මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.4.11. සච්ච විභංග සුත්තං

3.4.11. ආර්ය සත්‍යය බෙදා දැක්වීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භිකඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ බරණැස ඉසිපතන මිගදායෙහිය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂුසංඝයා අමතා වදාළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වතුන් වහන්සැ” යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමේසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරෝධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. යදිදං ඉමේසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.

“පින්වත් මහණෙනි, අරහත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසිනුයි, බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය පවත්වන ලද්දේ. ලෝකයේ වෙන ශ්‍රමණයෙකුට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා දෙවියෙකුට වේවා මාරයෙකුට වේවා බ්‍රහ්මයෙකුට වේවා ලෝකයේ වෙන කිසිවෙකුට හෝ එය ආපස්සට හරවන්නට බැහැ.

එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වාදීමයි.

ඒ කවර චතුරාර්ය සත්‍යයන් පිළිබඳවද?

දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳවයි ප්‍රකාශ කළේ, දේශනා කළේ, පැණෙව්වේ, පිහිටුවා තැබුවේ, විස්තර කළේ, විග්‍රහ කොට පෙන්වූවේ, උඩට ඉස්මතු කොට පෙන්වා දුන්නේ.

දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳවයි ප්‍රකාශ කළේ. දේශනා කළේ, පැණෙව්වේ, පිහිටුවා තැබුවේ, විස්තර කළේ, විග්‍රහ කොට පෙන්වූවේ, උඩට ඉස්මතු කොට පෙන්වා දුන්නේ.

දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳවයි ප්‍රකාශ කළේ, දේශනා කළේ, පැණෙව්වේ, පිහිටුවා තැබුවේ, විස්තර කළේ, විග්‍රහ කොට පෙන්වූවේ, උඩට ඉස්මතු කොට පෙන්වා දුන්නේ.

දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය පිළිබඳවයි ප්‍රකාශ කළේ, දේශනා කළේ, පැණෙව්වේ, පිහිටුවා තැබුවේ, විස්තර කළේ, විග්‍රහ කොට පෙන්වූවේ, උඩට ඉස්මතු කොට පෙන්වා දුන්නේ.

පින්වත් මහණෙනි, අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසිනුයි බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය පවත්වන ලද්දේ. ලෝකයේ වෙන ශ්‍රමණයෙකුට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා දෙවියෙකුට වේවා මාරයෙකුට වේවා බ්‍රහ්මයෙකුට වේවා ලෝකයේ වෙන කිසිවෙකුට හෝ එය ආපස්සට හරවන්නට බැහැ.

එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

සේවේථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ. භජථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්‍රහ්මචාරීනං. සෙය්‍යථාපි භික්ඛවේ, ජනෙත්ති ඒවං සාරිපුත්තෝ. සෙය්‍යථාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපත්තිඵලේ විනේති. මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති. සාරිපුත්තෝ භික්ඛවේ, පහෝති චත්තාරි අරියසච්චානි විත්ථාරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුන්ති.

පින්වත් මහණෙනි, සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඇසුරු කරන්න. සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන්න. මේ දෙනම මහා නුවණින් යුක්තයි. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ දක්වනවා.

පින්වත් මහණෙනි, දරුවන් වදන්නා වූ මෑණියන් යම්සේද, සාරිපුත්තයන්ද අන්න ඒ වගේම යි. උපන්නා වූ දරුවාව පෝෂණය කරන තැනැත්තිය යම්සේද, මොග්ගල්ලානයන් අන්න ඒ වගේම යි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් සෝවාන් ඵලය අවබෝධ කරගන්නට ශ්‍රාවකයන්ව හික්මවනවා. මොග්ගල්ලානයන් ඉහළ මාර්ගඵලයන් අවබෝධ කරගැනීම පිණිස ශ්‍රාවකයන්ව හික්මවනවා.

පින්වත් මහණෙනි, සාරිපුත්තයන් චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳව විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට, පණවන්නට, පිහිටුවාලන්නට, විස්තර කරන්නට, විග්‍රහ කොට දක්වන්නට, උඩට ඉස්මතු කොට පෙන්වන්නට අතිශයින්ම දක්ෂයි.”

