මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.3.7. අනුරුද්ධ සුත්තං

3.3.7. අනුරුද්ධ තෙරුන් වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ පඤ්චකංගෝ ථපති අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: ‘ඒහි ත්වං අම්භෝ පුරිස, යේනායස්මා අනුරුද්ධෝ තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ අනුරුද්ධස්ස පාදේ සිරසා වන්දාහි. පඤ්චකංගෝ භන්තේ, ථපති ආයස්මතෝ අනුරුද්ධස්ස පාදේ සිරසා වන්දතී’ති. ඒවඤ්ච වදේහි: අධිවාසේතු කිර භන්තේ, ආයස්මා අනුරුද්ධෝ පඤ්චකංගස්ස ථපතිස්ස ස්වාතනාය අත්තචතුත්ථෝ භත්තං, යේන ච කිර භන්තේ, ආයස්මා අනුරුද්ධෝ පගේවතරං ආගච්ඡෙය්‍ය, පඤ්චකංගෝ භන්තේ, ථපති බහුකිච්චෝ බහුකරණීයෝ රාජකරණීයේනා’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහිය. එදා පඤ්චකංග නම් වඩුදෙටුතුමා එක්තරා පුරුෂයෙකු ඇමතුවා. “එම්බා පුරුෂය, ඔබ එන්න. ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත යන්න. ගිහින් මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ පා සිරසින් වඳින්න. ‘ස්වාමීනී, පඤ්චකංග වඩුදෙටුතුමා ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ පා යුග හිසින් වඳියි’ කියල කියන්න. ඒ වගේම මෙහෙමත් කියන්න. ‘ස්වාමීනී, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ පඤ්චකංග වඩුදෙටුතුමාගේ හෙට දින දානය පිණිස තමන් වහන්සේ සහිතව සතර නමක් වඩින සේක්වා! ස්වාමීනී, පඤ්චකංග වඩුදෙටුතුමා බොහෝ කටයුතු ඇති, බොහෝ රාජකාරි ඇති, කළ යුතු දෑ බොහෝ ඇති කෙනෙක් හෙයින්, ස්වාමීනී, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ එම නිසා ඉතා වේලාසනින් වඩින සේක්වා!’ කියලා.

ඒවං භන්තේති ඛෝ සෝ පුරිසෝ පඤ්චකංගස්ස ථපතිස්ස පටිස්සුත්වා යේනායස්මා අනුරුද්ධෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං අනුරුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ පුරිසෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච: ‘පඤ්චකංගෝ භන්තේ, ථපති ආයස්මතෝ අනුරුද්ධස්ස පාදේ සිරසා වන්දති. ඒවං ච වදේති: ‘අධිවාසේතු කිර භන්තේ, ආයස්මා අනුරුද්ධෝ පඤ්චකංගස්ස ථපතිස්ස ස්වාතනාය අත්තචතුත්ථෝ භත්තං. යේන ච කිර භන්තේ, ආයස්මා අනුරුද්ධෝ පගේවතරං ආගච්ඡෙය්‍ය. පඤ්චකංගෝ භන්තේ, ථපති බහුකිච්චෝ බහුකරණීයෝ රාජකරණීයේනා’ති. අධිවාසේසි ඛෝ ආයස්මා අනුරුද්ධෝ තුණ්හීභාවේන. අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන පඤ්චකංගස්ස ථපතිස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ පඤ්චකංගෝ ථපති ආයස්මන්තං අනුරුද්ධං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ පඤ්චකංගෝ ථපති ආයස්මන්තං අනුරුද්ධං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පඤ්චකංගෝ ථපති ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච:

“එසේ ය, ස්වාමීනී” කියල ඒ පුරුෂයා පඤ්චකංග වඩුදෙටුතුමාට පිළිතුරු දී ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධයන් හට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් අනුරුද්ධයන් හට මෙය පැවසුවා. “ස්වාමීනී, පඤ්චකංග වඩුදෙටුතුමා ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ගේ පා යුග හිසින් වඳියි. ඒ වගේම මෙහෙමත් කියයි. ‘ස්වාමීනී, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ පඤ්චකංග වඩුදෙටුතුමාගේ හෙට දින දානය පිණිස තමන් වහන්සේ සහිතව සතර නමක් වඩින සේක්වා! ස්වාමීනී, පඤ්චකංග වඩුදෙටුතුමා බොහෝ කටයුතු ඇති, බොහෝ රාජකාරි ඇති, කළ යුතු දෑ බොහෝ ඇති කෙනෙක් හෙයින් ස්වාමීනී, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ එම නිසා ඉතා වේලාසනින් වඩින සේක්වා!’ කියලා. එතකොට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගත්තා.

