ මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකේ ඨිතෝ. සෝ තේ දස්සනකාමෝති. ඒවං භන්තේති ඛෝ දෝවාරිකෝ නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා යේන උපාලි ගහපති තේනුපසංකමි. උපසංකමිත්වා උපාලිං ගහපතිං ඒතදවෝච: නිගණ්ඨෝ භන්තේ නාතපුත්තෝ මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකේ ඨිතෝ, සෝ තේ දස්සනකාමෝති. තේන හි සම්ම දෝවාරික, මජ්ක්‍ධිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤාපේහීති. ඒවං භන්තේති ඛෝ දෝවාරිකෝ උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා මජ්ක්‍ධිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤාපෙත්වා යේන උපාලි ගහපති තේනුපසංකමි. උපසංකමිත්වා උපාලිං ගහපතිං ඒතදවෝච: පඤ්ඤත්තානි ඛෝ භන්තේ මජ්ක්‍ධිමාය ද්වාරසාලාය ආසනානි. යස්සදානි කාලං මඤ්ඤසීති.

ඉතින් නිගණ්ඨ නාතපුත්‍ර මහත් නිගණ්ඨ පිරිසක් සමඟ උපාලි ගෘහපතියා ගේ නිවස කරා ගියා. එතකොට දුරින් ම පැමිණෙන නිගණ්ඨ නාතපුත්‍රයා දොරටුපාලයා දුටුවා. දැක නිගණ්ඨ නාතපුත්‍රයාට මෙය පැවසුවා. “ස්වාමීනී, සිටින්න! පිවිසෙන්න එපා! අද පටන් උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකු බවට පත් වුනා. නිගණ්ඨයන් හට ත්, නිගණ්ඨියන් හට ත් දොරටුව වැහුනා. භාග්‍යවතුන් වහන්සේට, භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට දොරටුව විවෘත වුනා. ඉදින් ස්වාමීනී, ඔබට පිණ්ඩපාතයෙන් ප්‍රයෝජනයක් තිබේ නම් ඔහොම සිටින්න. එතනට ම ඔබ වෙනුවෙන් ගෙනවිත් දෙන්නේ ය.”

“එසේ නම් යහළු දොරටුපාලය, උපාලි ගෘහපතියා ළඟට යන්න. ගිහින් උපාලි ගෘහපතියාට මෙහෙම කියන්න. ‘ස්වාමීනී, නිගණ්ඨ නාතපුත්‍ර මහත් වූ නිගණ්ඨ පිරිසක් සමඟ එළියේ හිටගෙන ඉන්නවා. ඔහු තමුන්නාසේව දකින්න කැමතියි’ කියල.” “එසේය ස්වාමීනී” කියා දොරටුපාලයා නිගණ්ඨ නාතපුත්‍රට පිළිතුරු දී උපාලි ගෘහපතියා වෙත පැමිණුනා. පැමිණ උපාලි ගෘහපතියාට මෙය පැවසුවා. “ස්වාමීනී, ස්වාමීනී, නිගණ්ඨ නාතපුත්‍ර මහත් වූ නිගණ්ඨ පිරිසක් සමඟ එළියේ හිටගෙන ඉන්නවා. ඔහු තමුන්නාසේව දකින්න කැමතියි” “එසේ වී නම් යහළු දොරටුපාලය, මධ්‍යම දොරටු ශාලාවෙහි ආසන පණවන්න.

“එසේය ස්වාමීනී” කියා දොරටුපාලයා උපාලි ගෘහපතියාට පිළිතුරු දී මධ්‍යම දොරටු ශාලාවේ ආසන පැණෙව්වා. උපාලි ගෘහපතියා ළඟට ගිහින් මෙකරුණ සැළකළා. “ස්වාමීනී, මධ්‍යම දොරටු ශාලාවේ ආසන පැණෙව්වා. දැන් එයට කල් දැනගන්න” කියල.