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ ආසනයෙන් නැගිට ගන්ධකුටියට වැඩම කළා.

තත්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්කන්තස්ස භගවතෝ භික්ඛූ ආමන්තේසි ආවුසෝ භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච.

එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩමකර නොබෝ වේලාවකින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි”යි කියා භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලා ද “ප්‍රිය ආයුෂ්මතුන් වහන්සැ”යි කියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.

තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමේසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරෝධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධම්මචක්කය පවත්වා වදාළා. ලෝකයේ වෙන ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, ලෝකයේ වෙන කිසිම කෙනෙකුටවත් එය ආපස්සට හරවන්නට බැහැ.

ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

ඒ කවර චතුරාර්ය සත්‍යයන් පිළිබඳවද?

දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැණවීමයි, පිහිටුවා තැබීමයි, විස්තර කිරීමයි, විග්‍රහ කොට පෙන්වීමයි, උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

කතමඤ්චාවුසෝ දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද?

ඉපදීමත් දුකයි. ජරාවට පත්වීමත් දුකයි. මරණයත් දුකයි. සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදියත් දුකයි. කැමති වන්නා වූ යමක් නොලැබේ නම් ඒකත් දුකයි. දුක ගැන හකුළුවා කියනවා නම් පංච උපාදානස්කන්ධයම යි දුක.

කතමාචාවුසෝ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ. අයං වුච්චතාවුසෝ ජාති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම යනු කුමක්ද?

ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් උපතක් තියෙනවාද, යම් හටගැනීමක් තියෙනවාද, මව් කුසක බැසගැනීමක් තියෙනවාද, විශේෂ ඉපදීමක් තියෙනවාද, උපාදානස්කන්ධයනගේ පහළ වීමක් තියෙනවාද, ඇස්, කන් ආදී ආයතනයන්ගේ ලැබීමක් තියෙනවාද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම කියලා කියන්නේ ඕකටයි.

කතමාචාවුසෝ ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ. අයං වුච්චතාවුසෝ ජරා.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ජරාවට පත්වීම යනු කුමක්ද?

ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් දිරීමක් තියෙනවාද, දිරා යන ස්වභාවයක් තියෙනවාද, දත් ආදියෙහි කැඩීමක් තියෙනවාද, කෙස් ආදියෙහි පැසීමක් තියෙනවාද, සමෙහි රැළි වැටීමක් තියෙනවාද, ආයුෂයාගේ ගෙවීමක් තියෙනවාද, ඇස්, කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් තියෙනවාද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි ජරාවට පත්වෙනවාය කියලා කියන්නේ.

කතමඤ්චාවුසෝ මරණං? යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ. ඉදං වුච්චතාවුසෝ මරණං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණය යනු කුමක්ද?

ඒ ඒ සත්වයන් ගේ, ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක් ඇද්ද, චුත වන ස්වභාවයක් ඇද්ද, බිඳී යෑමක් ඇද්ද, අතුරුදහන් වීමක් ඇද්ද, මරණයට පත්වීමක් ඇද්ද, කළුරිය කිරීමක් ඇද්ද, උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද, ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි මරණයට පත්වෙනවා කියල කියන්නේ.

කතමෝචාවුසෝ සෝකෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ. අයං වුච්චතාවුසෝ සෝකෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ශෝකය යනු කුමක් ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, යම් කිසි ශෝක කිරීමක් ඇද්ද, ශෝකයෙන් තැවීමක් ඇද්ද, ශෝකීව සිටින ස්වභාවයක් ඇද්ද, සිත දවාලන ශෝකයක් ඇද්ද, හිත හාත්පස දවාලන ශෝකයක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි ශෝකය කියලා කියන්නේ.