ඉතින් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රයද ගෙන, පඤ්චකංග වඩුදෙටුතුමාගේ නිවස වෙත පැමිණියා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩසිටියා. එතකොට පඤ්චකංග වඩුදෙටුතුමා ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට ප්‍රණීත වූ වළඳන අනුභව කරන දැයින් ඉතා හොඳින් ඇප උපස්ථාන කළා. ඉක්බිති පඤ්චකංග වඩුදෙටු තුමා වළඳා නිමවූ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත පැමිණ, එක්තරා කුඩා ආසනයක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් පඤ්චකංග වඩුදෙටුතුමා ආයුෂ්මත් අනුරුද්ධයන් හට මෙය පැවසුවා.

ඉධ මං භන්තේ ථේරා භික්ඛූ උපසංකමිත්වා ඒවමාහංසු: ‘අප්පමාණං ගහපති, චේතෝවිමුත්තිං භාවේහී’ති. ඒකච්චේ ථේරා ඒවමාහංසු: ‘මහග්ගතං ගහපති, චේතෝවිමුත්තිං භාවේහී’ති. යා චායං භන්තේ, අප්පමාණා චේතෝවිමුත්ති, යා ච මහග්ගතා චේතෝවිමුත්ති, ඉමේ ධම්මා නානත්ථා චේව නානාබ්‍යඤ්ජනා ච? උදාහු ඒකත්ථා බ්‍යඤ්ජනමේව නානන්ති?

“ස්වාමීනී, ස්ථවිර භික්ෂූන් වහන්සේලා මා වෙත වැඩම කොට මෙහෙමයි කිව්වේ. ‘පින්වත් ගෘහපතිය, අප්පමාණ චේතෝ විමුක්තිය වඩන්න’ කියලා. ඇතැම් ස්ථවිරයන් වහන්සේලා මෙහෙම කිව්වා. ‘පින්වත් ගෘහපතිය, මහග්ගත චේතෝ විමුක්තිය වඩන්න’ කියලා. ස්වාමීනී, යම් මේ අප්පමාණ චේතෝ විමුක්තියක් ඇද්ද, යම් මහග්ගත චේතෝවිමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් අර්ථ වශයෙන් වෙනස්ද? ඒ වගේම ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස්ද? එහෙමත් නැත්නම්, ප්‍රකාශ කිරීම් වශයෙන් පමණක් වෙනස් වූ එකම අර්ථයකින් යුක්ත දෙයක්ද?”

තේන හි ගහපති, තඤ්ඤේවෙත්ථ පටිභාතු අපණ්ණකං තේ ඉතෝ භවිස්සතීති.

“එසේ වී නම් පින්වත් ගෘහපතිය, මෙහිලා ඔබටම මෙය වැටහේවා! එතකොට ඔබට මෙයින් මධ්‍යස්ථව තේරුම් ගන්නට පුළුවන් වේවි.”

මය්හං ඛෝ භන්තේ, ඒවං හෝති. යා චායං අප්පමාණා චේතෝවිමුත්ති, යා ච මහග්ගතා චේතෝවිමුත්ති, ඉමේ ධම්මා ඒකත්ථා බ්‍යඤ්ජනමේව නානන්ති.

“ස්වාමීනී, මට නම් මෙහෙමයි සිතෙන්නේ. යම් මේ අප්පමාණ චේතෝ විමුක්තියක් ඇද්ද, යම් මහග්ගත චේතෝවිමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් අර්ථ වශයෙන් එකයි. කියන ක්‍රමයේ විතරයි වෙනස තියෙන්නේ.”

යා චායං ගහපති, අප්පමාණා චේතෝවිමුත්ති, යා ච මහග්ගතා චේතෝවිමුත්ති, ඉමේ ධම්මා නානත්ථා චේව නානාබ්‍යඤ්ජනා ච. තදමිනාපේතං ගහපති, පරියායේන වේදිතබ්බං, යථා ඉමේ ධම්මා නානත්ථා චේව නානාබ්‍යඤ්ජනා ච.

“පින්වත් ගෘහපතිය, යම් මේ අප්පමාණ චේතෝවිමුක්තියක් ඇද්ද, යම් මහග්ගත චේතෝවිමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් අර්ථයන්ගෙනුත් වෙනස් වෙන, කියන ක්‍රමයෙනුත් වෙනස් වෙන විදිහක් තියෙනවා. පින්වත් ගෘහපතිය, යම් මේ අප්පමාණ චේතෝ විමුක්තියක් ඇද්ද, යම් මහග්ගත චේතෝ විමුක්තියක් ඇද්ද, මේ ධර්මයන් අර්ථ වශයෙනුත් වෙනස්, කියන ක්‍රමයෙනුත් වෙනස් බව මේ ආකාරයෙන් දැනගත යුතුයි.

කතමා ච ගහපති, අප්පමාණා චේතෝවිමුත්ති? ඉධ ගහපති භික්ඛු මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්fක්‍ධ්න ඵරිත්වා විහරති. කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං ….(පෙ)…. විහරති. අයං වුච්චති ගහපති අප්පමාණා චේතෝවිමුත්ති.