අථ ඛෝ උපාලි ගහපති යේන මජ්ක්‍ධිමා ද්වාරසාලා තේනුපසංකමි. උපසංකමිත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ නිසීදිත්වා දෝවාරිකං ආමන්තේසි: තේන හි සම්ම දෝවාරික යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකම. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං ඒවං වදේහි: උපාලි භන්තේ ගහපති ඒවමාහ: පවිස කිර භන්තේ සචේ ආකංඛසීති. ඒවං භන්තේති ඛෝ දෝවාරිකෝ උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා යේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: උපාලි භන්තේ ගහපති ඒවමාහ: පවිස කිර භන්තේ සචේ ආකංඛසීති. අථ ඛෝ නිගණ්ඨෝ නාතපුත්තෝ මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යේන මජ්ක්‍ධිමා ද්වාරසාලා තේනුපසංකමි. අථ ඛෝ උපාලි ගහපති: යං සුදං පුබ්බේව යතෝ පස්සති නිගණ්ඨං නාතපුත්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන තතෝ පච්චුගන්ත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච, තං උත්තරාසංගේන පමජ්ජිත්වා පරිග්ගහෙත්වා නිසීදාපේති. සෝ’දානි යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ සාමං නිසීදිත්වා නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච: සංවිජ්ජන්තේ ඛෝ භන්තේ ආසනානි, සචේ ආකංඛසි නිසීදාති. ඒවං වුත්තේ නිගණ්ඨෝ නාතපුත්තෝ උපාලිං ගහපතිං ඒතදවෝච: උම්මත්තෝසි ත්වං ගහපති, දත්තෝසි ත්වං ගහපති. ගච්ඡාමහං භන්තේ සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සාමීති ගන්ත්වා මහතාසි වාදසංඝාටේන පටිමුක්කෝ ආගතෝ. සෙය්‍යථාපි ගහපති පුරිසෝ අණ්ඩහාරකෝ ගන්ත්වා උබ්භතේහි අණ්ඩේහි ආගච්ඡෙය්‍ය, සෙය්‍යථා වා පන ගහපති පුරිසෝ අක්ඛිකහාරකෝ ගන්ත්වා උබ්භතේහි අක්ඛීහි ආගච්ඡෙය්‍ය. ඒවමේව ඛෝ ත්වං ගහපති ගච්ඡාමහං භන්තේ සමණස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සාමීති ගන්ත්වා මහතාසි වාදසංඝාටේන පටිමුක්කෝ ආගතෝ. ආවට්ටෝසි ඛෝ ත්වං ගහපති සමණේන ගෝතමේන ආවට්ටනියා මායායාති.

ඉතින් උපාලි ගෘහපතියා මධ්‍යම දොරටු ශාලාව වෙත පැමිණුනා. පැමිණ එහි අග්‍ර වූත්, ශ්‍රේෂ්ඨ වූත්, උත්තම වූත්, ඉතා සැපවත් වූත් යම් ආසනයක් ඇද්ද එහි වාඩි වෙලා දොරටුපාලයා ඇමතුවා. “එසේ වී නම් යහළු දොරටුපාලය, නිගණ්ඨ නාතපුත්‍ර වෙත යන්න. ගිහින් නිගණ්ඨ නාතපුත්‍රට මෙහෙම කියන්න. “ස්වාමීනී, උපාලි ගෘහපතියා මෙහෙම කියනවා. ‘ස්වාමීනී, ඉදින් කැමති නම් පිවිසෙන්න’ කියල” “එසේය ස්වාමීනී” කියා දොරටුපාලයා උපාලි ගෘහපතියාට පිළිතුරු දී නිගණ්ඨ නාතපුත්‍ර වෙත ගියා. ගිහින් නිගණ්ඨ නාතපුත්‍රට මෙය කිව්වා. “ස්වාමීනී, උපාලි ගෘහපතියා මෙහෙම කියනවා. ස්වාමීනී, ඉදින් කැමති නම් පිවිසෙන්න” කියල.

එතකොට නිගණ්ඨ නාතපුත්‍රයා මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මධ්‍යම දොරටු ශාලාවට පැමිණුනා. ඉස්සර නම් උපාලි ගෘහපතියා නිගණ්ඨ නාතපුත්‍ර දුරින් ම පැමිණෙන බව දකින්නේ යම් තැනක සිට ද එතන සිට ම පෙර ගමන් කරනවා. එහි තිබෙන අග්‍ර වූ ත්, ශ්‍රේෂ්ඨ වූ ත්, උත්තම වූ ත් ඉතා සැපවත් වූ ත් යම් ආසනයක් වේ නම් එය උතුරු සළුවෙන් ගසා පිරිමැද එහි වාඩි කරවනවා. නමුත් ඔහු දැන් එහි යම් අග්‍ර වූ ත්, ශ්‍රේෂ්ඨ වූ ත්, උත්තම වූ ත් ඉතා සැපවත් වූ ත් ආසනයක් වේද, ඒ ආසනයේ තමන් වාඩි වෙලා නිගණ්ඨ නාතපුත්‍රයා හට මෙය කිව්වා. “ස්වාමීනී, ආසන පණවා තිබෙනවා. ඉදින් කැමති නම් වාඩිවුන මැනව.” මෙසේ කී කල්හි නිගණ්ඨ නාතපුත්‍ර උපාලි ගෘහපතියා ට මෙය පැවසුවා. “එම්බා ගෘහපතිය, නුඹට උමතුවක් හැදුන ද? එම්බා ගෘහපතිය, නුඹ ජඩව ගියා ද? ‘ස්වාමීනී, මං ශ්‍රමණ ගෞතමයාට වාදයක් ගොඩනංවනවා’ය කියලා ගිහින් මහත් වාද බන්ධනයෙන් හිර වෙලා ආවා නෙවෙ ද? එම්බා ගෘහපතිය, පුරුෂයෙක් අණ්ඩකෝෂය ඇති ව ගිහින් අන්තිමේදී ඒ අණ්ඩකෝෂයන් ගලවගෙන ආව වගෙයි නෙව. එම්බා ගෘහපතිය, පුරුෂයෙක් ඇස් දෙක ඇතුව ගිහින් ඇස් ගලෝගෙන ආව වගෙයි නෙව. එම්බා ගෘහපතිය, නුඹ ‘ස්වාමීනී, මං ශ්‍රමණ ගෞතමයාට වාදයක් ගොඩනංවනවා’ය කියලා ගිහින් මහත් වාද බන්ධනයෙන් හිර වෙලා ආවා නෙවෙ ද? එම්බා ගෘහපතිය, නුඹ ශ්‍රමණ ගෞතමයන් ගේ ආවට්ටනී මායාවෙන් කරකැවිලා ගියා නේද?”