කතමෝචාවුසෝ පරිදේවෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං. අයං වුච්චතාවුසෝ පරිදේවෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හඬා වැළපීම යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, යම් හඬා වැළපීමක් ඇද්ද, නම් ගොත් කියමින් හඬාවැළපීමක් ඇද්ද, හඬා වැළපෙන ස්වභාවයක් ඇද්ද, නම් ගොත් කියමින් හඬා වැළපෙන ස්වභාවයක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි හඬා වැළපීම කියලා කියන්නේ.

කතමඤ්චාවුසෝ දුක්ඛං? යං ඛෝ ආවුසෝ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං. ඉදං වුච්චතාවුසෝ දුක්ඛං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කායික දුක යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කායිකව කිසිසේත්ම ඉවසන්නට බැරි විදිහේ දුක් හටගන්නවා. කායිකව අමිහිරි වූ වේදනා හටගන්නවා. කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ ඒ දුක් හා අමිහිරි වේදනා ඇද්ද, විඳවන ස්වභාවයක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයටයි කායික දුක කියල කියන්නේ.

කතමඤ්චාවුසෝ දෝමනස්සං? යං ඛෝ ආවුසෝ, චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝසම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං. ඉදං වුච්චතාවුසෝ දෝමනස්සං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මානසික දුක යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මානසිකව කිසිසේත්ම ඉවසන්නට බැරි විදිහේ දුක් හටගන්නවා. මානසිකව අමිහිරි වූ වේදනා හටගන්නවා. මනසෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ ඒ දුක් හා අමිහිරි වේදනා ඇද්ද, විඳවන ස්වභාවයක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයටයි මානසික දුක කියල කියන්නේ.

කතමෝචාවුසෝ උපායාසෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං. අයං වුච්චතාවුසෝ උපායාසෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙළීම යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත්වලදී, ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙකු තුළ, ඒ විපත් නිසා ඉවසිය නොහැකි දුකකින් වේදනා විඳින කෙනෙකු තුළ, ඇතිවන්නා වූ යම් වෙහෙසක් ඇද්ද, ඒ ගැන සිත සිතා යම් සුසුම් හෙළීමක් ඇද්ද, මහත් වෙහෙසට පත්වීමක් ඇද්ද, ඒ ගැන සිත සිතා සුසුම් හෙළන ස්වභාවයක් ඇද්ද, මෙයට තමයි දුක් පීඩා ගැන සිත සිතා සුසුම් හෙළනවා කියන්නේ.

කතමඤ්චාවුසෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං? ජාතිධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වත මයං න ජාතිධම්මා අස්සාම. න ච වත නෝ ජාති ආගච්ඡෙය්‍යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ජරාධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වත මයං න ජරාධම්මා අස්සාම. න ච වත නෝ ජරා ආගච්ඡෙය්‍යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ව්‍යාධිධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වත මයං න ව්‍යාධිධම්මා අස්සාම. න ච වත නෝ ව්‍යාධි ආගච්ඡෙය්‍යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. මරණධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වත මයං න මරණධම්මා අස්සාම. න ච වත නෝ මරණං ආගච්ඡෙය්‍යාති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වත මයං න සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසධම්මා අස්සාම. න ච වත නෝ සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා ආගච්ඡෙය්‍යුන්ති. න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කැමති වන්නා වූ යමක් නොලැබීමේ දුක යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! ඒකාන්තයෙන්ම අපට ඉපදීම උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ඉපදීම අප කරා එන්නේ නැත්නම් කොයිතරම් අගෙයිද!’ කියල. එහෙත් එය කැමැත්ත තිබුණු පලියට උදා කර ගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය තමයි කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, වයසට යෑම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! ඒකාන්තයෙන්ම අපට නාකිවීම උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ජරාව අප කරා එන්නේ නැත්නම් කොයිතරම් අගෙයිද!’ කියල. එහෙත් එය කැමැත්ත තිබුණු පලියට උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය තමයි කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ලෙඩ දුක් වැළඳීම උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! ඒකාන්තයෙන්ම අපට ලෙඩදුක් උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ලෙඩදුක් අප කරා එන්නේ නැත්නම් කොයිතරම් අගෙයිද!’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පලියට උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය තමයි කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණය උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! ඒකාන්තයෙන්ම අපට මරණය උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම මරණය අප කරා එන්නේ නැත්නම් කොයිතරම් අගෙයිද!’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පලියට උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය තමයි කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට ආශාවක් ඇතිවෙනවා. ‘අනේ! ඒකාන්තයෙන්ම අපට ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම වෙන්නේ නැත්නම්. ඒකාන්තයෙන්ම ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් අප කරා එන්නේ නැත්නම් කොයිතරම් අගෙයිද!’ කියලා. එහෙත් එය කැමැත්ත තිබුණු පලියට උදා කරගන්නට පුළුවන් දෙයක් නොවෙයි. මෙය තමයි කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක.