පින්වත් ගෘහපතිය, අප්පමාණ චේතෝවිමුක්තිය කියන්නේ කුමක්ද? පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, තුන්වෙනි දිශාවටත්, සතරවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරස් අත ආදී සෑම තැනම, සෑම අයුරින්ම පැතිරෙන විදිහට සියලු සතුන් ඇති ලෝකයේ විපුල වූ, මහද්ගත වූත්, අප්‍රමාණ වූ සිතින්, වෛර, තරහ නැතුව මෛත්‍රී සහගත චිත්තය පතුරුවා වාසය කරනවා. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, ….(පෙ)…. වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයට තමයි අප්පමාණ චේතෝවිමුක්තිය කියල කියන්නේ.

කතමා ච ගහපති මහග්ගතා චේතෝවිමුත්ති? ඉධ ගහපති භික්ඛු යාවතා ඒකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති භික්ඛු යාවතා ද්වේ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ද්වේ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ඒකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ද්වේ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති, අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චේතෝවිමුත්ති. ඉමිනා ඛෝ ඒතං ගහපති පරියායේන වේදිතබ්බං යථා ඉමේ ධම්මා නානත්ථා චේව නානාබ්‍යඤ්ජනා ච.

පින්වත් ගෘහපතිය, මහග්ගත චේතෝවිමුක්තිය කියල කියන්නේ කුමක්ද? පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව, එක් රුක් මුලක පැතුරුන ප්‍රදේශය යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මහග්ගත චේතෝවිමුක්තිය කියන්නේ මෙයටයි.

ඒ වගේම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව රුක් සෙවන දෙකක්, තුනක් හෝ පමණ තැන යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මහග්ගත චේතෝවිමුක්තිය කියන්නේ මෙයටයි.

ඒ වගේම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව එක් ගම් කෙතක් පමණ තැන යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයටත් මහග්ගත චේතෝවිමුක්තිය කියා කියනවා.

ඒ වගේම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව ගම් කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයටත් මහග්ගත චේතෝවිමුක්තිය කියා කියනවා.

ඒ වගේ ම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව එක් මහා රාජ්‍යයක් පමණ තැන යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයටත් මහග්ගත චේතෝවිමුක්තිය කියා කියනවා.

ඒ වගේම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව මහා රාජ්‍ය දෙකක්, තුනක් පමණ තැන යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයටත් මහග්ගත චේතෝවිමුක්තිය කියා කියනවා.

ඒ වගේම පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව සාගරය සීමා කොට ගත් පෘථුවිය යම්තාක්ද, ඒ තාක් බිම මහග්ගත යැයි නිශ්චය කොට පතුරුවා ගෙන වාසය කරනවා. පින්වත් ගෘහපතිය, මෙයටත් මහග්ගත චේතෝවිමුක්තිය කියා කියනවා.

පින්වත් ගෘහපතිය, මේ ධර්මයන් ගේ අර්ථ වශයෙන් ඇති වෙනස්කමත්, ප්‍රකාශ කිරීම්වල ඇති වෙනස්කමත් තේරුම් ගත යුත්තේ ඔය ක්‍රමයටයි.

චතස්සෝ ඛෝ ඉමා ගහපති, භවූපපත්තියෝ, කතමා චතස්සෝ? ඉධ ගහපති ඒකච්චෝ පරිත්තාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෝ කායස්ස භේදා පරම්මරණා පරිත්තාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති. ඉධ පන ගහපති, ඒකච්චෝ අප්පමාණාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෝ කායස්ස භේදා පරම්මරණා අප්පමාණාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති. ඉධ පන ගහපති, ඒකච්චෝ සංකිලිට්ඨාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෝ කායස්ස භේදා පරම්මරණා සංකිලිට්ඨාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති. ඉධ පන ගහපති, ඒකච්චෝ පරිසුද්ධාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෝ කායස්ස භේදා පරම්මරණා පරිසුද්ධාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති. ඉමා ඛෝ ගහපති, චතස්සෝ භවූපපත්තියෝ.

පින්වත් ගෘහපතිය, භව උත්පත්ති සතරක් තියෙනවා. කවර සතරක්ද යත්; පින්වත් ගෘහපතිය, මෙහිලා ඇතැම් කෙනෙක් ස්වල්ප වූ ආලෝකයක් පතුරා, නිශ්චය කොට වාසය කරනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු පරිත්තාභ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා. මෙහිලා ඇතැම් කෙනෙක් අප්‍රමාණ වූ ආලෝකයක් පතුරා, නිශ්චය කොට වාසය කරනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු අප්පමාණාභ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා. මෙහිලා ඇතැම් කෙනෙක් කිලිටි වූ ආලෝකයක් පතුරා, නිශ්චය කොට වාසය කරනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා. මෙහිලා ඇතැම් කෙනෙක් පිරිසිදු වූ ආලෝකයක් පතුරා, නිශ්චය කොට වාසය කරනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු පරිසුද්ධාභ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා. පින්වත් ගෘහපතිය, මේ තමයි භව උත්පත්ති සතර.