භද්දිකා භන්තේ ආවට්ටනී මායා, කල්‍යාණී භන්තේ ආවට්ටනී මායා, පියා මේ භන්තේ ඤාතිසාලෝහිතා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං, පියානම්පි මේ අස්ස ඤාතිසාලෝහිතානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බේ චේපි භන්තේ ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං. සබ්බේසානම්පිස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බේ චේපි භන්තේ බ්‍රාහ්මණා ….(පෙ)…. වෙස්සා ….(පෙ)…. සුද්දා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං, සබ්බේසානම්පිස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදේවකෝ චේපි භන්තේ ලෝකෝ සමාරකෝ සබ්‍රහ්මකෝ සස්සමණබ්‍රාහ්මණී පජා සදේවමනුස්සා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍ය, සදේවකස්සපිස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය. තේන හි භන්තේ උපමං තේ කරිස්සාමි. උපමාය පිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.

“ස්වාමීනී, ආවට්ටනී මායාව ඉතා සුන්දර යි. ස්වාමීනී, ආවට්ටනී මායාව ඉතා කළ්‍යාණ යි. ස්වාමීනී, මගේ ප්‍රිය වූ ලේ ඥාතීන් ද මේ ආවට්ටනී මායාවෙන් කරකැවී යනවා නම් ඒ මගේ ප්‍රිය වූ ලේ නෑදෑයන් හට එය බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. ඒ වගේ ම ස්වාමීනී, සියළු ක්ෂත්‍රියයන් ද, මේ ආවට්ටනී මායාවෙන් කරකැවී යනවා නම් ඒ සියළු ක්ෂත්‍රියයන් හට එය බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. ස්වාමීනී, සියළු බ්‍රාහ්මණයන් ….(පෙ)…. සියළු වෛශ්‍යයන් ….(පෙ)…. සියළු ශුද්‍රයන් මේ ආවට්ටනී මායාවෙන් කරකැවී යනවා නම් ඒ සියළු ශුද්‍රයන් හට එය බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. ස්වාමීනී, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව ද මේ ආවට්ටනී මායාවෙන් කරකැවී යනවා නම් ඒ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවට එය බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි. එසේ වී නම් ස්වමීනී, මා උපමාවක් ඉදිරිපත් කරන්නම්. යම් බුද්ධිමත් මනුෂ්‍යයෙකුට උපමාවකින් වුනත් කියන ලද කරුණෙහි අර්ථය වටහා ගන්නට පුළුවන්කම තියෙනවා.