කතමේචාවුසෝ සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථීදං: රූපූපාදානක්ඛන්ධෝ වේදනූපාදානක්ඛන්ධෝ සඤ්ඤූපාදනක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ. ඉමේ වුච්චන්තාවුසෝ සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චතාවුසෝ දුක්ඛං අරියසච්චං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ දුක ගැන හකුළුවා කීමේ දී පංච උපාදානස්කන්ධයම යි දුක කියල කියන්නේ කුමකටද?

එනම් මේ රූප උපාදානස්කන්ධය ය, වේදනා උපාදානස්කන්ධය ය, සඤ්ඤා උපාදානස්කන්ධය ය, සංස්කාර උපාදානස්කන්ධය ය, විඤ්ඤාණ උපාදානස්කන්ධය ය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි දුක පිළිබඳව හකුළුවා කීමේ දී පංච උපාදානස්කන්ධයම දුකයි කියල කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙය තමයි දුක නම් වූ ආර්ය සත්‍යය කියල කියන්නේ.

කතමඤ්චාවුසෝ දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉදං වුච්චතාවුසෝ දුක්ඛසමුදයං අරියසච්චං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද?

නැවත උපතක් කරා රැගෙන යන්නා වූ, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ගිය ගිය තැන දී සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. එනම් කාම තණ්හාවය. භව තණ්හාවය. විභව තණ්හාවය. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙය තමයි දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය කියල කියන්නේ.

කතමඤ්චාවුසෝ දුක්ඛනිරෝධං අරියසච්චං? යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. ඉදං වුච්චතාවුසෝ දුක්ඛනිරෝධං අරියසච්චං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද?

ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවම ඉතිරි නැතුව, නොඇල්මෙන්, නිරුද්ධ වෙලා යනවා නම්, අත්හරිනවා නම්, දුරුකරනවා නම්, ඒ ත්‍රිවිධ තණ්හාවෙන් නිදහස්වෙනවා නම්, ආලය නැතුව යනවා නම් එයයි. ප්‍රිිය ආයුෂ්මතුන් වහන්ස, මෙය තමයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කියල කියන්නේ.

කතමඤ්චාවුසෝ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද?

එය වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම යි. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.

කතමාචාවුසෝ සම්මාදිට්ඨි? යං ඛෝ ආවුසෝ දුක්ඛේ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛනිරෝධේ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියාපටිපදාය ඤාණං. අයං වුච්චතාවුසෝ සම්මාදිට්ඨි.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද, ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය පිළිබඳව යම් අවබෝධයක් ඇද්ද එයයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය කියල කියන්නේ මෙයටයි.

කතමෝචාවුසෝ සම්මාසංකප්පෝ? නෙක්ඛම්මසංකප්පෝ, අව්‍යාපාදසංකප්පෝ, අවිහිංසාසංකප්පෝ. අයං වුච්චතාවුසෝ සම්මාසංකප්පෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සංකල්පය යනු කුමක් ද?

කාමයන්ගෙන් නික්මීම පිළිබඳ යම් සිතුවිලි ඇද්ද, ඒ වගේම ව්‍යාපාදයෙන් තොර වූ යම් සිතුවිලි ඇද්ද, හිංසාවෙන් තොර වූ යම් සිතුවිලි ඇද්ද එයයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සංකල්පය කියල කියන්නේ මෙයටයි.