හෝති ඛෝ සෝ ගහපති, සමයෝ, යා තා දේවතා ඒකජ්ඣං සන්නිපතන්ති තාසං ඒකජ්ඣං සන්නිපතිතානං වණ්ණනානත්තං හි ඛෝ පඤ්ඤායති. නෝ ච ආභානානත්තං. සෙය්‍යථාපි ගහපති, පුරිසෝ සම්බහුලානි තේලප්පදීපානි ඒකං ඝරං පවේසෙය්‍ය, තේසං ඒකං ඝරං පවේසිතානං අච්චිනානත්තං හි ඛෝ පඤ්ඤායේථ නෝ ච ආභානානත්තං. ඒවමේව ඛෝ ගහපති, හෝති ඛෝ සෝ සමයෝ, යා තා දේවතා ඒකජ්ඣං සන්නිපතන්ති, තාසං ඒකජ්ඣං සන්නිපතිතානං වණ්ණනානත්තං හි ඛෝ පඤ්ඤායති. නෝ ච ආභානානත්තං. හෝති ඛෝ සෝ ගහපති සමයෝ, යා තා දේවතා තතෝ විපක්කමන්ති, තාසං තතෝ විපක්කමන්තීනං වණ්ණනානත්තං චේව පඤ්ඤායති, ආභානානත්තඤ්ච. සෙය්‍යථාපි ගහපති, පුරිසෝ තානි සම්බහුලානි තේලප්පදීපානි තම්හා ඝරා නීහරෙය්‍ය තේසං තතෝ නීහරන්තානං අච්චිනානත්තං චේව පඤ්ඤායේථ ආභානානත්තඤ්ච. ඒවමේව ඛෝ ගහපති, හෝති ඛෝ සෝ සමයෝ, යා තා දේවතා තතෝ විපක්කමන්ති. තාසං තතෝ විපක්කමන්තීනං වණ්ණනානත්තං චේව පඤ්ඤායති ආභානානත්තඤ්ච. න ඛෝ ගහපති, තාසං දේවතානං ඒවං හෝති: ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා. අපි ච යත්ථ යත්ථේව තා දේවතා අධිවසන්ති තත්ථ තත්ථේව තා දේවතා අභිරමන්ති. සෙය්‍යථාපි ගහපති, මක්ඛිකානං කාජේන වා පිටකේන වා හරීයමානානං න ඒවං හෝති: ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා, අපි ච යත්ථ යත්ථේව තා මක්ඛිකා අභිනිවිසන්ති, තත්ථ තත්ථේව තා මක්ඛිකා අභිරමන්ති. ඒවමේව ඛෝ ගහපති තාසං දේවතානං න ඒවං හෝති: ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා, අපි ච යත්ථ යත්ථේව තා දේවතා අධිවසන්ති, තත්ථ තත්ථේව තා දේවතා අභිරමන්තීති.

පින්වත් ගෘහපතිය, ඒ දෙවිවරු එක්රැස්වෙන යම් කලක් ඇද්ද, එබඳු කාලයක් තියෙනවා. එතකොට ඒ රැස් වූ දෙවිවරුන් ගේ පැහැයේ වෙනස්කම පේනවා. හැබැයි ආලෝකයේ වෙනස්කම පේන්නේ නෑ. පින්වත් ගෘහපතිය, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් බොහෝ තෙල් පහන් එක ගෙයක් ඇතුළට ගෙනියනවා. ඒ තනි ගෙය ඇතුළට ගෙනිච්ච තෙල් පහන්වල ඇති ගිනිසිළුවල වෙනස්කම පේනවා. නමුත් ආලෝකයේ වෙනස්කමක් පේන්නෙ නෑ. අන්න ඒ විදිහටම පින්වත් ගෘහපතිය, යම් කලෙක දෙවියෝ ඒකරාශී වෙනවාද, එබඳු කාලයක් තියෙනවා. එතකොට ඒ එක්රැස් වූ දෙවියන්ගේ පැහැයේ වෙනස්කම නම් පේනවා. හැබැයි ආලෝකයේ වෙනස්කම පේන්නේ නෑ.

පින්වත් ගෘහපතිය, යම්කලක ඒ දෙවිවරුන් එතනින් නික්ම යෑමක් ඇද්ද, එබඳු කාලයක් තියෙනවා. එතකොට ඒ රැස්වීමෙන් නික්ම යන දෙවියන් ගේ පැහැයේ වෙනස්කම ත් පේනවා. ආලෝකයේ වෙනස්කමත් පේනවා. පින්වත් ගෘහපතිය, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ඒ බොහෝ තෙල් පහන් අර ගෙදරින් බැහැරට ගෙන යනවාද, එසේ බැහැරට ගෙනියන්නා වූ ඒ තෙල් පහන්වල ගිනිසිළුවල වෙනස්කමත් පේනවා. ආලෝකයේ වෙනස්කමත් පේනවා. ඒ වගේ තමයි පින්වත් ගෘහපතිය, යම්කලක ඒ දෙවිවරුන් එතනින් නික්ම යෑමක් ඇද්ද, එබඳු කාලයක් තියෙනවා. එතකොට ඒ රැස්වීමෙන් නික්ම යන දෙවියන්ගේ පැහැයේ වෙනස්කමත් පේනවා. ආලෝකයේ වෙනස්කමත් පේනවා.