භූතපුබ්බං භන්තේ අඤ්ඤතරස්ස බ්‍රාහ්මණස්ස ජිණ්ණස්ස වුද්ධස්ස මහල්ලකස්ස දහරා මාණවිකා පජාපතී අහෝසි ගබ්භිනී උපවිජඤ්ඤා. අථ ඛෝ භන්තේ සා මාණවිකා තං බ්‍රාහ්මණං ඒතදවෝච: ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනේහි යෝ මේ කුමාරකස්ස කීළාපනකෝ භවිස්සතීති. ඒවං වුත්තේ භන්තේ සෝ බ්‍රාහ්මණෝ තං මාණවිකං ඒතදවෝච: ආගමේහි තාව භෝති යාව විජායසි. සචේ ත්වං භෝති කුමාරකං විජායිස්සසි, තස්සා තේ අහං ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙස්සාමි, යෝ තේ කුමාරකස්ස කීළාපනකෝ භවිස්සති. සචේ පන ත්වං භෝති කුමාරිකං විජායිස්සසි, තස්සා තේ අහං ආපණා මක්කටච්ඡාපිකං කිණිත්වා ආනෙස්සාමි, යා තේ කුමාරිකාය කීළාපනිකා භවිස්සතීති. දුතියම්පි ඛෝ භන්තේ ….(පෙ)…. කීළාපනිකා භවිස්සතී’ති. තතියමිපි ඛෝ භන්තේ සා මාණවිකා තං බ්‍රාහ්මණං ඒතදවෝච: ගච්ඡ ත්වං බ්‍රාහ්මණ ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනේහි යෝ මේ කුමාරකස්ස කීළාපනකෝ භවිස්සතීති. අථ ඛෝ භන්තේ සෝ බ්‍රාහ්මණෝ තස්සා මාණවිකාය සාරත්තෝ පටිබද්ධචිත්තෝ ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙත්වා තං මාණවිකං ඒතදවෝච: අයං තේ භෝති ආපණා මක්කටච්ඡාපකෝ කිණිත්වා ආනීතෝ යෝ තේ කුමාරකස්ස කීළාපනකෝ භවිස්සතීති. ඒවං වුත්තේ භන්තේ සා මාණවිකා තං බ්‍රාහ්මණං ඒතදවෝච : ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, ඉමං මක්කටච්ඡාපකං ආදාය යේන රත්තපාණි රජතපුත්තෝ තේනුපසංකම. උපසංකමිත්වා රත්තපාණිං රජකපුත්තං ඒවං වදේහි: ඉච්ඡාමහං සම්ම රත්තපාණි, ඉමං මක්කටච්ඡාපකං පීතාවලේපනං නාම රංගජාතං රඤ්ජිතං ආකෝටිතපච්චාකෝටිතං උභතෝභාගවිමට්ඨන්ති. අථ ඛෝ භන්තේ සෝ බ්‍රාහ්මණෝ තස්සා මාණවිකාය සාරත්තෝ පටිබද්ධචිත්තෝ තං මක්කටච්ඡාපකං ආදාය යේන රත්තපාණිරජකපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා රත්තපාණිං රජකපුත්තං ඒතදවෝච: ඉච්ඡාමහං සම්ම රත්තපාණි ඉමං මක්කටච්ඡාපකං පීතාවලේපනං නාම රංගජාතං රංජිතං ආකෝටිතපච්චාකෝටිතං උභතෝභාගවිමට්ඨන්ති. ඒවං වුත්තේ භන්තේ රත්තපාණි රජකපුත්තෝ තං බ්‍රාහ්මණං ඒතදවෝච: අයං ඛෝ තේ මක්කටච්ඡාපකෝ රංගක්ඛමෝ හි ඛෝ, නෝ ආකෝටනක්ඛමෝ නෝ විමජ්ජනක්ඛමෝති. ඒවමේව ඛෝ භන්තේ බාලානං නිගණ්ඨානං වාදෝ රංගක්ඛමෝ හි ඛෝ බාලානං නෝ පණ්ඩිතානං, නෝ අනුයෝගක්ඛමෝ, නෝ විමජ්ජනක්ඛමෝ. අථ ඛෝ භන්තේ සෝ බ්‍රාහ්මණෝ අපරේන සමයේන නවං දුස්සයුගං ආදාය යේන රත්තපාණි රජකපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා රත්තපාණිං රජකපුත්තං ඒතදවෝච : ඉච්ඡාමහං සම්ම රත්තපාණි, ඉමං නවං දුස්සයුගං පීතාවලේපනං නාම රංගජාතං රංජිතං ආකෝටිතපච්චාකෝටිතං උභතෝභාගවිමට්ඨන්ති. ඒවං වුත්තේ භන්තේ රත්තපාණි රජකපුත්තෝ තං බ්‍රාහ්මණං ඒතදවෝච: ඉදං ඛෝ තේ භන්තේ නවං දුස්සයුගං රංගක්ඛමඤ්චේව ආකෝටනක්ඛමඤ්ච විමජ්ජනක්ඛමඤ්චාති. ඒවමේව ඛෝ භන්තේ තස්ස භගවතෝ වාදෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස රංගක්ඛමෝ චේව පණ්ඩිතානං නෝ බාලානං අනුයෝගක්ඛමෝ ච විමජ්ජනක්ඛමෝ චාති.