කතමාචාවුසෝ සම්මාවාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී. අයං වුච්චතාවුසෝ සම්මාවාචා.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වාචා යනු කුමක්ද?

බොරු කීමෙන් වැළකී සිටීමයි. කේළාම් කීමෙන් වැළකී සිටීමයි. පරුෂ වචන කීමෙන් වැළකී සිටීමයි. හිස් වචන කීමෙන් වැළකී සිටීමයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වාචා කියල කියන්නේ මෙයටයි.

කතමෝචාවුසෝ සම්මාකම්මන්තෝ? පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී. අයං වුච්චතාවුසෝ සම්මාකම්මන්තෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා කම්මන්ත යනු කුමක්ද?

ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමයි. සොරකම් කිරීමෙන් වැළකී සිටීමයි. වැරදි කාමසේවනයෙන් වැළකී සිටීමයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා කම්මන්ත කියල කියන්නේ මෙයටයි.

කතමෝචාවුසෝ සම්මාආජීවෝ? ඉධාවුසෝ අරියසාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. අයං වුච්චතාවුසෝ සම්මාආජීවෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා ආජීව යනු කුමක්ද?

මෙකරුණෙහිලා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවය දුරු කොට ඉතා ධාර්මික ලෙස ජීවිතය ගත කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා ආජීවය කියල කියන්නේ මෙයටයි.

කතමෝචාවුසෝ සම්මාවායාමෝ? ඉධාවුසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චතාවුසෝ සම්මාවායාමෝ.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වායාම යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් හටනොගැනීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.

හටගත්තා වූ පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.

හටනොගත්තා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා.

හටගත්තා වූ කුසල ධර්මයන් පවත්වා ගැනීම පිණිස, නැති නොවීම පිණිස, වැඩි දියුණු කරගැනීම පිණිස, විපුල බවට පත්කර ගැනීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කරගැනීම පිණිස, කැමැත්ත උපදවනවා. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත දැඩිකොට ගන්නවා. බලවත් උත්සාහයක යෙදෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වායාම කියන්නේ මෙයටයි.

කතමාචාවුසෝ සම්මාසති? ඉධාවුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. අයං චුච්චතාවුසෝ සම්මා සති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සතිය යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් කල් ගෙවනවා.

වේදනාවන් පිළිබඳව ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් කල් ගෙවනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සතිය කියන්නේ මෙයටයි.

කතමෝචාවුසෝ සම්මාසමාධි? ඉධාවුසෝ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති, සතෝ ච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චතාවුසෝ සම්මාසමාධි. ඉදං වුච්චතාවුසෝ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සමාධිය යනු කුමක්ද?

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්වීමෙන්ම, අකුසල ධර්මයන් ගෙන් වෙන් වීමෙන්ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සැපය ඇත්තා වූ පළමු වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, තම අභ්‍යන්තරයේ බලවත් පැහැදීමෙන් යුතුව, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත වූ, සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සැපය ඇත්තා වූ දෙවනි ධ්‍යානය ….(පෙ)…. තුන් වෙනි ධ්‍යානය ….(පෙ)…. හතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සමාධිය කියන්නේ මෙයටයි.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි.

තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. යදිදං ඉමේසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මන්ති.

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වා වදාළා. ලෝකයේ වෙන ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, ලෝකයේ වෙන කිසිම කෙනෙකුටවත් එය ආපස්සට හරවන්නට බැහැ.

ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් ප්‍රකාශ කිරීමයි. දේශනා කිරීමයි. පැණවීමයි. පිහිටුවා තැබීමයි. විස්තර කිරීමයි. විග්‍රහ කොට පෙන්වීමයි. උඩට ඉස්මතු කොට පෙන්වා දීමයි.

ඉදමවෝචායස්මා සාරිපුත්තෝ. අත්තමනා තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

සච්චවිභංග සුත්තං ඒකාදසමං.

ආර්ය සත්‍යය බෙදා දැක්වීම ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M