පින්වත් ගෘහපතිය, ඒ දෙවිවරුන්ට මෙහෙම හිතෙන්නේ නෑ. ‘අපට තිබෙන මේ තැන් නිත්‍යයයි කියල හෝ ස්ථිරයි කියල හෝ ශාස්වතයි’ කියල හෝ හිතන්නේ නෑ. නමුත් යම් යම් තැනක ඒ දෙවිවරු අධිගෘහිතව ඉන්නවාද, ඒ ඒ තැන ඔවුන් සතුටින් ඉන්නවා. ගෘහපතිය ඒක මේ වගේ දෙයක්. කදක හෝ බඳුනක හෝ යමක් දමාගෙන රැගෙන යද්දී ඒ සමඟම මැස්සොත් යනවා. ඒ මැස්සන්ට අපගේ මේ ස්ථානය නිත්‍යයයි, ස්ථිරයි, ශාස්වතයි කියල හිතෙන්නේ නෑ. නමුත් යම් යම් තැනක මේ මැස්සන් වහලා ඉන්නවාද, ඒ ඉන්න තැනම යි ඔවුන් සතුටින් ඉන්නේ. පින්වත් ගෘහපතිය, දෙවිවරුත් ඒ විදිහම තමයි. ඒ ඒ ඉන්න තැන් ගැන අපගේ මේ තැන් නිත්‍යයයි, ස්ථිරයි, ශාස්වතයි කියල හිතන්නේ නෑ. නමුත් යම් යම් තැනක දෙවිවරු අධිගෘහිතව ඉන්නවාද, ඒ ඒ තැන ඔවුන් සතුටින් ඉන්නවා.”

ඒවං වුත්තේ ආයස්මා සභියෝ කච්චානෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච: සාධු භන්තේ අනුරුද්ධ, අත්ථි ච මේ එත්ථ උත්තරිං පටිපුච්ඡිතබ්බං. යා තා භන්තේ දේවතා ආභා, සබ්බා තා පරිත්තාභා? උදාහු සන්තෙත්ථ ඒකච්චා දේවතා අප්පමාණාභාති?

මෙසේ පැවසූ විට ආයුෂ්මත් සභිය කච්චානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, ඉතා මැනැවි. නමුත් මේ පිළිබඳව තවදුරටත් ඇසිය යුතු එක්තරා කාරණයක් තියෙනවා. ස්වාමීනී, යම් ඒ ආලෝකයට සම්බන්ධ දෙවිවරු ඇද්ද, ඒ සියලු දෙවිවරු පරිත්තාභ දෙවිවරුද? එහෙම නැත්නම් අප්පමාණාභ වූ යම්කිසි දෙවිවරුත් ඉන්නවාද?”

තදංගේන ඛෝ ආවුසෝ කච්චාන, සන්ති පන එත්ථ ඒකච්චා දේවතා පරිත්තාභා, සන්ති පනෙත්ථේකච්චා දේවතා අප්පමාණාභාති.

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, අර භව උත්පත්ති පිළිබඳව පැවසූ කාරණයට අනුව මෙහි ඇතැම් දෙවිවරු පරිත්තාභයි. ඒ වගේ ම අප්පමාණාභ වූ ඇතැම් දෙවිවරුත් ඉන්නවා.”

කෝ නු ඛෝ භන්තේ අනුරුද්ධ, හේතු, කෝ පච්චයෝ, යේන තාසං දේවතානං ඒකං දේවනිකායං උපපන්නානං සන්තෙත්ථේකච්චා දේවතා පරිත්තාභා? සන්ති පනෙත්ථේකච්චා දේවතා අප්පමාණාභාති?

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, එකම දේව නිකායක ඉපදිලා ඉන්න ඒ දෙවිවරුන් අතුරින් ඇතැම් දෙවිවරුන් පරිත්තාභ හෙවත් ස්වල්ප ආලෝක ඇති දෙවිවරු වෙන්නටත්, ඇතැම් දෙවිවරු අප්පමාණාභ හෙවත් අප්‍රමාණ අලෝකයෙන් යුතු දෙවිවරු වෙන්නටත් හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”