ස්වාමීනී, මෙය ඉස්සර වෙච්ච දෙයක්. ඔන්න දිරා ගිය, වයස්ගත වූ, එක්තරා මහළු බ්‍රාහ්මණයෙකු ට ළදරු මෙනවියක් භාර්යාව වුනා. ඉතින් ඇය ගර්භණී වෙලා දරුවා වදන කාලය ළං වුනා. එතකොට ස්වාමීනී, ඒ මෙනවිය අර බමුණාට මෙය කිව්වා. ‘එම්බා බ්‍රාහ්මණය, ඔබ යන්න. මාගේ දරුවාට සෙල්ලම් පිණිස යම් වඳුරු පැටවෙක් වෙයි ද, එබඳු වඳුරු පැටවෙකු කඩපිලෙන් මිලට ගෙනෙන්න.’ එතකොට අර බමුණා ඒ මෙනවියට මෙහෙම කියනවා ‘සොඳුර, දරුවා වදන තුරු ටිකක් ඉවසනු මැනව. ඉඳින් සොඳුර ඔබ කුමාරයෙකු වැදුවොත් මං ඔබට කඩපිලෙන් ඒ කුමාරයාට සෙල්ලම් පිණිස වඳුරු පැටවෙකු ගෙන එන්නම්. ඉඳින් ඔබ කුමාරියක වැදුවහොත් මං ඒ කුමාරියට සෙල්ලම් පිණිස කඩපිලෙන් වැඳිරි පැටියක ගෙන එන්නම්.’ ඉතින් ස්වාමීනී, ඒ මෙනවිය දෙවන වතාවටත් ….(පෙ)…. තුන් වන වතාවටත් අර බමුණාට මෙය කිව්වා. ‘එම්බා බ්‍රාහ්මණය, ඔබ යන්න. මාගේ දරුවාට සෙල්ලම් පිණිස යම් වඳුරු පැටවෙක් වෙයි ද, එබඳු වඳුරු පැටවෙකු කඩපිලෙන් මිලට ගෙනෙන්න.’ එතකොට ස්වාමීනී, ඒ මෙනවිය කෙරෙහි ඇලුණු සිත් ඇති, බැඳුණු සිත් ඇති ඒ බ්‍රාහ්මණයා කඩපිලෙන් වඳුරු පැටවෙකු මිල දී ගෙනවුත් අර මෙනෙවියට මෙය කිව්වා. ‘භවතී, ඔබ ගේ කුමාරයාට සෙල්ලම් පිණිස මෙන්න මං ඔබට වඳුරු පැටවෙක් ගෙනාවා.’ එවිට ස්වාමීනී, ඒ මෙනෙවිය අර බ්‍රාහ්මණයාට මෙහෙම කියනවා. ‘එම්බා බ්‍රාහ්මණය, ඔබ යන්න, මේ වඳුරු පැටියා සායම් පොවන රජක පුත්‍රයා ළඟට ගෙන යන්න. ගෙනිහින් සායම් පොවන රජක පුත්‍රයාට මෙහෙම කියන්න.’ ‘යහළු සායම් පොවන තැනැත්ත, මේ වඳුරු පැටවාව රන් වන් වූ කහ පාටින් සායම් කොට හොඳින් එහාට මෙහාට තලා අපුල්ලා දෙපස මට්ටම් කොට සකසා ගන්නට කැමැතියි.’

එතකොට ස්වාමීනී, ඒ මෙනවිය කෙරෙහි ඇලුණු සිත් ඇති, බැඳුණු සිත් ඇති ඒ බ්‍රාහ්මණයා, වඳුරු පැටියා රැගෙන සායම් පොවන රජකපුත්‍රයා ළඟට ගියා. ඒ සායම් පොවන රජක පුත්‍රයාට මෙය කීවා. ‘යහළු සායම් පොවන තැනැත්ත, මේ වඳුරු පැටවාව රන්වන් වූ කහපාටින් සායම් කොට හොඳින් එහාට මෙහාට තලා අපුල්ලා දෙපස මට්ටම් කොට සකසා ගන්නට කැමතියි.’

එතකොට ස්වාමීනී, සායම් පොවන රජක පුත්‍රයා ඒ බ්‍රාහ්මණයාට මෙහෙම කියනවා. ‘හිමියනි, ඔබ ගේ වඳුරු පැටවාට සායම් ගන්වන්නට පුළුවනි. නමුත් අපුල්ලන්නට බැහැ. හොඳින් තලා මට්ටම් කරන්නට බැහැ’ කියල. ස්වාමීනී, ඔය අයුරින් ම අඥාන වූ නිගණ්ඨයින් ගේ කියුම් අඥානයන්ට නම් වර්ණවත් වෙන්නට පුළුවනි. නමුත් නුවණැත්තන්ට හරියන්නෙ නෑ. නුවණැත්තන්ට හොඳින් විමසා බලන්නට බැහැ. හොඳින් තලා මට්ටම් කොට ගන්නට බැහැ.