තේන හාවුසෝ කච්චාන, තංයේවෙත්ථ පටිපුච්ඡිස්සාමි යථා තේ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ඒකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, ඒ කාරණය මං ඔබෙන්ම අසන්නම්. ඔබ කැමති ආකාරයකට පිළිතුරු දෙන්න. ප්‍රිය ආයුෂ්මත් කච්චාන, යම් භික්ෂුවක් එක් රුක් සෙවනක පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, ඒ වගේම යම් භික්ෂුවක් රුක් සෙවන දෙක තුනක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ භික්ඛු යාවතා ද්වේ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් රුක් සෙවන දෙක තුනක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් භික්ෂුවක් රුක් සෙවන දෙක තුනක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, යම් භික්ෂුවක් එක් ගම් කෙතක පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ භික්ඛු යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් එක් ගම් කෙතක පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් භික්ෂුවක් එක් ගම් කෙතක පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, යම් භික්ෂුවක් ගම් කෙත් දෙක තුනක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ භික්ඛු යාවතා ද්වේ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් ගම් කෙත් දෙක තුනක පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා ඒකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් භික්ෂුවක් ගම් කෙත් දෙක තුනක පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, යම් භික්ෂුවක් එක් මහා රාජ්‍යයක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ, භික්ඛු යාවතා ඒකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් එක් මහා රාජ්‍යයක් පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ඒකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් භික්ෂුවක් එක් මහා රාජ්‍යයක් පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, යම් භික්ෂුවක් මහා රාජ්‍යය දෙක තුනක් පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ භික්ඛු යාවතා ද්වේ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් මහා රාජ්‍යය දෙක තුනක් පමණ තැන මහද්ගතයැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

තං කිම්මඤ්ඤසි ආවුසෝ කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වේ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෝ චායං භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් භික්ෂුවක් මහා රාජ්‍යය දෙක තුනක් පමණ තැන මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, යම් භික්ෂුවක් සාගරය සීමා කොට ඇති මහ පොළොව පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ කවර චිත්ත භාවනාවක්ද?”

ය්වායං භන්තේ, භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.

“ස්වාමීනී, යම් භික්ෂුවක් සාගරය සීමා කොට ඇති මහ පොළොව පමණ භූමිය මහද්ගත යැයි අරමුණු කොට මෙත් සිත පතුරුවා වාසය කරයිද, මේ චිත්ත භාවනාව තමයි ඔය භාවනා දෙකෙන් වඩාත් මහද්ගත වන්නේ.”

අයං ඛෝ ආවුසෝ කච්චාන, හේතු අයං පච්චයෝ, යේන තාසං දේවතානං ඒකං දේවනිකායං උපපන්නානං සන්තෙත්ථේකච්චා දේවතා පරිත්තාභා, සන්ති පනෙත්ථේකච්චා දේවතා අප්පමාණාභාති.

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, එකම දිව්‍ය නිකායක උපන් ඔය දෙවිවරුන් අතරෙහි ඇතැම් දෙවි කෙනෙක් පරිත්තාභ වෙන්නටත්, ඇතැම් දෙවි කෙනෙක් අප්පමාණාභ වෙන්නටත් හේතුව මෙයයි. කාරණය මෙයයි.”

සාධු භන්තේ අනුරුද්ධ, අත්ථි ච මේ එත්ථ උත්තරිං පටිපුච්ඡිතබ්බං. යාවතා භන්තේ, දේවතා ආභා, සබ්බා තා සංකිලිට්ඨාභා? උදාහු සන්තෙත්ථේකච්චා දේවතා පරිසුද්ධාභාති?

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, ඉතා මැනැවි. ඒ වගේම ඔය කාරණය පිළිබඳව තවදුරටත් ඇසිය යුතු දෙයක් නම් තියෙනවා. ස්වාමීනී, ඔය ආලෝක දෙවිවරුන් යම් පමණ ඇද්ද, ඒ සියලු දෙවිවරුන් කිලිටි සහිත එළිය තියෙන අයද, එහෙම නැත්නම් පිරිසිදු එළිය තියෙන දෙවිවරුත් ඉන්නවාද?”

තදංගේන ඛෝ ආවුසෝ කච්චාන, සන්තෙත්ථේකච්චා දේවතා සංකිලිට්ඨාභා සන්ති පනෙත්ථේකච්චා දේවතා පරිසුද්ධාභාති.

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, අර භව උත්පත්ති පිළිබඳව පැවසූ කාරණයට අනුව මෙහි ඇතැම් දෙවිවරු සංකිලිට්ඨාභයි. ඒ වගේම පරිසුද්ධාභ වූ ඇතැම් දෙවිවරුත් ඉන්නවා.”

කෝ නු ඛෝ භන්තේ අනුරුද්ධ, හේතු කෝ පච්චයෝ, යේන තාසං දේවතානං ඒකං දේවනිකායං උපපන්නානං සන්තෙත්ථේකච්චා දේවතා සංකිලිට්ඨාභා සන්ති පනෙත්ථේකච්චා දේවතා පරිසුද්ධාභාති.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, එක ම දේව නිකායක ඉපදිලා ඉන්න ඒ දෙවිවරුන් අතුරින් ඇතැම් දෙවිවරුන් සංකිලිට්ඨාභ දෙවිවරු වෙන්නටත්, ඇතැම් දෙවිවරු පරිසුද්ධාභ දෙවිවරු වෙන්නටත් හේතුව කුමක් ද? කාරණය කුමක්ද?”

තේන හාවුසෝ කච්චාන, උපමං තේ කරිස්සාමි. උපමායපිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්‍යථාපි ආවුසෝ කච්චාන, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි අපරිසුද්ධං, වට්ටිපි අපරිසුද්ධා, සෝ තේලස්සපි අපරිසුද්ධත්තා වට්ටියාපි අපරිසුද්ධත්තා අන්ධන්ධං විය ඣායති. ඒවමේව ඛෝ ආවුසෝ කච්චාන, ඉධේකච්චෝ භික්ඛු සංකිලිට්ඨාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි න සුප්පටිප්පස්සද්ධං හෝති. ථීනමිද්ධම්පි න සුසමූහතං හෝති. උද්ධච්චකුක්කුච්චම්පි න සුප්පටිවිනීතං හෝති. සෝ කායදුට්ඨුල්ලස්සපි න සුප්පටිප්පස්සද්ධත්තා ථීනමිද්ධස්සපි න සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි න සුප්පටිවිනීතත්තා අන්ධන්ධං විය ඣායති. සෝ කායස්ස භේදා පරම්මරණා සංකිලිට්ඨාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති. සෙය්‍යථාපි ආවුසෝ කච්චාන, තේලප්පදීපස්ස ඣායතෝ තේලම්පි පරිසුද්ධං, වට්ටිපි පරිසුද්ධා, සෝ තේලස්සපි පරිසුද්ධත්තා වට්ටියාපි පරිසුද්ධත්තා න අන්ධන්ධං විය ඣායති. ඒවමේව ඛෝ ආවුසෝ කච්චාන, ඉධේකච්චෝ භික්ඛු පරිසුද්ධාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි සුප්පටිප්පස්සද්ධං හෝති. ථීනමිද්ධම්පි සුසමූහතං හෝති. උද්ධච්චකුක්කුච්චම්පි සුප්පටිවිනීතං හෝති. සෝ කායදුට්ඨුල්ලස්සපි සුප්පටිප්පස්සද්ධත්තා ථීනමිද්ධස්සපි සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි සුප්පටිවිනීතත්තා න අන්ධන්ධං විය ඣායති. සෝ කායස්ස භේදා පරම්මරණා පරිසුද්ධාභානං දේවානං සහව්‍යතං උපපජ්ජති.

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, ඔබට උපමාවක් කියා දෙන්නම්. උපමාවෙනුත් මෙහිලා ඇතැම් බුද්ධිමත් පුරුෂයින් කියන කාරණාවේ අර්ථය අවබෝධ කරනවා නෙව. ප්‍රිය ආයුෂ්මත් කච්චාන, ඒක මේ වගේ දෙයක්. දැල්වෙමින් තිබෙන තෙල් පහනක තෙලුත් අපිරිසිදු නම්, වැටිත් අපිරිසිදු නම්, ඒ තෙලුත් අපිරිසිදු නිසා, වැටිත් අපිරිසිදු නිසා අඳුරු වූ ගතියකින් තමයි දිලෙන්නේ. ප්‍රිය ආයුෂ්මත් කච්චාන ඔය විදිහම තමයි මෙහිලා ඇතැම් භික්ෂුවක් සංකිලිට්ඨාභ වශයෙන් අරමුණු කරගෙන, බැසගෙන මෙත් පතුරුවා වාසය කරනවා. ඔහුගේ කායික වශයෙන් ඇති පීඩා සංසිඳිලත් නෑ. ථීනමිද්ධය සම්පූර්ණයෙන්ම නැතිවෙලත් නෑ. සිතේ විසිරීමත්, කුකුසත් සම්පූර්ණයෙන්ම බැහැර වෙලත් නෑ. ඉතින් ඔහු කායික පීඩා සංසිඳී නැති නිසාත්, ථීනමිද්ධය නැති වී නැති නිසාත්, විසිරීමයි කුකුසයි දුරු නොවූ නිසාත්, තරමක අඳුරු ගතියකින් තමයි දිලෙන්නේ. ඔහු කය බිඳී මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් අතර ගිහින් උපදිනවා.

ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මේ වගේ දේකුත් තියෙනවා. දැල්වෙමින් තිබෙන පහනක තෙලුත් පිරිසිදු නම්, වැටිත් පිරිසිදු නම්, ඒ තෙලුත් පිරිසිදු නිසා, වැටිත් පිරිසිදු නිසා, අඳුරු ගතියක් නැතුවයි දිලෙන්නේ. ප්‍රිය ආයුෂ්මත් කච්චාන, අන්න ඒ වගේ තමයි මෙහිලා ඇතැම් භික්ෂුවක් පරිසුද්ධාභ වශයෙන් අරමුණු කරගෙන, බැසගෙන මෙත් පතුරුවා වාසය කරනවා. ඔහුගේ කායික වශයෙන් ඇති පීඩා සංසිඳිලා තියෙන්නේ. ථීනමිද්ධය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ. සිතේ විසිරීමත්, කුකුසත් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා තියෙන්නේ. ඉතින් ඔහු කායික පීඩා සංසිඳිලා තියෙන නිසාත්, ථීනමිද්ධය නැති නිසාත්, විසිරීමයි කුකුසයි දුරු වී ඇති නිසාත්, අඳුරු ගතියකින් තොරවයි දිලෙන්නේ. ඔහු කය බිඳී මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් අතර ගිහින් උපදිනවා.