ඒ වගේ ම ස්වාමීනී, ඒ බ්‍රාහ්මණයා මෑත කාලෙක අලුත් ම වස්ත්‍ර යුගලක් ගෙන සායම් පොවන රජක පුත්‍රයා ළඟට යනවා. ගිහින් සායම් පොවන රජක පුත්‍රයාට මෙහෙම කියනවා. ‘යහළු සායම් පොවන තැනැත්ත, මේ අලුත් වස්ත්‍ර යුගල රන්වන් කහ පැහැයෙන් සායම් පොවා ගන්නටත්, හොඳින් අපුල්ලා තලා මට්ටම් කර ගන්නටත් කැමතියි.’ එතකොට ස්වාමීනී, ඒ සායම් පොවන රජක පුත්‍රයා අර බමුණාට මෙහෙම කියනවා. ‘හිමියනි, මේ අලුත් වස්ත්‍ර යුගල නම් හොඳින් සායම් පොවන්නටත් පුළුවනි. හොඳින් අපුල්ලන්ටත් පුළුවනි. තලා මට්ටම් කරන්ටත් පුළුවනි’ කියල.

ස්වාමීනී, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කතාව අන්න ඒ වගේ. එය නුවණැත්තන්ව වර්ණවත් කරන්නට පුළුවන් දෙයක්. නුවණින් විමසීම නම් වූ ඇපිල්ලීමට ත්, නැවත නැවත විමසීම නම් වූ තලා ඔපමට්ටම් කිරීමට ත් පුළුවන් දෙයක්. නමුත් අඥානයින්ට නම් වැඩක් නැහැ.”

සරාජිකා ඛෝ තං ගහපති පරිසා ඒවං ජානාති: උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකෝති. කස්ස තං ගහපති සාවකං ධාරේමාති. ඒවං වුත්තේ උපාලි ගහපති උට්ඨායාසනා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනඤ්ජලිංපනාමෙත්වා නිගණ්ඨං නාතපුත්තංඒතදවෝච: තේන හි භන්තේ සුණෝහි යස්සා’හං සාවකෝ:

“එම්බා ගෘහපතිය, නමුත් රජු සහිත වූ පිරිස නුඹ ගැන මෙහෙමයි දන්නෙ. ‘උපාලි ගෘහපතියා නිගණ්ඨ නාතපුත්‍රයා ගේ ශ්‍රාවකයෙක්’ ය කියල. එම්බා ගෘහපතිය, නුඹ කවරෙකු ගේ ශ්‍රාවකයෙක් කියා ද අප දරා ගත යුත්තේ?”

එසේ කී කල්හි උපාලි ගෘහපතියා හුනස්නෙන් නැගිට්ටා. උතුරු සළුව ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දිශාවට වන්දනා කරගෙන නිගණ්ඨ නාතපුත්‍ර හට මෙය පැවසුවා. “ස්වාමීනී, එසේ වී නම් මං යම් කෙනෙකුන් ගේ ශ්‍රාවකයෙක් වෙම් ද, ඒ උන්වහන්සේ ගේ ගුණ අසනු මැනව.”

01. ධීරස්ස විගතමෝහස්ස පභින්නඛීලස්ස විජිතවිජයස්ස,
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි.

මහා නුවණැති හෙයින් ධීර නම් වූ, මොහඳුර දුරලූ හෙයින් විගතමෝහ නම් වූ, කෙලෙස් හුල් බිඳලූ හෙයින් පභිණ්හඛිල නම් වූ, මාර සේනා ජයගත් හෙයින් විජිතවිජය නම් වූ, කෙලෙස් දුක් රහිත හෙයින් අනීඝ නම් වූ, සොඳුරු සමසිත් ඇති හෙයින් සුසමචිත්ත නම් වූ, වැඩුණු සිල් ඇති හෙයින් වෘද්ධසීල නම් වූ, සොඳුරු ප්‍රඥා ඇති හෙයින් සාධුපඤ්හ නම් වූ, කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් වෙස්සන්තර නම් වූ, නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

02. අකථංකථිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස,
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීරස්ස නරස්ස,
අනෝපමස්ස විරජස්ස, භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

සැකයෙන් එතෙරට වැඩි හෙයින් අකථංකථි නම් වූ, සතුටින් පිරුණු සිත් ඇති හෙයින් තුසිත නම් වූ, කාම ගුණ බැහැර කළ හෙයින් වංතලෝකාමිස නම් වූ, ලොවේ යහපත දැක සතුටු වන හෙයින් මුදිත නම් වූ, ශ්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් කතසමණ නම් වූ, උතුම් මිනිසෙක් හෙයින් මනුජ නම් වූ, අවසන් සිරුර දරනා හෙයින් අන්තිමසාරීර නම් වූ, උදාර මිනිසෙක් හෙයින් නර නම් වූ, අලාමක සිත් ඇති හෙයින් අනෝපම නම් වූ, කෙලෙස් දුහුවිලි නැති හෙයින් විරජ නම් වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