අයං ඛෝ ආවුසෝ කච්චාන, හේතු අයං පච්චයෝ, යේන තාසං දේවතානං ඒකං දේවනිකායං උපපන්නානං සන්තෙත්ථේකච්චා දේවතා සංකිලිට්ඨාභා, සන්ති පනෙත්ථේකච්චා දේවතා පරිසුද්ධාභාති.

ප්‍රිය ආයුෂ්මත් කච්චාන, එකම දිව්‍ය නිකායක උපන් ඔය දෙවිවරුන් අතරෙහි ඇතැම් දෙවි කෙනෙක් සංකිලිට්ඨාභ වෙන්නටත්, ඇතැම් දෙවි කෙනෙක් පරිසුද්ධාභ වෙන්නටත් හේතුව මෙයයි. කාරණය මෙයයි.”

ඒවං වුත්තේ ආයස්මා සභියෝ කච්චානෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච: ‘සාධු භන්තේ අනුරුද්ධ, න භන්තේ, ආයස්මා අනුරුද්ධෝ ඒවමාහ: ඒවං මේ සුතන්ති වා, ඒවං අරහති භවිතුන්ති වා.

මෙසේ වදාළ විට ආයුෂ්මත් සභිය කච්චානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය කිව්වා. “ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මැනැවි. ස්වාමීනී, අනුරුද්ධයන් වහන්සේ මෙහෙම කියන්නේ නැහැ නෙව. ‘මේ විදිහටයි මං මෙය ඇසුවේ’ කියල හෝ ‘මෙහෙමත් වෙන්නට පුළුවනි’ ආදී වශයෙන් කියන්නෙ නැහැ නෙව.

අථ ච පන භන්තේ, ආයස්මා අනුරුද්ධෝ ‘ඒවම්පි තා දේවතා ඉතිපි තා දේවතාත්වේව භාසති. තස්ස මය්හං භන්තේ, ඒවං හෝති: අද්ධායස්මතා අනුරුද්ධේන තාහි දේවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.

ස්වාමීනී, අනුරුද්ධයන් වහන්සේ, ඒ දෙවිවරු මේ විදිහටත් ඉන්නවා. ඒ දෙවිවරු මේ විදිහටත් බබලනවාය කියලයි කියන්නේ. ඉතින් ස්වාමීනී, මට මෙහෙම සිතෙනවා. ඒකාන්තයෙන්ම ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඔය දෙවිවරුන් සමඟ එකට වාසය කරලා තියෙන්න ඕන. කතා බහ කරලා තියෙන්නට ඕන. සාකච්ඡා කරලා තියෙන්නට ඕන කියලා.”

අද්ධා ඛෝ තේ අයං ආවුසෝ කච්චාන, ආසජ්ජ උපනීය වාචා භාසිතා. අපි ච තේ අහං ව්‍යාකරිස්සාමි. දීඝරත්තං ඛෝ මේ ආවුසෝ කච්චාන, තාහි දේවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.

“ප්‍රිය ආයුෂ්මත් කච්චාන, ඒකාන්තයෙන්ම ඔබ කාරණය ඉස්මතු කරලම යි වචනය කතා කළේ. මං දැන් එහෙනම් ඔබට කියන්නම්. ප්‍රිය ආයුෂ්මත් කච්චාන, මං බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔය දෙවිවරුන් සමඟ වාසය කරලා තියෙනවා. කතා බහ කරලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා.”

ඒවං වුත්තේ ආයස්මා සභියෝ කච්චානෝ පඤ්චකංගං ථපතිං ඒතදවෝච: ‘ලාභා තේ ගහපති. සුලද්ධං තේ ගහපති. යං ත්වං චේව තං සංඛාධම්මං පහාසි. මයඤ්චි’මං ධම්මපරියායං අලත්ථම්හා සවණායා’ති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් සභිය කච්චානයන් වහන්සේ පඤ්චකංග වඩුදෙටුතුමාට මෙසේ කීවා. “පින්වත් ගෘහපතිය, ඔබට ලාභයක්ම යි. පින්වත් ගෘහපතිය, ඔබට යහපත් ලාභයක්ම යි. යම් හෙයකින් ඔබත් ඒ සැක සහිත දෙය අත්හැරියාද, ඒ වගේම අපිත් මේ ධර්ම ක්‍රමය අසන්නට අවස්ථාවක් ලබාගත්තා නෙව.”

සාදු! සාදු!! සාදු!!!

අනුරුද්ධ සුත්තං සත්තමං.

අනුරුද්ධ තෙරුන් වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M