03. අසංසයස්ස කුසලස්ස වේනයිකස්ස සාරථිවරස්ස,
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කංඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස, භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

සංකා රහිත සිත් ඇති හෙයින් අසංසය නම් වූ, හැමට යහපත සදනා හෙයින් කුල නම් වූ, ලෝ සතුන් දමනය කරනා හෙයින් වේණයික නම් වූ, දහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් සාරථීවර නම් වූ, උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ, පිරිසිදු දහම් ඇති හෙයින් රුචිරධම්ම නම් වූ, නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ, නුවණින් ලොව එළිය කරනා හෙයින් පභාසකර නම් වූ, මානය සිඳලූ හෙයින් මානච්ඡිද නම් වූ, මහා වීර ගුණ ඇති හෙයින් වීර නම් වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

04. නිසභස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස,
ඛේමංකරස්ස වේදස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සංගාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ, පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙය්ය නම් වූ, ගැඹුරු නුවණැති හෙයින් ගම්භීර නම් වූ, මුනි දහමට පත් වූ හෙයින් මෝනපත්ත නම් වූ, බිය රහිත ගුණයෙන් යුතු හෙයින් ඛේමංකර නම් වූ, ලොවෙහි දෙවියන් බඳු හෙයින් දේව නම් වූ, ධර්මයෙහි පිහිටි හෙයින් ධම්මට්ඨ නම් වූ, සංවර සිත් ඇති හෙයින් සංවුතත්ත නම් වූ, කෙලෙස් ඉක්ම ගිය හෙයින් සංඝාතිග නම් වූ, දුකින් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

05. නාගස්ස පන්තසේනස්ස ඛීණසංයෝජනස්ස මුත්තස්ස,
පටිමන්තකස්ස ධෝනස්ස පන්නධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

මහා ඇත් රජෙකු වැනි හෙයින් නාග නම් වූ, ඈත වනයේ වසනා හෙයින් පන්තසේන නම් වූ, කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හෙයින් ඛීණසංයෝජන නම් වූ, කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ, නුවණින් යුතු කථාබහ ඇති හෙයින් පටිමන්තක නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් ධෝණ නම් වූ, මානධජ බිම හෙලූ හෙයින් පන්නද්ධජ නම් වූ, වීතරාගී හෙයින් වීතරාග නම් වූ, දමනය වූ හෙයින් දමිත නම් වූ, කෙලෙස් සිතිවිලි රහිත වූ, හෙයින් නිප්පපඤ්ච නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

06. ඉසිසත්තමස්ස අකුහස්ස තේවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස,
නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස,
පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා ඍෂි වූ හෙයින් ඉසිසත්තම නම් වූ, කුහක ගති නැති හෙයින් අකුහ නම් වූ, ත්‍රිවිද්‍යාව ලද හෙයින් තේවිජ්ජ නම් වූ, ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් බ්‍රහ්මපත්ත නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් නහාතක නම් වූ, දහම් පද මැනවින් දෙසනා හෙයින් පදක නම් වූ, සැහැල්ලු සිත කය ඇති හෙයින් පස්සද්ධ නම් වූ, දුටු දහම් ඇති හෙයින් විදිතවේද නම් වූ, හැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් පුරින්දද නම් වූ, සියලු ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

07. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස,
සතිමතෝ විපස්සිස්ස අනභිනතස්ස නෝ අපනතස්ස,
අනේජස්ස වසිප්පත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

ආර්ය ගුණ ඇති හෙයින් අරිය නම් වූ, වඩන ලද සිත් ඇති හෙයින් භාවිතත්ත නම් වූ, උතුම් ගුණයට සපැමිණි හෙයින් පත්තිපත්ත නම් වූ, දහම මැනවින් තෝරා දෙන හෙයින් වෙය්යාකරණ නම් වූ, මනා සිහි නුවණ ඇති හෙයින් සතිමා නම් වූ, නුවණින් ලොව දක්නා හෙයින් විපස්සී නම් වූ, රහත් ගුණයෙන් යුතු හෙයින් අනභිනත නම් වූ, සියලු නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ, තෘෂ්ණා නැති හෙයින් අනේජ නම් වූ, වසඟ කළ සිත් ඇති හෙයින් වසිප්පත්ත නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

08. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස,
අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගප්පත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස, භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

යහපත් මග වැඩි හෙයින් සම්මග්ගත නම් වූ, ධ්‍යාන වඩනා හෙයින් ඣායී නම් වූ, කෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් අනනුගතන්තර නම් වූ, පාරිශුද්ධ හෙයින් ශුද්ධ නම් වූ, කෙලෙස් රහිත හෙයින් අසිත නම් වූ, නැති නො වන ගුණ ඇති හෙයින් අප්පහීණ නම් වූ, හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් පවිවිත්ත නම් වූ, ලොවෙහි මුදුනට පත් වූ හෙයින් අග්ගපත්ත නම් වූ, සසරෙන් එතෙරට වැඩි හෙයින් තිණ්ණ නම් වූ, අනුන් එතෙර කරවන හෙයින් තාරයන්ත නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

09. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලෝභස්ස,
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස,
විසාරදස්ස නිපුණස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

ශාන්ත විහරණ ඇති හෙයින් සන්ත නම් වූ, ගම්භීර ප්‍රඥා ඇති හෙයින් භූරිපඤ්ඤ නම් වූ, මහා ප්‍රඥා ඇති හෙයින් මහාපඤ්ඤ නම් වූ, ලෝභය දුරු වී ඇති හෙයින් වීතලෝභ නම් වූ, සත්‍යයට පත් වූ හෙයින් තථාගත නම් වූ, සොඳුරු ගමනක් වැඩි හෙයින් සුගත නම් වූ, එවැනි වෙන කෙනෙකු නැති හෙයින් අප්පටිපුග්ගල නම් වූ, සමාන කෙනෙක් නැති හෙයින් අසම නම් වූ, විශාරද ඤාණ ඇති හෙයින් විසාරද නම් වූ, සියුම් නුවණැති හෙයින් නිපුණ නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

10. තණ්හච්ඡිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස,
ආහුනෙය්‍යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතෝ යසග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මීති.

තණ්හාව සිඳලූ හෙයින් තණ්හච්ඡිද නම් වූ, අවබෝධයට පත් වූ හෙයින් බුද්ධ නම් වූ, කෙලෙස් දුම් බැහැර කළ හෙයින් වීතධූම නම් වූ, කෙලෙස් හා නො තැවරී සිටිනා හෙයින් අනුපලිත්ත නම් වූ, පුද පූජාවන්ට සුදුසු හෙයින් ආහුණෙය්ය නම් වූ, ශ්‍රේෂ්ඨ උතුමෙකු හෙයින් යක්ඛ නම් වූ, උතුම් පුද්ගලයෙකු හෙයින් උත්තමපුග්ගල නම් වූ, මිනිය නො හැකි ගුණ ඇති හෙයින් අතුල නම් වූ, මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ, මහා යසසට පත් වූ හෙයින් යසග්ගපත්ත නම් වූ, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම්.

කදා සඤ්ඤූළ්හා පන තේ ගහපති ඉමේ සමණස්ස ගෝතමස්ස වණ්ණාති. සෙය්‍යථාපි භන්තේ නානාපුප්ඵානං මහාපුප්ඵරාසි, තමේනං දක්ඛෝ මාලාකාරෝ වා මාලාකාරන්තේවාසී වා විචිත්තං මාලං ගන්ථෙය්‍ය. ඒවමේව ඛෝ භන්තේ සෝ භගවා අනේකවණ්ණෝ අනේකසතවණ්ණෝ කෝ හි භන්තේ වණ්ණාරහස්ස වණ්ණං න කරිස්සතීති.

“එම්බා ගෘහපතිය, නුඹ විසින් ශ්‍රමණ ගෞතමයන් ගේ ගුණ වර්ණනාව එක් රැස් කරගත්තේ කවදා ද?” “ස්වාමීනී, නා නා මල් සමූහයක් තියෙනවා. මල් මහත් රාශියක් තියෙනවා. එතකොට දක්ෂ මල් කාරයෙක් හෝ මල්කරු ගේ අතවැසියෙක් හෝ ඇවිත් ඒ මල් වලින් විචිත්‍ර වූ මාලා දාමයක් ගොතනවා. ස්වාමීනී, අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ අනේක වර්ණනාවෙන් යුක්තයි. නොයෙක් සිය ගණන් වර්ණනාවෙන් යුක්තයි. ස්වාමීනී, වර්ණනා කිරීමට ඒකාන්තයෙන් ම සුදුසු වූ උතුමෙකු ගේ ගුණ වර්ණනාව නො කරන්නේ කවුද?”

අථ ඛෝ නිගණ්ඨස්ස භගවතෝ සක්කාරං අසහමානස්ස තත්ථේව උණ්හං ලෝහිතං මුඛතෝ උග්ගඤ්ඡිති.

එතකොට භාග්‍යවතුන් වහන්සේට ලැබෙන සත්කාරය ඉවසා ලිය නො හැකි නිගණ්ඨ නාතපුත්‍රයා හට එහිදී ම උණු ලේ මුවින් නැගුනා.

සාදු! සාදු!! සාදු!!!

උපාලිසුත්තං ඡට්ඨං.

උපාලි ගෘහපතිතුමා හට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M